පිටකොටුවේ බෝගහ කපා දමා වෙලද සංකීර්ණයක් හදන්න මරික්කාර් යෝජනා කරලා..?
August 26, 2018 at 10:40 am | lanka C news
කොළඹ කොටුවේ බෝගහ කපා ඉවත් කර, එම ස්ථානයේ වෙළද සංකීර්ණය පුලුල් කිරීමට තමන් යෝජනා කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා මේ වන විට පැතිර යන පුවත. කිසිසේත්ම නිවැරදි නොවන බවත් එය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත්, මෙවැනි මඩ ප්‍රචාර වලින් තමන්ව වට්ටවන්න සහ නැතිකිරිමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කරන ලද්දේ තම නිල ෆෙස්බුක් ගිණුම මගින් ප්‍රකාශයක් නිකුත් කිරීමෙන්ය.
විශේෂයෙන්ම කොළඹ කොටුව අයිති වෙන්නේ මැද කොළඹට බවත් සුපර් මාකට් එක අයිති වෙන්නේ කොළඹ මහානගර සභාවටත් නිසා තමන් මේ පිළිබදව කිසිම දෙයක් නොදන්නා බවට මෙන්ම අදාළ නැති බවත්, තමන් මන්ත්‍රීවරයෙකු වීමට ගුවන්විදුලි නාලිකාවක ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේදී පවා විහාරස්ථාන දියුණු කිරීමට මෙන්ම ලංකාවේ ප්‍රථම වරට රැ එළිවන තුරු ගුවන් විදුලියේ පිරිත් ප්‍රචාරය කිරීමට කටයුතු කළ බවත්, දැන් මන්ත්‍රීවරයෙකු ලෙසද ඉරිදා දිනයේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ එකම මන්ත්‍රීවරයා වන බවත් , මේ වගේ මඩ ප්‍රචාර මගින් විහාරස්ථාන දියුණු කරන්න, සම්බුද්ධශාසනයේ දියුණු කරන්න තමන්ගේ තියෙන කැපවීම නැති නොවන බවත්, මෙවැනි මඩ ප්‍රචාර වලින් තමන්ව වට්ටවන්න සහ නැතිකිරිමට නොහැකි බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
– මිනුර රෂාන්ත
හදවතට වඩා බුද්ධියෙන් සිතන ඔබගේ අවධානය වෙනුවෙනි….
Gepostet von S M Marikkar am Samstag, 25. August 2018
Good On you. Thanks for prompt answers with tangible examples. All the best. We need people like you.
ඔවු ඔවු අබූත චෝදනා. අපේ හෙල බොදු චන්දය ඔබටුමාට…
එසේ නම් දෙමට ගහා පල්ලියට අබසරණයි
යහපාලන කල්ලිය රාජපක්ෂ රජය පන්නා දැම්මෙිි පච කෝටියක් ජනතාවට දෙසා බා බව අද අති බහුතර ජනතාව පිළිගන්නවි
කාර්යබහුල ගිනියම් වූ විඩා බර නගරයේ දම් සිසිලෙන් හද තෙමෙන්නට හැමටම ඇති අති පූජනීය ස්ථානයකි මෙය.
චිරාත් කාලයක් වැජබෙන කොටුව බෝ සමිදුන් රැක ගැනීම මේ හා බැදී සියලු ජනතාවගේ පරම යුතුකමකි.
මරික්කාර් ඇමති තුමනි, බෝ සමිදුන් ඉවත් කරන්නට තරම් පව් සිතුවිල්ලක් ජනතා නායකයකු ලෙස ඔබ තුල ඇති වේයැයි නොසිතමි.
මේ යන විදියට තව ටික කලකින් එහෙම දේවල් වුනත් දවස් ගානකට පසු ජනතාව දැනගන්නේ. එදාටත් ඕක සුලුදෙයක් කන්න බොන්න මොනවා ලැබෙනවානම්.
“සුළු වාර්ගිකයන් බහුතරය බිය ගන්වා ඉල්ලීම් ලබාගැනීමට ක්‍රියානොකළ යුතුයි. අපි ඊට කිසිසේත් ඉඩනොදෙන්නෙමු – රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින්”