පිටිදුවේ සිරිධම්ම මහ රහතන් වහන්සේ කෙලෙස් සපිරි මල්වතු මහනාහිමිට වැද සමාව ඉල්ලයි..[Video]

October 15, 2017 at 10:46 pm | lanka C news
පිටිදුවේ සිරිධම්ම මහ රහතන් වහන්සේ කෙලෙස් සපිරි මල්වතු මහනාහිමිට වැද සමාව ඉල්ලයි..[Video]

දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් විසින් මල්වතු මහ නාහිමියන් ප‍්‍රමුඛ එම නිකායේ කාරක සංඝ සභාවෙන් වැද සමාව ගනු ලැබීය.

සිරිධම්ම හිමියන් විසින් කරන ලද ධර්ම දේශනයකදී දලදා වහන්සේට හා ලළාට ධාතුන් වහන්සේටත් අපාසස කලේ යයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හා මල්වතු මහ නාහිමි ඇතුළු නාහිමියන් අපහසුතාවයට පත් කරමින් කරන ලද්දේ යයි කියන ප‍්‍රකාශ සම්බන්ධයෙන් මෙසේ සමාව ගනු ලැබීය.

අදාල චෝදනාවන් සම්බන්ධයෙන් සිරිධන්මම හිමියන් නිකායෙන් ඩවත් කිරීමට තීරණය කර ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස ලිඛිතව කරන ලද දැන්වීමක් අනුව මෙම සමාව ගැනීමද ලිඛිතව සිදුවිය.

තමන් සත්‍ය අවබෝධ කරගත් රහතන් වහන්සේ නමක් යයි නිතර දේශනා කරන පිටිදුවේ හිමියන් විසින් කෙලෙස් නොනැසු බවට උන් වහන්සේම කියන මහ නාහිමිවරු ඇතුළු කාරක සංඝ සභාව හමුවේ සමාව ගැනීම විශේෂය.

46,301 Viewers

56 Comments to “පිටිදුවේ සිරිධම්ම මහ රහතන් වහන්සේ කෙලෙස් සපිරි මල්වතු මහනාහිමිට වැද සමාව ඉල්ලයි..[Video]”

  1. මේධානන්ද හිමි says:

