පැහැර ගත් බව කියන ලාංකික කාන්තාව ස්විස් තානාපති කාර්යාලයේ සිර කරගනී…. කට උත්තරයක් ගන්න නොදී ඝාතනයද කිරීමේ ඉඩක්..

December 1, 2019 at 9:20 am | lanka C news
පැහැර ගත් බව කියන ලාංකික කාන්තාව ස්විස් තානාපති කාර්යාලයේ සිර කරගනී…. කට උත්තරයක් ගන්න නොදී ඝාතනයද කිරීමේ ඉඩක්..

පැහැර ගත්තා කියලා කියා ගන්නා අදාල කාන්තාවගේ සෞඛ්‍ය තත්වය උඩ සාක්ෂි දෙන්ඩ සුදුසු තත්ත්වයක නෑ යනුවෙන් තානාපති කාර්යාලය තීන්දු කරයි.

ඒ අනුව වුණා කියන සිදුවීමට පසු දින 5 ක් ගිහිල්ලත් පොලිසියට සාක්ෂි දෙන්න සිවිස්ටර්ලන්ත තානාපති කාර්යාලයෙන් ඉඩ ලබා දී නැත.

සිදුවුණා කියන අපරාධය වුණා කියන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ය. නැතිව ස්විස් ජාතිකයෙකුට නොවේ. (The local embassy employee was reportedly…)

එසේම එය සිදුවුණා කියන්නේ ශ්‍රී ලංකාවේ භූමිය තුළයි. නැතිව තානාපති කාර්යාල පරිශ්‍රයේ නොවේ. (…in a street in Colombo)

ශ්‍රී ලාංකික පුරවැසියා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ රස්සාවක් කරයි. නැතිව ඇය තානාපති කාර්යාලයේ තානාපති නිලධාරියක් නොවේ.

අපරාධයක් වූ වහාම ශ්‍රී ලංකාවේ නීතිය අනුව එහි සාක්ෂි විමර්ෂණය කිරීමට පොලිසියට ඉඩ දිය යුතු වේ.

වින්දිතයන්ගේ අවසන් සෞඛ්‍ය තත්ත්වය අනිවාර්යයෙන්ම පොලිසිය විසින් වාර්තා කළ යුතුය. ඊට හේතුව වින්දිතයන්ව ඝාතනය කරමින් එහි වරද විත්තිය පිට පැටවීමට ඉඩ ඇති නිසාවෙනි.

රජයේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත, සාක්ෂි ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ පොලිසිය විසිනි. පොලිස් සාක්ෂි විමසීමට කුමන හෝ තරාතිරමක අයෙක් බාධා කරන්නේනම් එය අපරාධමය වරදකි.

ඒ අනුව අදාල ශ්‍රී ලාංකික කාන්තාව බලා, ඇගේ සෞඛ්‍ය තත්ත්වය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පොලිසියට ඉඩ ලබා නොදීමෙන් ස්විස්ටර්ලන්ත තානාපතිවරයා ශ්‍රී ලංකාව තුළ අපරාධමය වරදක් සිදුකරයි.

ස්විස් තානාපතිවරයාට යම් විදිහකින් ශ්‍රී ලංකා පොලිසිය ගැන විශ්වාසයක් නැත්නම් තවදුරටත් ශ්‍රී ලංකාවේ ‍රැඳී සිටින්නේ ඇයි? ඒ අනුව පොලිසිය ගැන විශ්වාස නැති නිසා සාක්ෂි දෙන්න ඉඩ නොදී ඉන්නවා කියන්නේනම් එය පට්ට පල් බොරුවකි.

ස්විස් තානාපති, ශ්‍රී ලාංකික පුරවැසියෙකුව හංගගෙන ඉන්න තානාපතිවරයෙක් ද නැතිනම් වහල් හිමියෙක් ද?

