පැවති රජයේ වැරදි හෝ අතපසුවීම් නිදහසට හේතුවක් නොවේ… සියලු අභියෝග බාරගන්නවා..- ජනපති

February 21, 2020 at 4:40 pm | lanka C news
පැවති රජයේ වැරදි හෝ අතපසුවීම් නිදහසට හේතුවක් නොවේ… සියලු අභියෝග බාරගන්නවා..- ජනපති

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා මේ බව කීය.  “සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන් එය සංවිධාන කර තිබිණ.

සමෘද්ධි සහ කෘෂි නිලධාරීන් 176 දෙනෙකුට මෙහිදී  ස්ථීර පත්වීම් ප්‍රදානය කරනු ලැබීය. පසුගිය වසර පහේදී ස්ථීර පත්වීම් නොලද සමෘද්ධි නවක පත්වීම්ලාභීන් ස්ථීර කිරීමේ වැඩපිළිවෙළ යටතේ පත්විම් ප්‍රදානය කෙරිණ.

සමාජයේ සෑම ස්ථරයකටම අයත් ජනතාවට ජීවත්විය හැකි අයුරින් ආදායම් මට්ටම නැංවීම රජයේ අරමුණයි. එහි එක් පියවරක් ලෙස අඩු අදායම්ලාභී පවුල්වල සාමාජිකයන් ලක්ෂයකට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන සැලසුම් කර තිබේ.  පිරිස තෝරාගැනීමේ දී සමෘද්ධි  සහ කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සහය අවශ්‍ය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

“අපේ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 15ක්. ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද සඳහා වැය කරන්නේ මහජන මුදල්. විධිමත් අයුරින් රාජ්‍ය ආදායම මහා භාණ්ඩාගාරයට ලැබෙන්නේනම් සියලු අංශවල වරප්‍රසාද සහ අයිතීන් සහතික කරන්න පුළුවන්. රජයක් ලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් දීනා දීමට සූදානම්. රාජ්‍ය සේවකයන් සිය වගකීම  රට වෙනුවෙන් ඉටු කළ යුතුයි”. ජනාධිපතිතුමා පැවසීය.

ජන ජීවිතය පහසුකිරීමේ ප්‍රයත්නයට හවුල්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි. සිය දැනුම ඝෘජුවම රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගනිමින් ජනතාවගේ ජීවන තත්ත්වය සහ රටේ ආර්ථිකය දියුණු කළ හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

“කෘෂි ක්ෂේත්‍රයේ දෙවන පරපුරක් බිහි නොවීම ගැටලුවක්. යටිතල පහසුකම් සංවර්ධනය නොවීම සහ නිසි වෙළෙඳ ‍පොළක් නොතිබීම, වෙ‍ළෙඳපොළ ඒකාධිකාරිය හා පවතින පහසුකම් නිසි අයුරින් කළමනාකරණය නොවීම ඊට බලපා තිබෙනවා. ක්ෂේත්‍රයේ ගැටලුවලට විසදුම් දෙමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීම කඩිනම් කළ යුතුයි” ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

විවිධ නීති රීති සහ තහංචි නිසා ජනතාව පීඩාවට පත්ව සිටිති. එවැනි නීති ලිහිල් කරමින් ජන ජීවිතය පහසු කිරීම රාජ්‍ය සේවකයන්ගේ වගකීම යැයි ද ජනාධිපතිතුමා පැවසීය.

“පසුගිය රජයේ වැරදි හෝ අතපසුවීම් වර්තමාන රජයේ නිදහසට හේතුවක් කරගන්නේ නෑ. ඒ අදුරදර්ශී පාලනය නිසා රටට මුහුණදීමට සිදුව ඇති සියලු අභියෝග ජය ගැනීමට සුදානම්. සියලු රාජ්‍ය සේවකයන්ගේ ශක්තිය ඒ සඳහා රජයට අවශ්‍යයි” ජනාධිපතිතුමා කීය.

එස්. මහානාම, අශෝක අලවත්ත අමාත්‍යාංශ ලේකම්වරු , සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්, සමෘධි මහා සංගමයේ ලේකම් ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ සාමාජිකයෝ හමුවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ

19,411 Viewers

7 Comments to “පැවති රජයේ වැරදි හෝ අතපසුවීම් නිදහසට හේතුවක් නොවේ… සියලු අභියෝග බාරගන්නවා..- ජනපති”

  1. kawinda says:

    niweradi dharshanayak thibena obata janathaa hada gesma hondin wetahenawa. kaatawath awalaada nokiya barapathalakama dena gena abhiyoga jaya gannata idiriyata pemini obathumaata rate janathaawa 2/3 balaya denawa.. denawaamai. jayavewa..!

    • Amda says:

      අන්න නියම නායකයො!