    වස බීව ද, ඉල්ලා අස්කර ගත්ත ද, දෙදන නමා වැන්ඳ ද අදටත් පෘථිවිය සූර්‍යා වටා භ්‍රමණය වෙමින් පවතී.
    සොක්‍රටීස් සම්භව්‍ය ග්‍රීක දාර්ශනිකයෙකි. බටහිර දර්ශනයේ නිර්මාතෘවරයෙකි. “කුමක් ද සද්ගුණය? කුමක් ද යුක්තිය? කුමක් ද සත්‍යය?” යනුවෙන් ප්‍රශ්නයක් අසන සොක්‍රටීස් එය දන්නවා යැයි සිතා උත්තර දෙන්නෙක් අල්ලා ගත් විට ඉතා ප්‍රමුදිත වෙයි. ඊළඟට ඔහු කරන්නේ ඒ උත්තර වල වැරදි සොයා පෙන්වීමයි. එසේ පෙන්වා දීමේ දී උත්තර දෙන්නට පැමිණි අය තමන් නොදන්නා බව වටහා ගනියි. සොක්‍රටීස්ගේ අරමුණ ද එය ම වෙයි. සංවාදය අවසන් වෙන්නේ නොදන්නා දේ ගැන සොයා යෑමේ කර්තව්‍යයට අනෙකා එකඟ වීමෙනි. ප්‍රඥාවට බොරු අයිතිවාසිකම් කියා ගන්නා අය හෙලිදරව් කිරීමට ඔහුගේ මුළු කාලයම වැය වින. තරුණයෝ ඔහුගේ සංවාද අසා ප්‍රීතියට පත් වූ නමුත් පාලකයන් අතර සිටි ධනවතුන් තම වැරදි හෙලිදරව් කරනවාට අකමැති වූහ.
    තමාට සුදුසු දඬුවමක් කියන්නට යැයි ජූරිය ඔහුට පවරන ලද විට සොක්‍රටීස් කිව්වේ ඇතිනියානු වැසියන් විසින් තමන්ට ප්‍රතිමාවක් හදා එය නගර චතුරශ්‍රයේ තැබිය යුතු බවයි. ජූරිය තවත් කෝපාවිෂ්ට වී ඔහුට මරණය නියම කළේ ය. තමන් ගත් තීරණය ගැන පසුව ලැජ්ජා වෙන ඔවුන් සොක්‍රටීස් මුර කරන්නට තැබූ මුරකරුවන් ඉවත් කර ඔහුට පළා යන්නට අවස්ථාව දුන්න ද, සොක්‍රටීස් ඊට එකඟ වූයේ නැත. පලා යෑමෙන් නීතිය කැඩුවහොත් තමා සියලු නීති වලට හතුරෙක් වෙන බව සොක්‍රටීස් පැහැදිලි කළේ ය. අවසානයේ ඔහු හෙම්ලොක් විෂ පානය කර මිය ගියේ ය.
    ඉතාලි ජාතික ගැලීලියෝ ගැලිලි භෞතික විද්‍යාවේ පියා සහ නූතන විද්‍යාවේ පියා ලෙස හැඳින්වේ. සඳු පෘථිවිය අසලින්ම භ්‍රමණය වන බවත්, පෘථිවිය එයට සමගාමීව සූර්‍යා වටා භ්‍රමණය වන බවත් පැවසුවේ වතිකානුවෙන් නැගී ආ මහා විරෝධය නොතකාය. ඒ වන විට හිරු, සඳු, තාරකා ගැන එකල විසූ පාදිලිවරුන් මහාචාර්‍යවරුන් සිතා සිටි මති මතාන්තර, ගැලීලියෝ විසින් පට්ටපල් බොරු බව ඔප්පු කරන ලදී.
    ගැලීලියෝ විසින් ඉදිරිපත් කල මතය සාවද්‍ය බව ප්‍රසිද්දියේ කියන ලෙස පාප් ඇතුළු වතිකානුවේ පාදිලිවරු පැවසුවේ ය. ගැලීලියෝට මෙවන් සාපරාධී මත අන් අයට කියා නොදෙන ලෙසට අවවාද කෙරිනි. පෘථිවිය සූර්‍යා වටා භ්‍රමණය වන වග මොනම අවස්‌ථාවකදීවත් සිය මුවින් පිට නොකරන ලෙසට නියෝග ලැබිනි. ඔහු රෝමයට ගෙන්වා ප්‍රසිද්ධ නඩු විභාගයක්ද පැවත් වූ අතර, කිසි විටෙක අසත්‍ය ඉදිරියේ හිස නොනැමූ ගැලීලියෝ තම මතයේම පිහිටා කටයුතු කරන ලදී. එහෙත් අධිකරණයේ බලහත්කාරකමට හිස නමා පෘථිවිය සූර්‍යා වටා භ්‍රමණය වෙමින් පවතී යන අධිකරණ ලියවිල්ලට ඔහුට අත්සන් කිරීමට සිදුවිය.
    නමුත් “මම මෙසේ අත්සන් කිරීමට අවනත වීමෙන්, විශ්වයේ යථාර්ථය වෙනස්‌ නොවේ.” යැයි ඔහු හෙලි කළේ ය.
    ඉතිහාසය පුනරුච්චාරණය වෙමින් පවතී.

    • හර්ෂණ says:

      මේදානන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේට ලජ්ජා නැද්ද මේ කොහෙවත් ඉන්න මිනිස්සු ගැන කියවන්න .
      මෙයා ඒ විද්‍යාඥයන් ට සම කරලා පෙන්වලා මෙයත් අන්න ඒ ජාතියේ කෙනෙක් බව වියන්ගයෙන් කියන්න ?
      හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ සත්‍ය සොයාගෙන ඉවරයි .පිටිදුවෙට තව හොයාගන්න දෙයක් ඉතුරුවෙලා නෑ .ඔය කියන සොක්‍රටීස් ජාතියේ කෙනෙක් නෙවෙයි මෙයා බුදුහාමුදුරුවෝ උඩුගං බලායන දහස් කියල බුද්දත්වයට පත්වෙලා සත්‍ය ලෝකෙට දායාද කළා දැන් පිටිදුවෙට තියෙන මමත්වය පලි නෑ එකට මිනිහට බුදුදහම අලුතින් කියන්න දෙයක් නෑ .නිකන් අපරාදේ ඔබවහන්සේගේ කාලය මේ ඉතිහාස කතා ලියලා නාස්ති නොකර පන්සලට වෙලා බාවනාවක් කොරගන්න

    • indika says:

