පෑවිල්ල දරුණු වෙයි.. හමුදා බවුසර යොදා වතුර බෙදයි..

September 13, 2018 at 2:06 am | lanka C news
පෑවිල්ල දරුණු වෙයි.. හමුදා බවුසර යොදා වතුර බෙදයි..

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට මේ දින වල බලපා ඇති නියං තත්වය හේතුවෙන් එහි ජනතාව දැඩි පානීය ගැටලුවකට මුහුණ පා ඇති හෙයින් එම ජනතාවට පානීය ජලය ලබා දීමේ වැඩසටහනක් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

කිලිනොච්චියේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන කරච්චි, කණ්ඩාවලෙයි, පච්චිලිප්පලෙයි,  පූනකරී කොට්ඨාශයන්හි සාමාන්‍ය වැසියන් පවුල් 25,000 කට අයත් පුද්ගලයින් 100,000 කට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බවට කිලිනොච්චිය ආපදාකලමනාකරන ඒකකය විසින් පෙන්වා දෙයි.

මේ අනුව කිලිනොච්චි ආරක්සක සේනා ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 57 වන සේනාංකයේ 571 වන බලසේනාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබලුන් විසින් ප්‍රදේශයේ පවුල් 350 කට අධික පරිසකට පලඹු පියවර වශයෙන් අවශ්‍ය පානීය ජලය ලබාදීම සිදු කල අතර ඊට අමතරව භාරතී පුරම් සහ අන්නායි සාරදා පාසල්හි සිසු දරුවන් වෙනුවෙන්ද පානීය ජලය ලබා දීමට පියවර ගෙන තිබුණි.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත ඉදිරියේදීද නියගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ජලය සැපයීමට යුද හමුදා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,431 Viewers

2 Comments to “පෑවිල්ල දරුණු වෙයි.. හමුදා බවුසර යොදා වතුර බෙදයි..”

  1. බන්ඩා says:

    වැස්සත් ම‌ෙි හ‌ොර පර ගැති බ‌ොරු යහපාලනයට එර‌ෙ‌හි ව‌ෙ‌ලා.

  2. Kadiya says:

    යමපාලන කාලකන්නින්ගේ ශාපය මේ රටට වැදී තිබේ. මෙහෙම ස්වාභාවික විපත් සිදුවූ යුගයක් ශ්‍රී ලංකා ඉතිහාසයේම තිබුණද? වසර 67 ක් වන මගේ ජීවිත කාලයේ මහාම ශාපයක් ලත් යුගය මෙයයි. බොරුව, වංචාව, හොරකම, පලිගැනීම, දුෂ්ඨකම, අශීලාචාරකම, පාවාදීම්, හෙළාදැකීම්, අපහාසකිරීම්, කුමන්ත්‍රණ කිරීම්, ආදී සියලුම අවකල් ක්‍රියා යහපාලනය නමින් සිදුකරණ ලද කාලය තුලදී දේව උදහස මේ රට කෙරෙහි යොමුවීම පුදුමයක් නොවේ.

Main News