පිං ජනාධිපතිලා, පිං ඇමතිලා, පිං මහ ඇමතිලා ඉන්න රටක් මේ.. යහපාලනය අතහැරි හරීන් ශ‍්‍රීලනිපය පට්ටා පතුරු ගහයි..

March 29, 2018 at 11:18 pm | lanka C news
පිං ජනාධිපතිලා, පිං ඇමතිලා, පිං මහ ඇමතිලා ඉන්න රටක් මේ.. යහපාලනය අතහැරි හරීන් ශ‍්‍රීලනිපය පට්ටා පතුරු ගහයි..

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බදුල්ලේ කොට්ඨාස 13න් 07ක් එජාපය ජයග්‍රණය කළද හොල්මන් බෝනස් ක‍්‍රමයත් එක්ක පොහොට්ටුවට බෝනස් 2යි පැරදුනු ශ්‍රීලනිපයට පිං බෝනස් 05යි.

නැවත වතාවක් කියනවා පිං ඇමතිලා පිං මහ ඇමතිලා පිං ජනාධිපතිලා ඉන්න රටේ පිං බෝනස් 05ක් ලැබී තිබෙන බව ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

එසේම රටේ යහපාලනය ක්‍රියාත්මක වෙන්නේ වාසි පැත්තට පමණක් නිසා තනතුරු තනාන්තරවලදී එජාපයට අභියෝග එල්ල කරන කණ්ඩායම් දේශපාලනය ඇත්තේ පුටුවල මිස හදවත්වල නොවන බව මතක තබාගත යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේක එජාපය දියාරු කරන්න හදන ගේමක්

පාර්ලිමේන්තුවේ තියෙන යහපාලනය ප‍්‍රාදේශීය සභාවලත් ක‍්‍රියාත්මක කළා නම් අපිට ජයග‍්‍රහණය කරන්න තිබුණා. නමුත් පාර්ලිමේන්තුවේ කරන්න පුළුවන් ප‍්‍රාදේශීය සභාවේ එක කරන්න බැරි වෙන්න හේතුව මොකක්ද? එතකොට මෙතන පැහැදිලිවම ගේමක් තියෙනවා. මේ ගේම එජාපය දියාරු කරන්න හදන එකක්. ඒක පැහැදිලි වෙන කාරණාව තමයි කාලෙකදී විශ්වාසභංග ගෙන එක. විශ්වාසභංගයේදී පරාජය කරන්න හදනවා. එක වෙලාවකට එක පැත්තකත් තව වෙලාවත තව පැත්තක හිට ගන්නවා. මුං මහා දෙපත්නයි. මේ දෙපත්නයි සරම අස්සේ දාගෙන තමයි එජාපයේ අපිට කෑවෝ කෑවෝ කියන්න වුණේ.

නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා

එජාපය වෙනස ආරම්භ කරපු දිස්ත‍්‍රික්කයක් මේක. අපිට ගහන්න ඇවිත් තමයි පොල්ල වරද්දගන්නේ කියන එක කියන්න ඕනි. මේ වෙලාවෙදි අපි සංවරව බොහෝම ඉවසීමෙන් නිකම් පිනට පත්වුණු නගරාධිපතිවරුන්ට සුභ ප‍්‍රාර්ථනා කරන අතරෙම ඔය පිං ඇමතිකම් ගත්ත අයටත් සුභ ප‍්‍රාර්ථනා කරනවා සතුටින් ඉන්න. අපේ ඇමතිකම් ඕනිනම් ගලවලත් ගන්න. හැබැයි මේවා පවක් හැටියට එහෙමත් නැත්නම් කරුමයක් හැටියට වගේම දිට්ඨධම්මවේදී කර්මය පඩිසන් දෙනවා කියන එකත් මතක් කරලා දෙන්න ඕනි.

පිංගුත්තර මහ ඇමතිලාට එජාපයේ සහයෝගය නැහැ

එජාපයට වැරදුනු තැන් හදාගන්න දැන්වත් කාලය තියෙනවා. එජාපයේ විශාල වෙනසකට අපිත් අතගහනවා. ඒ වෙනස තුළදී අවංකව හදවතින් එජාපයේ වෙනසක් කරන්න ඕනි කියන තැන බදුල්ලේ අපි ඉන්නවා. මේ කරපු නින්දිත දේශපාලනේ මං හිතනව කොන්ද නැති ඇමතිකම තියාගෙන යහපාලන ආණ්ඩුවේ ඉඳගෙන නගර සභාවේ මිනිස්සු වෙනත්වූ පිළිවෙතක් ගත කරන මිනිස්සුන්ට පාඩමක් උගන්නනවා. ඒ වගේම පළාත් සභාව තුළත් අදින් පස්සේ පිංගුත්තර මහ ඇමතිලාට එජාපයේ සහයෝගය නැහැ. ඒ නිසා අද පැහැදිලිව කියනකවා අදින් පස්සේ බලමු පිංගුත්තර මහ ඇමතිලා කොහොමද තමන්ගේ මහ ඇමතිකමේ ආසන එජාපයේ සහයෝගය නැතිව ඌව පළාත් සභාවේ බේරගන්නේ කියලා. පොහොට්ටුවේ නෙවෙයි මොකාගේ ඇඟේ හරි එල්ලිලා හරි මේ ශ්‍රීලනිපයේ දෙපත් වැඩ පිළිවෙළට විරුද්ධව අපි අනිවාර්යයෙන්ම නැගී සිටිනවා. මොකද එක පිඟානෙන් කාලා තමන්ගේ වාසියට අනිත් පැත්තට හැරෙන ඉතාමත්ම පහත් නින්දිත දේශපාලනයක් නිසා තමයි අද රට අරාජික තත්වයට පත්වෙලා තියෙන්නේ. බය නැතුව ඒක කියන්නට ඕනි. මේ ආණ්ඩුවේ මේ දේශපාලන ප‍්‍රතිපලය පොහොට්ටුවට යන්න මූලික හේතුව වුනේ ශ්‍රීලනිපයේ තිබුණු කිසිම ප‍්‍රතිපත්තියක් නැති දේශපාලනය නිසා.