      මේධානන්ද හාමුදුරුවනේ ඉල්ලා අස්කරගත්තත් සත්‍ය සත්‍ය හැටියට තියෙන්න මෙයා කිසිම සත්‍යක් හොයාගෙන ප්‍රකාශයක් කරලා නෑ මිනිහට ඒවගේ ප්‍රකාශයක් කරන්නත් බෑ මොකද මිනිහට ලෝක සත්‍ය හොයාගන්න දෙයක් නෑ අර කිව්ව වගේ බුදුහාමුදුරුවෝ ඒ මාර්ගය හොයාගෙන ඉවරයි .එනිසා මේදානන්ද හමුදුරුවෝ කියන ඔය කතා වලට මෙතන කිසිම සම්බන්දයක් නෑ .
      පිටිදුවේ කල ප්‍රකාශය තමා මහනායක හාමුදුරුවන්ට අපහස කරන ප්‍රකාශ ,දළදා වහන්සේට ලලාට දාතුන් වහන්සේට අපහස කරන ප්‍රකාශ (දැන් ඒවා මාද්‍ය වෙනස් කළා කිව්වට සම්පූරණ කතාව බලපු අය දන්නව එහම මාද්‍ය මගින් දෙයක් සිදු නොවුන බව )
      මේවා හාමුදුරුවෝ මොහොමද සොක්රටිස්ලගේ ගලිලියෝලගේ ප්‍රකාශ එක්ක සම්බන්ද කරන්නේ ?
      මේවා පිටිදුවේගේ වයිර කතා අරවා විද්යාගනයන්ගේ සොයාගැනීම් .හාමුදුරුවෝ කියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතා හාමුදුරුවන්ගේ .ඔය කට්ටිය ගැන කියල පිටිදුවේගේ පවු සමා කරන්න බෑ පිටිදුවේ ඔය කතා කිව්ව කියල අර මිනිස්සු වගේ ශ්‍රේෂ්ටයෙක් වෙන්නෙත් නෑ කවදාවත්ම .
      හාමුදුරුවොත් තමුන්ගේ බුද්දිය වර්දනය කරගන්න .ගිහිල්ල නිවැරදිව තර්ක කරන්නේ කොහොමද කියල එඩ්වර්ඩ් ඩි බෝනො ගේ පොත් කියවල ඉගෙන ගන්න නැතිනම් හැමදාම කොහෙද යන්නේ මල්ලේ පොල් කියා කියා ඉඳීවි

  2. siraa says:

    Okkoma pisso…

  3. hELAYA says:

    Pitiduwe Arhant Thero who is a member of Asgiriya Siam Nikaya Sanga sabha, which is open to GOIGAMA caste exclusively should should start a movement to open this (HIS) Asgiriya sanga sabha to any and every citizen of Srianka to get ordination as a Bhikku in this sanga sabha!

  4. isanka says:

    විනය පිටකයේ සඳහන් වෙන්නෙ උපසපන් භික්ෂුවකට රහතෙක් උනත් ගරු කරන්නෝන වඳින්න ඕන කියලා. දේශපාලඥයො මරාගන්නවා මාධ්‍ය වලිං පෙන්නනවා හැබැයි උං එකට වාඩි වෙලා තේබොනවා. ඒක පිලිගන්ඩ බැරි ගොන්නු සමන්තභද්‍ර හිනාවෙලා, ආතල් එකට අත්සන් පාරකුත් දාලා ප්රප්ලේන්ටියකුත් ගහලා ආවා කියලා පිලිගනිඈ…

  5. amindi says:

