පිටකොටුවේ විරෝධතා.. මාර්ග හිරවේ..

October 7, 2016 at 12:40 pm | lanka C news
පිටකොටුවේ විරෝධතා.. මාර්ග හිරවේ..

රටේ ජීවන වියදම ඉහල ගොස් ඇති නිසා තම විශ‍්‍රාම දීමනාව ඉහල දමන්නැයි ඉල්ලමින් විශ‍්‍රාමිකයන් පිරිසක් මේ වන විට කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර ඇත.

ඉදිරි අයවැයෙන් තම ඉල්ලීම් ලබා දෙන ලෙසද විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටිති.

විරෝධතාවය හේතුවෙන් කොටුව අවට දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

43 views