ඇත්තටම සිදුවී ඇත්තේ සිවිස්ටර්ලන්ත තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකික කාන්තාවක්ව බලහත්කාරයෙන් හංගාගෙන සිටීම නොවේද…

එසේ කිරීමට හේතුව ඒඩ්‍රියන් කන්දප්පා නැමැති අපරාධකරුට ශ්‍රී ලංකාවේ නීතියට පිටින් ස්විස්ටර්ලන්තයට පැනීමට වීසා හදා දීම නිසා තානාපති කාර්යාලයට සිදුවුණ ලැජ්ජාව වසන් කර ගැනීමට බවටත්, අසනීප තත්වයක් කියලා සාක්ෂි දෙන්න නොහැකියි කියන්නේ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මෙම රඟපෑම හෙළි වෙන නිසා බවටත් සාධාරණ සැකයක් ඇති වේ.

– Sinhala Buddhist FB

236 views

25 Comments to “පැහැර ගත් බව කියන ලාංකික කාන්තාව ස්විස් තානාපති කාර්යාලයේ සිර කරගනී…. කට උත්තරයක් ගන්න නොදී ඝාතනයද කිරීමේ ඉඩක්..”

  1. CIA says:

    Human Right issue . Inform the Geneva Hsn right council of case and storm the embassy . Mr President don’t be silent .this is a hostage drama .

  2. Sam says:

    එහෙනම් එයාටත් ස්විස් වීසා ලැබෙයි වගේ ….
    ඊළඟට කවුද ?

    • country man says:

      The best move is to block all escape routs. May be the embassy is trying to cover up some thing bad that has happened to a local employee.( a lady ).Should keep a few C.I.D. officers close by,to stop any suspicious movements or boxes being moved.

    • තව පෝලිමක්ම ඉන්නවා…එදත් හිටියා….හෙටත් ඉදියි…ඒත් මේ පින් බිමට තෙරුවනේ ආරක්ෂාවත්, සියලු දෙවි දේවතාවුන්ගේ බැල්මත් ඇති තාක් කල් මෙරට විනාශ කිරීමට ඔය හිවලුන්ට නොහැක…
      ජනතාව ධර්මයෙහි හැසිරීමෙන් මේ රට සුරක්ෂිත වේ. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මයෙන්ම රැකෙන බැවිනි.

  3. lanka says:

    This is very well planed act of swizz embassy & few other embassies together. They want to blame on this government & make it harder to face international community. Truth will come out soon. Government should be prepare for this type of dirty tactics from western nations. After all they don’t give dame about my country.

  4. guru says:

    රාජිතට භාර දුන්නානම් ඔයිට වඩා හොඳට ඕක කරන්න තිබුණා

  5. Gonsun says:

    You bloody Swiss Bums, you live on illegal money of dictotors.
    They rob countries and deposit in your banks.
    You loan that money to World Banks and get interests.
    Shame on you Swiss Bums.
    May your country get the European plague.

    • Critic says:

      Absolutely correct! I agree with you 100%. So let me add something to your comment is that the Switzerland is one of the hubs of the world’s terrorisms.

  6. සරා says:

    විදේශ ඇමති විසින් ‌ෙමෙම තානාපතිවරයා වහාම කැදවා ඇතිවෙලා තියෙන තත්වය ගැන විමසිය යුතුයි ‌ෙමෙි රගන්නේ ‌ෙබෙදුම්වාදින්ගේ උවමනවයි

  7. This is our country who left the country without respecting the law of the country

  8. aniwa says:

    Gota sir needs to shut down all foreign embassies ! we don’t need any of their foreign forces.
    jay wewa sir !

  9. Amal says:

    විදේශ රටවල නම් එම රටවල තියෙන තානාපති කාර්යාල වල වැඩ කරන අය ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචි විය යුතුයි. එවිට තම රටට අගතියක් නොවන ලෙස හැසිරෙනවා කියා දිවුරුමක්ද දිය යුතුය. සමහර රටවල ඇපයක්ද අත්සන් කරගනි