පෑවිල්ලෙන් වැව් හිදේ.. මිය ගිය මාළු විකිණීමේ ජාවාරමක්…

June 21, 2019 at 2:03 am | lanka C news
පෑවිල්ලෙන් වැව් හිදේ.. මිය ගිය මාළු විකිණීමේ ජාවාරමක්…

වව්නියාව දිස්ත්‍රීක්කයට බලපා ඇති අධික පෑවිල්ල හේතුවෙන් වැව්වල ජලය සීග්‍රෙයන් අඩුවන අතර ඇතම් වැව්වල මාළුද අධික උෂ්ණත්වය හේතුවෙන් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇත.

වව්නියාව මූනාමඩු වැවේ සිටි සියලුම මසුන් මිය ගොස් ඇති අතර එසේ මිය ගොස් ඇති මාසුන් එකතු කොට ඇතම් පිරිස් විසින් විකිණීමට පටන්ගෙන ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ.

මසුන් මිය යාමට හේතුව සොයා බැලීමට ගිය වව්නියාව මහජන පරික්ෂක වරුන් පවසා සිටියේ වැවේ ජලය අඩුවීමත් සමග අධික පෑවිල්ල නිසා ජලය අධික ලෙස රත්වීමෙන් මසුන් මිය ගෝස් ඇති බවටත් එසේ මිය ගිය මසුන් ඇතම් පිරිස් විසින් විකිණීම නිසා එම මසුන් එකතු කොට වලදැමීමට පියවර ගත් බවටත්ය.

පවතින අධික පෑවිල් හේතුවෙන් වවුනියාවේ තවත් කුඩා වැව් කිහිපයක ජලය සීග්‍රෙයන් අඩුවී යාමත් සමග වැව් ආශයෙන් එදිනෙදා කටයුතු සිදුකරන සාමාන්‍ය වැසියන්ද දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

129 views
Main News