    සර්වඥ කියලා කියන්නේ තමා ගැන දැන ගැනීම මිසක් බාහිර දේ දැන ගැනීම නොවේ. ( සිරි සමන්ත භද්‍ර අරහත් හිම් )
    රහතුන් ට වරදින්න පුළුවන් බාහිර දේ. ගහකට නගින්න ගිහින් වැටෙන්න පුළුවන්. වතුර බොන්න කෝප්පය ගන්න ගිහින් වැටෙන්න පුළුවන්. කෝප්පය වැටුනාම ස්වාමීනී කෝප්ප ය වැටුනා කියනවා මිසක් නෑ ස්වාමීන් වහන්ස කෝප්පය හුලගට වැටුනා නොකියන්න. උන්වහන්සේ ට තමන් අතින් සිදුවූ වරද දකින්න පුළුවන් නම් අපට උන්වහන්සේ ගේ ධර්මය ඇසූ කෙනෙක් ට බැරි ඇයි ? සම්මත වැරදි විවේචනය කිරීමට යාම තුලින් ඒ රටේ නීති සහ භික්ෂු නීතියට පටහැනි වෙන්න පුළුවන්. එහිදී තම වරද නිවරදි කිරීම කල යුතුයි. නැත්නම් ඒ රටේ සිටීමට එය ප්‍රශ්නය ක්. උන්වහන්සේ ම දිනක් කීවා භික්ෂුව රටේ නීතියට ගරු කල යුතු බව. ඒ නිසා උන්වහන්සේ කල දේ නිවරදී. උන්වහන්සේ මහානායක ලාගේ වැරදි විවේචනය කලා සේ උන්වහන්සේ අතින් යම් වරදක් වුවා නම් උන්වහන්සේ එය පිලිගත යුතුය. රහත් බව කියන්නේ අව්‍යාජ බව මිසක් වෙන කුමක් ද? බුදුන් වහන්සේ කාන්තාවන් ට පැවිදි වීමට දුන්නෙ නෑ. පස්සෙ කාන්තාවක් නිසාම ඒ අවසරය දුන්නා. රාහුල මහණ කිරීම තුල ඇතිවූ දේ. ඒ වගේ සිදුවීම්. ඒක නිහතමානී බව සහ තමන් අතින් සිදුවූ අතපසු වීම් පිලිගැනීම යි. අංගුලිමාල ට හැමදේම නිවරදි ව දැකිය හැකි ව තිබුණා නම් ඔහු දුක්ඛිත මරණයකට මුහුණ දෙන්නෑ. ජේසුස් වහන්සේ ටද එසේ මය. කැලණි තිස්ස රහතුන් ටද එසේ මය. රහත් වෙනවා කියන්නේ ලෝක තියන හැමදේම නිවරදිව කරන්න පුළුවන් වෙන එක නම් ඉංජිනේරු වෝ වෛද්‍යවරුන් මේසන් ලා වෙන්න හරි ලේසි. ඉගෙන ගන්න ඕනී නෑ. නිවන් මග වැඩුවා නම් හරි. උන්වහන්සේ අතින් වරදක් සිදු වූවා සම්මත කරුණු මත. එය වරදක් වන්නේ භික්ෂු නීතිය සහ රටේ නීතිය මත. එය උන්වහන්සේ පිළිගත්තා සේ අපද එය පිලිගත යුතුය.

  6. dammika says:

    විශිෂ්ථයි. ඔබ සැබවින්ම නිහතමානී ස්වාමින්වහන්සේ නමක්. එබැවින් ඔබටද අනුගාමිකයන් වන අපටද ඔබගේ දන ගැස්ම සිතෙහි කිසිදු චලනයක් ඇති නොකරයි. එබැවින් මෙය අපට සිත දෙස බැලීමට එක් කමටහනක් පමනි.

    • sidath says:

      පල පල ඩො යන්න .උඹලගේ රහත නිකායෙන් අහක් කරනවා කිව්වම බය උනා .රහතා බය උනා මොකද මිනිහා හොර රහත් කෙනෙක් .උඹලා මෝඩයෝ .බුදුදහම ඉගෙනගන්න මෙච්චර විශිෂ්ට හාමුදුරුවරු ඉන්න රටේ මේ කොහෙද යන පල හොරෙක්ට අහුවෙලා .

      • Dev says:

        Eka baya weemak nowe garu kireemak ethuma vitharai hariyata bana kiyanne

        • සුරාජ් says:

          දැන් ඉතින් ඔය වගේ කත කියා කියා පලයන් හිතේ දුකටත් එක්ක අයි යකෝ මාර වස නෝන්ඩිය නේද උනේ .ගමේ මහා ලොක්කා වගේ කිවා නේද මම නම් බන අහන්නේ ලෝකේ ඉන්න හොන්දම හාමුදුරුවන්ගෙන් උඹලා බන අහන්නේ මේ පොඩි කාලේ ඉඳලම මහන වුනු බොරු මහනුන්ගෙන් කියල .දැන් කොහොමද ගමට මුහුණ දෙන්නේ නේද බන්

      • අරා says:

        විනය පිටකයේ සඳහන් වෙන්නෙ උපසපන් භික්ෂුවකට රහතෙක් උනත් ගරු කරන්නෝන වඳින්න ඕන කියලා. දේශපාලඥයො මරාගන්නවා මාධ්‍ය වලිං පෙන්නනවා හැබැයි උං එකට වාඩි වෙලා තේබොනවා. ඒක පිලිගන්ඩ බැරි ගොන්නු සමන්තභද්‍ර හිනාවෙලා, ආතල් එකට අත්සන් පාරකුත් දාලා ප්රප්ලේන්ටියකුත් ගහලා ආවා කියලා පිලිගනිඈ…

