පැහැර ගැනීමට ලක්වූ නිලධාරිනිය ජිනීවා ගෙන යෑමේ සැලසුමක්…

December 3, 2019 at 3:00 pm | lanka C news
පැහැර ගැනීමට ලක්වූ නිලධාරිනිය ජිනීවා ගෙන යෑමේ සැලසුමක්…

පැහැර ගැනීමකට ලක්වී ලිංගික හිංසනයට ද ලක්වූ බව කියන කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ ශී‍්‍ර ලංකා නිලධාරිනිය වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් නොකර ජිනීවා නුවරට ගෙන යෑම සඳහා ස්විස් නිලධාරීන් සැලසුම් කරන බව ආරංචි මාර්ග හෙළි කළේය.

ඇයව වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ස්විස්ටර්ලන්තයට ගෙනයන බව ස්විස් තානාපති වොන් රජයට දන්වා තිබේ. මෙම නිලධාරිනියගේ අනන්‍යතාව ස්විස් තානාපති කාර්යාලය මෙතෙක් ශී‍්‍ර ලංකා රජයට හෙළිකර නැත.

එහෙත් ඇය මිසින් ජේ නමින් හඳුන්වන තැනැත්තියක බව හෙළිකිරීමට දිවයිනට හැකිවී ඇත. තානාපති මුක්තිය නැති මේ කාන්තාව පසුගිය නොවැම්බර් 25 දා සිට ස්විස් තානාපති කාර්යාලයේ රඳවාගෙන ඇති අතර ඇයට අදාළ සියලූ තොරතුරු ස්විස් තානාපති බලධාරීන් වසන් කර තිබේ.

ඇය පැහැර ගැනීමට ලක්වූ බව කියන ප‍්‍රදේශයේ ඔස්ටේ‍්‍රලියානු සහ ජපන් තානාපති කාර්යාල ඇතත් එම තානාපති කාර්යාලවල කිසිදු ආරක්‍ෂක නිලධාරියෙක් එම පැහැර ගැනීමක් දැක නැත.

මෙම කාන්තාව ස්විස් තානාපති කාර්යාලයේ සංක‍්‍රමණික නිලධාරියා යටතේ සේවය කරන තැනැත්තියක් බවත් සංක‍්‍රමණිකයන් ස්විස්ටර්ලන්තයට යෑමට නිර්දේශ කිරීමට අවසර නියමව තිබූ බවත් ඉහළ පෙළේ ආරංචි මාර්ග දක්වයි.

– divaina

40,928 Viewers

10 Comments to “පැහැර ගැනීමට ලක්වූ නිලධාරිනිය ජිනීවා ගෙන යෑමේ සැලසුමක්…”

  1. SL says:

    Gvt is not pressing embassy enough.They must expel those who are not supporting the investigation.
    they may issue a new diplomatic passport and try to sneak through!
    If sneaked out all in Swiss embassy shall be kicked out!

    • Naveen says:

      Yes true, recently Swiss embassy official had taken away a little daughter of this lady against medical advice from a leading private hospital in colombo.her grand mother was the guardian, She too had gone with them, apparently this girl is a 7 yr old student of st Bridget college. I’m sure they all will leave the country on Swiss passports.

  2. Dilshan says:

    Ask Datha he knows all the details

  3. MD says:

    Pahugiya dinawala Embassy ekata awa giya wahanawala oya kiyana kantawa aragena gihin wena kenek genath dalada kiyala kawwda danne.

  4. Dilshan says:

    It’s looks like Swiss embassy has lot to cover up. That’s why they are doing all these nonsense. This is a democratically elected government not a dictatorship why are they so scared and hide everything? Since Swiss boast about impartiality of their country and super Democrazy why can’t they do everything democratically and in a transparent manner?

  5. අභිත says:

    පරාජිතයාගේ දෙවෙනි ඉනිම.

  6. Leave me says:

    Rajitha’s defeated attempt

  7. අක්බාර් ලොක්කා says:

    මට පේන්නෙ තානාපති කෙල්ල එක්ක පොඩි සිලිං බිලිං එකක් තියෙනව වගේ . අන්තිමට උස්සල තියෙන්නෙ පොරම නේ

  8. ලංකාවම අප කීර්තියට says:

    කෙටිම විසඳුම…
    පසුගිය මාසයේම ස්විස් තානාපති කාර්‍යාලයේ දර්ශන පරීක්‍ෂා කරල බලන්න.. එවිට ඔතැනට ගිය අයත් එලියට ආව අයත් බලලා හදිසියෙම එලියට නාපු මුහුන සොයාගත හැකිය.
    ඉන්පසුව මේ පිලිබඳව කටට පිස්තෝලය ඔබා තර්ජන කලා කියන දත්ත රාජිතට ලැබුන විදිය සොයා බලන්න!
    රාජිත මේ විදියට දේවල් කියල ලංකාවම අප කීර්තියට පත්කරනවා..!
    රාජිත ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනි කරන දේවල්වලට!

  9. මාතර සුනිල් says:

    ස්විස් තානාපති නීති විරෝධී අයුරින් කටයුතු කරඇති බවයි හැගෙන්නේ. රටකට විරුද්දව කටයුතු කිරීම සබන්දයෙන් කරුණු විමසා රටින් පිටුවහල් කලයුතුයි. ප්‍රේමදාස යුගයේදී තානාපති නිලදාරියෙක් පිටුවහල් කලා.

Leave a Comment

Main News