පෑන් එෂියා බැදුම්කර බලපත‍්‍රය අත්හිටුවයි..

August 16, 2017 at 10:40 am | lanka C news
පෑන් එෂියා බැදුම්කර බලපත‍්‍රය අත්හිටුවයි..

බැදුම්කර සදහා ප‍්‍රාථමික ගැණුම්කරුවෙකු ලෙස කටයුතු කල පෑන් ඒෂියා බෑන්ක් කෝපරේෂන්හි බලපත‍්‍රය හය මාසයක කාලයක් සදහා අත්හිටුවීමට ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.

මහ බැංකුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ප‍්‍රශ්ණගත පර්පචේචුවෙල් ට‍්‍රෂරීස් ආයතනය සමග රජයේ සුරැකුම්පත් වෙලදපලේ සිදු කරන ලද ගණුදෙනු සම්බන්ධයෙන් කල විමර්ශණයකින් පසුයි.

කෙසේ වෙතත් මෙම තහනම හේතුවෙන් පෑන් එෂියා බැංකුවේ සාමාන්‍ය බැංකු කටයුතු කරගෙන යාමට බාධාවක් නැතැයිද මහ බැංකුව කියා සිටී.

32 views
Main News