පෑලියගොඩ මත්ස්‍ය වෙලදපලේ පිරිසක් පරීක්‍ෂණ, නිරෝධායනය බෑ කියා කුණු ඇලෙන් පීනා පලා යයි.. ඇතැමුන් මත්කුඩුවලට ඇබ්බැහි වූවන්..

October 23, 2020 at 2:10 pm | lanka C news
පෑලියගොඩ මත්ස්‍ය වෙලදපලේ පිරිසක් පරීක්‍ෂණ, නිරෝධායනය බෑ කියා කුණු ඇලෙන් පීනා පලා යයි.. ඇතැමුන් මත්කුඩුවලට ඇබ්බැහි වූවන්..

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආසාදිතයන්ගේ අශ්‍රිතයන් පිරිසක් නිරෝධායන ප්‍රතික්ෂේප කර පලා ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඊයේ දිනයේ යුධ හමුදා සහාය ඇතිව බස්රථවලින් එම ආශ්‍රිත පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වල පිටත් කර හැරීමේ අවස්ථාවේදී මෙම තත්ත්වය ඇති වී තිබේ.

එම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කළ 18 දෙනකුට වඩා වැඩි පිරිසක් වෙළඳ සංකීර්ණය අසල ඇති අපවිත‍්‍ර ජලය ගලා යන ඇළ මාර්ගයට පැන එගොඩට පිහිනා පලාගොස් තිබේ.

ඔවුන් සොයා ගැනීම සඳහා පොලීසිය සමග මහජන පරීක්ෂකවරුන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එසේ නමුත් ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නැවතත් දුරකථනයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අමතා ක්‍රියාවලිය සමඟ නැවතත් සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇත.

මෙසේ පලා ගොස් ඇති ඇතැමුන් මත්කුඩු පානයට හුරු ඇබ්බැහි වූ පුද්ගලයන් බව ද හෙළි වී ඇත.

40,273 views

5 Comments to “පෑලියගොඩ මත්ස්‍ය වෙලදපලේ පිරිසක් පරීක්‍ෂණ, නිරෝධායනය බෑ කියා කුණු ඇලෙන් පීනා පලා යයි.. ඇතැමුන් මත්කුඩුවලට ඇබ්බැහි වූවන්..”

  1. kamal says:

    මහා සංඝරත්නය අමතන අජාසත්ත
    හිමිවරුනේ විධායකය ගැන බුදු හාමුදුරුවො කිව්වෙ මොකද. එය ධර්මය ගැන කියපු කතාවයි විධායකයේ අණ සංගත වෙන්න ඔනේ. ධර්මය එකිනෙකට එකක් ස්වාමින් වහන්සේ විඤ්ඤාණයට සංගත නොවෙන්න පුලුවන්. නමුත් ප්‍රඥාවට රජාට බලය යැම සංගතයි. හාමුදුරුවනේ සිංහල නිතියයි ඉංග්‍රිසි නිතියයි හදාරන්න ඔන්නෙ නැ සාමාන්‍ය දැනුම. විධායකට බලය දිම සිංහල නිතියේදි නිතිය හා පද්ධතිය එකිනෙක සංගතයි. නමුත් ඉංග්‍රිසි නිතියේදි නිතිය හා පද්ධතිය සංගත නැ. හාමුදුරුවන්ට බණ කියන්න ඔනෙ නම් මම බණ කියන්නම්. නමුත් හාමුදුරුවනේ එතකොට කමල් සරණ ගියාට සංඝයා සරණ යන්නෙ නැ. ඒක හින්දා මම නවතින්නම්.

    • ක්‍රිමිනල් says:

      මූව අංගොඩට දක්කන්න එකේක් නැති හැටි අම්මපා.

  2. ක්‍රිමිනල් says:

    මාළු කපනකොට මූන අල්ලන්නෙපා යකුනේ..අම්මො සාන්ත ඒක..😂😂😂

  3. වෙබ් බුවා says:

    මොවුන් නිසා ජනතාව අනතුරට පත්කල නොහැක .වෙඩිතබා මරා දමන්න

  4. Nilame says:

    They’re dangering whole society ,shoot drug addicters as done by president Rodrigo Duterte in philippines.

Main News