වතුර කපයි.. වේලාව SMS හරහා.. ලියාපදිංචිය මෙහෙමයි..

February 22, 2020 at 12:40 pm | lanka C news
වතුර කපයි.. වේලාව SMS හරහා.. ලියාපදිංචිය මෙහෙමයි..

පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා ජල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම අසීරු බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ හේතුවෙන් සිදුකරන හදිසි ජලය අත්හිටුවීම ඇතුළු තොරතුරු දැනුම් දීමට කෙටි පණිවිඩ සේවාවක් මණ්ඩලය විසින් ආරම්භ කර ඇත.

මෙම සේවාව සදහා ලියාපදිංචි වීමට ජල පාරිභෝගිකයන් තම ජංගම දුරකථනයෙන් බිල්පතේ ගිණුම් අංකය 0719399999 යන අංකයට කෙටි පණිවිඩයක් යොමු කළ යුතුය.

මෙම කෙටි පණිවිඩ සේවාව මගින් ජල බිල්පත් ගාස්තු, අත්හිටුවීම් ඇතුළු තොරතුරු ලබා දෙන බව මණ්ඩලය සඳහන් කරයි.

20,402 Viewers

5 Comments to “වතුර කපයි.. වේලාව SMS හරහා.. ලියාපදිංචිය මෙහෙමයි..”

  1. test says:

    වතුර තිබිල වැඩක් නෑ… වතුර කන්නද… තියෙන කැලෑ ටිකත් එලි කරල අපිට ගෙවල් හදල දියව්

  2. test says:

    කදුකර ජල පෝශක ප්‍රදේශ එලි කර කර පස නිසරු කරන තේ ගස් වවල දෙමලුන්ට ඉඩම් බෙද බෙද ජල පෝශක ප්‍රදේශ විනාස කරගෙන තේ කොල රට පටවල ගේන සල්ලි වලින් ආපහු පිට රටින් හාල් ගෙන්නගෙන කන රටක්… තව ටික කලකින් අපිට තේකොල සල්ලිවලින්ම වතුරත් පිට රටින් ගෙනත් බොන්න පුලුවන්… සින්ගප්පූරුවෙ වගේ…

  3. Ravindra Gamage says:

    just imagine If Sri Lankan politicians ruled the Middle East. They will never get water.

  4. 77 UNP says:

    ගම්පහ දිස්ත්‍රික්කයේ ජල ප්‍රශ්ණය සම්පුර්ණයෙන්ම වාගේ විසඳන්න පුළුවන් ජල යෝජනා ක්‍රමයක වැඩ අරම්භාකරලා තියෙනවා දැනටමත්. ඒකෙන් අත්තනගලු ඔයේ ඉහළ කොටසේ ජලාශයක් හදල වර්ෂා කාලයේදී අපතේ යන ජලය රැස්කරල තියාගන්න පුළුවන්, ගංවතුර පාලනය කරන්නත් පුළුවන්. නමුත් ඒ ප්‍රදේශයේ ඉඩම් පවරගන්න බැහැ නන්නත්තාරවෙලා ඉන්න හිටපු බලවත් ගැහැණියක් ඊට විරුද්ධ බව තමයි දැනගන්න තියෙන්නේ. (ඔයවගේ උන් තමයි අපේ නායකයෝ. ඒ විතරක් නොවෙයි මෝඩ අපතයෝ උන්ගේ ද්‍රෝහී දරුවන්වත් නායකයෝ කරන්න හිතනවා.)

    • Nishantha says:

      Very true that women send her children to International school. She got the road where this school located in Colombo 7 closed to traffic, and only the residents could enter after body sweep and vehicle checked. Thousands of people each day suffered becuse of that. And it’s because her children studied there.
      Those two anti Sinhalese children studied like that. To gurad this barrier Navala Nihal (famouse thug who got eventually murdered by a rival group) given status of PSD officer and stationed there. This is the real history of this woman

Main News