      කලින් හිටපු එකා නම් ආපු දවසෙ ඉඳන් නාහෙන් ඇඬුවා, බැන්නා, අපිට කේලම් කිව්වා, ජනතාවටත් දෙස් දෙවොල් තිබ්බා ..හරියට අපි ආන්ඩු කරනවා ඌ බලාගෙන ඉන්නවා වගේ …..
      ඒ මල ඇඬියාවට රටත් මූසල වෙලා ගියා.

      පිස්සෙකුයි පුස්සෙකුයි කාපු රට අපි මෙතුමාට බාර කලා…
      මෙතෙක් වැඩ පිලිවෙල ගැන සතුටුයි………ඒත් සමහරුන්ගෙ වැඩ නිසා මෙතුමාගෙ වැඩ පිලිවෙල නිකන් බාල කරන ගතියක් පේනවා……විශේශයෙන් කලින් හිටපු නිල මැස්සො වටේ කැරකෙනව වගෙත් පේනව.
      ඒවායින් මෙතුමා ආරක්ශා කර ගත යුතුයි.

  2. Max says:

    මහත්තයෝ, කියවලා මදි පටන් ගත්තු කාලේවගේ කරවලා පෙන්නන්ඩ. හොර නිලධාරීන් ඔබ තුමාගේ කනෙන් රිංගනවා. එක නවත්වලා උන්ගෙන් වැඩ ගන්ඩ. නැතිනම් මහා චන්දෙ 2/3 තියා දිනීමත් අමතක කරන්ඩ.

  3. "හංසයාගේ පූට්ටුව" says:

    එහෙමනම් සර්…
    ජිනීවා කොමිසම ලංකාවෙන් මේවත් ඉදිරියෙදි ඉල්ලයිද සර්..??
    1. “හලාල්-ලාංචනය” රටේ අනුමත කිරීම..
    2. “සිංහ කොඩියේ” ‘කොටි’ ලංචනයද ඇතුලත් කිරීම..
    3. ” බුරුකාව ” ඇඳීම රටේ ඉහලින්ම පිලිගැනීම.
    4. දවස ආරම්බය සෑම ටීවී හා රේඩියෝ එකකම දෙමළ බසින්
    …..ජාතික ගීය ගැයිමට අමතරව කූරාණයද කියවීම..
    5. සෑම පන්සලක් ලඟම ‘කෝවිලක් ‘ හැදීමට දී ඇති
    ….නිදහස පන්සලක් ලඟ ” මුස්ලිම්” පල්ලියක් හැදීමටද කිසිම
    …..බාධාවක් නොකිරීම.. ( මාලිගාව ලඟ )
    6. ‘ සමලිංගනයට’ රාජ්‍ය අනුග්‍රහය දක්වා නීතිගත කිරීම..
    7. ‘ගණිකා වෘර්තියට’ රාජ්‍ය අනුග්‍රහය දක්වා නීතිගත කිරීම හා
    ….ඊට අදාල පෙරහුරු පාඨමාලා ආයතන පැවැත්වීමට අවසර දීම..
    8. පෝය දිනවලට සුරාසැල් වැසීමට අනුබල නොදීම..
    9. ‘ගංජා’ බාවිතයට නීතියෙන්ම අනුමැතිය දීම..
    10. “සිංහ කොඩිය” දෙමළ ‘කොටි’ කොඩිය.. ‘හලාල්’ ලකුණ දරණ
    …..කොඩිය ‘ සමලිංගික’ කොඩිය පාර්ලිමේන්තුව ඉදිරිපිට සැමදාම දර්ශනය කිරීම…

  4. ඡන්ද දායකයා says:

    Piliaran wadaka nahane ජනාධිපතිතුමා. Karuna kara mmc athsan karanne naha kiyala kiyanna.
    පරිසරය, කඩොලාන, වනාන්තර, සතුන් wanaseema nawathwanna. Project walta kiyala kale kapanna maha loku deyak naha lankawe ithuriwela.
    Haj yanna discount dunna, madrasa neethi gathakala, sainmadura wade athhitawanna ai gazette kale? අන්තිමට baluwama sinhala chanda aran wadiyama karala thiyenne muslim ewuntane.

    Pasku bomba wade hangihora adinawa, badumkare gana hari deyak wenne naha.

    2/3 dunnoth dan karana waradi thawath lokuwata karai neda

    Dukai oba thumagana loku බලාපොරොත්තු thibba apita.

  5. Open mind says:

    එතුමාගේ උත්සාහ අගයමි. නිවේදනයේ සඳහන් ‘පසුගිය රජයේ’ යන්න ‘පසුගිය රජයන්’ ලෙස විය යුතු යැයි සිතමි.

  6. athi says:

    bandula gunawardana slbc eke pohottuwe unta puke ari…………….mehema balu media minister kenek jewitheta awe na …..mahinda edath henchaio tikak thiyagena..slfp unta gahuwa adath gahanawa pohottuwe union walata….minihata union one chande wenakan witharai

Main News