අපිව පාවිච්චි කරන්න ශ්‍රීලනිපයට ඉඩ දෙන්නේ නැහැ

යහපාලනය කියන ප‍්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට එකක් සහ මෙතනට එකක් වෙන්න බැහැ. එහෙම නිකන් අපිව ටොයියෝ ගානට පාවිච්චි කරන්න ශ්‍රීලනිපයට මෙතනින් එහාට ඉඩ නැහැ. මගේ නායකයෝ මට මොනා කිවුවත් මේ සම්බන්ධයෙන් මොන විනය පියවරක් ගත්තත් අද මම කියන්න ඕන එකම එක දෙයයි ආණ්ඩුවක මහ ආණ්ඩුවේ එකකුයි පොඩි ආණ්ඩුවේ එකකුයි වෙන්න එජාපය මේ තරම් බලු විදිහට වැටෙන්න ඕනද කියන එක පිළිබඳ මට ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුවක් ගෙනාපු, ආණ්ඩුවක් ගේන්න විශාල වශයෙන් මහන්සි වුණු කෙනෙක් හැටියට මේ ජනාධිපතිවරු ගේන්න රැස්වීම් 110 ක විතර කථා කරපු මිනිහෙක් හැටියට අපිට මේවයේ හොඳ වෛර තියෙනවා. කඩු ගත්තයි කිවුවා. කඩු කැරකෙව්වයි කිව්ව ගුරුවරු දණගස්සුවයි කිව්වා. කිසි විනය පරීක්ෂණයක් තවම නොකෙරුවට දැන්නම් අපි කටවහගෙන ඉන්නේ නැහැ ජනාධිපතිතුමනි. අපිටත් දැන් පුංචි ප‍්‍රශ්නයක් තියෙනවාමේ යහපාලනය කියන එක ඇයි අපේ නගර සභා ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු වෙනුවෙන් ගෙනාවේ නැත්තේ කියන දුක අපිට තියෙනවා.

කට වහගෙන ඉඳීමේ න්‍යාය දැන් ඇති

අපේ අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග ගේනවා. ඒවා ඇතුලෙත් ගේම් ගහනවා. එජාපය වට්ටන්න උත්සාහ ගන්නවා. කට වහගෙන ඉඳීමේ න්‍යාය තව කොච්චර දුරට ද කියන ප‍්‍රශ්නය අපි තුළ තියෙනවා. අර වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා. ගහන්න ගහන්න වඳින එකත් මෝඩයාලු. මෙහෙම වැඳ වැඳ ඉන්න අවශ්‍ය නැහැ. ඊට වඩා හොඳයි එළියට බැහැලා කෙලින් කථා කරලා ඇත්ත නැත්ත කථා කරලා මේ වගේ අහිංසක දිස්ත‍්‍රික්කයක් දිනලා ඉන්න කොට ආසනයක් දිනලා ඉන්නකොට කොට්ඨාසයක් දිනලා ඉන්නකොට ඒවට ගේම් ගහලා එජාප පරාජය කරන එකම විකෘති මානසිකත්වයෙන් ඉන්න මිනිස්සුත් එක්ක තවත් මොන දේශපාලනයක්ද එජාපයට.”

ජයලත් දිසානායක – බදුල්ල
– lankanewsweb.net

45 views

13 Comments to “පිං ජනාධිපතිලා, පිං ඇමතිලා, පිං මහ ඇමතිලා ඉන්න රටක් මේ.. යහපාලනය අතහැරි හරීන් ශ‍්‍රීලනිපය පට්ටා පතුරු ගහයි..”

  1. chris says:

    ඇයි බොල පින්පී පිං අගමැතිල ඒක අමතක උනාද ? රට කනව උඹල සේරම.

  2. prasad says:

    avurudu wissak withara mahindata appa kala ariya nam thopi mokkuda yako hitanta..

  3. baduluputha says:

    me manussaya pathkala harak kauda? 5 panthiyawath passda?

Main News