  7. Thara says:

    මාන්‍යය බිංදුවට සිඳලු අප මහ රහතුන්

    • ලක්ෂිත says:

      අනේද කියන්නේ මානය අන්තිමටම නැගලා පිස්සු කෙලිය අපේ මුනිට මහානායක හිමිවරුන්ගෙන් ලියුම ආව විතරයි නිකායෙන් ඉවත් කරන බව කිව්ව විතරයි තේරුනා දැන් නම් මම පිස්සු කෙලලා අහවරයි කියන තැනකට වැඳලා ශේප් එකක් දාගත්තේ නැත්නම් මගේ සියලුම ලැබීම අහවරයි කියල .
      අන්න බැස්සා මානය බින්දුවටම ආව පුස් පැටියෙක් වාගේ පන්සලට මාදයට දොස් කියල නහයෙන් ඇඩුවා මම කල වරදක් නෙවෙයි මේක මාද්‍ය කරපු දෙයක් කියල, ඉල්ලුවා සමාව .මහා නායක හාමුදුරුවෝ කිව්ව නිකන් ඔය කට වචනෙට ඔයාට සමාව් දෙන්න බෑ කරලා තියෙන කියල තියෙන දේවල් බොහොම බරපතලයි එනිසා අපිට ලියල සමාව ඉල්ලන්න මිට පස්සේ මේවගේ දේවල් කොරන්නේ නෑ කියල පොරොන්දු වෙන්න කියලා අනේ ඔන්න ඉතින් මානය බින්දුවට බස්සගෙන කියන විදියට ලිව්වා නැතිනම් බෑනේ කොරන්න .නායක හාමදුරුවෝ කිව්ව පලවෙනි වතාව දෙවැනි වතාව තෙවෙනි වතාව කියල දෙයක් නෑ ආයේ මේ වැරදි කලොත් අනිවාර්යෙන් දඩුවම් දෙනවා කියල අනේ ඉතින් මොනවා කියන්නද ?මම රහත් උඹලා රහත් නෑ කියල කියන්නද ,කියන දේ අහගෙන නැට්ට කකුල්දෙකේ ගහගෙන ආව . දැන් ඉතින් උන්දැගේ ගෝලයන්ට තමුන්ගේ මානය ගැන ප්‍රශ්න .මොකද මෙච්චර කල් මෙයාගේ කුණු අහල ඔලුව කුලප්පු වෙලා අනික් මිනිසුන්ට අපහස කරමින්නේ හිටියේ “අපි බන අහන්නේ රහත් කෙනෙක්ගෙන් එයා විතරයි මේ ලෝකේ ඉන්න නියම බන කියන කෙනා අනික් උන් බන දන්නේ නෑ පොඩිකාලේ ඉදන්ම මහන වුනු කට්ටිය මෝඩයි “කියල .දැන් කෙලිය තාප්පෙට කිව්වලු
      ඉතින් අනේ මේ අසරණ ගෝලයෝ ටික දැන් මෙතන නැතිවුණු මානය අල්ලගන්න නිකන් බයිලා කතා හදනවා .
      දැන් අපිට කියන්න තියෙන්නේ සමන්ත බඩ්ඩ මලා දැන් ඉන්නේ පිටිදුවේ විතරයි ආයේ සෙල්ලන් දැම්මොත් සරම තමා අඳින්න වෙන්නේ .අන්දලා අර සංගීත ටින්කර් බාස් එක්ක එකතුවෙලා කුණුහරුප ගීතයක් මාට්ටු කරගෙන ජිවත් වෙන්න තමා වෙන්නේ

  8. adrian says:

    ethakota me mahanun nikayen ayin karanne thibbotuve boss ta jaraa kathavak kivvoth vitharayi. Buddhagamata hena gahuvath malwathu Boss ta avulak naha

  9. මෙලෝ රහත් නැත says:

    අප්පට සිරි කෙලියා නේද තාප්පෙට. රහතා රහත් වූ සේක. කඩේ ගියවුන්ද ගෝලයො රොත්තද රහත් විය. ඉරකි තිතකි.

  10. සිංහය says:

    සිංහ වෙස් ගන්න හදපු හිවලෙකුට වෙච්ච වෑඩක්

Main News