පිංසිරිගේ බැරිබැරියාව අවසන්.. ගෝටාභය-මහින්දගෙන් බදු සහන වැස්සක්..

November 27, 2019 at 6:48 pm | lanka C news
පිංසිරිගේ බැරිබැරියාව අවසන්.. ගෝටාභය-මහින්දගෙන් බදු සහන වැස්සක්..

ජාතිය ගොඩනැඟීමේ බද්ද,උපයන විට ගෙවීම් බද්ද ඇතුළු බදු රැසක් අහෝසි කිරීමට අද(27) පැවති නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

අද පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ආණ්ඩුව සහන පැකේජයක් ජනතාව වෙත ගෙන ඒමට කටයුතු කර ඇති බවයි.

අද දිනයේ දී ආර්ථික පුනර්ජීවනය සඳහා ජනතාවට මෙම සහන පැකේජය ජනාධිපතිවරයා විසින් ලබා දි ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ජනතාවට මේ තුළින් හුස්ම ගැනීමට මෙන්ම ව්‍යවසාකයින්ට නව බලාපොරොත්තු රැසක් සමඟ මෙම යෝජනා සියල්ලට අගමැතිවරයා විසින් අනුමැතිය ලබා දී ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම සංශෝධන සඳහා වු ගැසට් නිවේදන හා අණපනත් ඉතා කඩිනමින් සැකසීම ආරම්භ වන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව, ගෘහස්ථ නිෂ්පාදන සඳහා වු භාණ්ඩ හා සේවා මත අය කළ ජාතිය ගොඩනැඟීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතනවලින් අය කරන හර බද්ද, කොටස් වෙළඳපොළ මත අය කරන ප්‍රාග්ධන බද්ද , උපයන විට ගෙවීම් සඳහා වන ආදායම් බදු, පොලී මත අය කරන විවිධ වාර්ගයේ ඇනවුම් බදු හා ණය සේවා බදු යන සියලු බදු වර්ග වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම සියලු දෙනා ගොඳුරු වෙන වක්‍ර බද්දක් වන සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීමට අනුමැතිය හිමි වු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

දෙසැම්බර් මස 1 වන දින සිට මෙම බදු සහන ක්‍රියාත්මක වෙයි.

වැට් අය කිරීමේ දී පිරිවැටුම සඳහා වු අගයානුකූල බද්ද මිලියන 1කට තිබූ බවත් එය දෙසැම්බර් 1 වන දා සිට මිලියන 25 කට වැඩි නම් පමණක් වැට් බද්දට යටත් වන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සුළු, මධ්‍ය පරිමාණ හා ඇතැම් විට මහා පරිමාණ ව්‍යාපාර පවා වර්ෂයකට මිලියන 300 ක පිරිවැටුමක් නැති නම් වැට් බදු ගෙවීමට යටත් නොවන බවත් බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

ඉදිකිරීමේ කේෂ්ත්‍රය සඳහා අය කරන ආදායම් බද්ද සියයට 28 සිට සියයට 14 දක්වා අඩු කර තිබේ.

ස්වාධිපත්‍ය දේපල මහල් නිවාසවල වැට් බද්ද සම්පූර්ණයෙන් අහෝසි කර ඇත.

සියලූම ආගමික ස්ථාන සියලූ බදු වර්ගවලින් නිදහස් කර තිබේ.

විදෙස් රටවලින් උපයාගෙන එන අදායම් සියල්ල බදුවලින් නිදහස් කර ඇත.

විදුලි සංදේශ ගාස්තුවලට අය කරන බද්ද සියයට 25 කින් අඩු කර තිබේ.

– adaderana

75 views

28 Comments to “පිංසිරිගේ බැරිබැරියාව අවසන්.. ගෝටාභය-මහින්දගෙන් බදු සහන වැස්සක්..”

  1. Susantha says:

    This all just temporary …. with out Tax how they going to earn money for Free Education, all forces and polices , Government sellers. free medication,

    • කිරිමෙල් says:

      Just wait and see, silence is gold (precious).

    • වෙරිසොරි says:

      බලහංකො කරලා පෙන්නන්නෙ නැද්ද කියලා. . වැඩබැරි පොන්න සමනලුන්ට තමයි බද්ද නැතුව මුකුත් බැරි.

  2. Modaya says:

    MOADA CHOON………….WHAT IS THE TOTAL LOSS OF INCOME TO THE GOVERNMENT FROM ALL THESE AND HOW DO YOU RECOVER THAT LOSS ?????

    • kiribatha says:

      Yes, one of their ministers ( Amaraweera) just yesterday said that government revenue is not even enough to pay for interests. After this policy, government would have an even smaller revenue. I am not sure what is going on.

  3. Keruma says:

    Jatiya Godanageeme Baddath Epaada ? …Nathnam Godanganna thiyena Jaatiyath Nathikaranawada ???

  4. සෙමා says:

    ඹ්වට බයොයෝ ටික අහුවෙයි නමුත් මොලේ තියෙන එකෙක් නම් දන්නවා ඕවා ඦන්ද ගුන්ඩු කියලා. ලබන මාර්තු වලින් පස්සේ තිබුණටත් වඩා වැඩි කරයි. දැනට ගෙවන්න තිබෙන ණය කන්දරාව ගෙවන්න මුදල් ආණ්ඩුවේ ඇමැතිලගේ ගෙවල් වලින්ද ගේන්නේ.

  5. Sirliak says:

    Udabalan Dena Badushana Kaawa Wage Nowei …Issarahata Wamaaaranakota

  6. Jayasundara says:

    Lokka ahaganna. Oya serama Arthika Gathakayage yojana.