පිටිදුවේ හිමි ශාසනයට පරිහානියක්.. මහනාහිමිවරුන් එක් වී තීන්දුවක් ගත යතුයි.. යොහෝවාගේ සාක්ෂිකරුවන් බලහත්කාරකම්වල..
March 16, 2017 at 4:40 pm | lanka C news
දිනෙන් දින රටේ උද්ගත වන ආගමික සංහිදියාවට බාධා වන සිදුවීම් පිළිබද වාර ගණනක් දැනුවත් කර ඇතත් තවම සමහර සිදුවීම් සම්බන්ධයෙන් නිසි විසදුම් ලැබී නොමැති බව හෙල බොදු සවිය සංවිධානය පවසයි.
බුද්ධ ශාසන ඇමතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානයේ සභාපති පුජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් විසින් මේ බව සදහන් කරයි.
අදාල සම්පුර්ණ ලිපිය මෙසේය.
ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා,
බුද්ධ ශාසන හා අධිකරණ අමත්‍යාංශය,
අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07.
ගරු ඇමතිතුමනි,
ආගමික සංහිදියාවට බාධා කරන කාරණා සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කිරීම
දිනෙන් දින රටේ උද්ගත වන ආගමික සංහිදියාවට බාධා වන සිදුවීම් පිළිබද වාර ගණනක් ඔබතුමන්ව දැනුවත් කර ඇතත් තවම සමහර සිදුවීම් සම්බන්ධයෙන් නිසි විසදුම් ලැබී නොමැත. තවදුරටත් රටේ ආගමික සංහිදියාවට බාධා වන සිද්ධීන් වාර්තා වීම පදනම් කරගෙන එවැනි අවස්ථා කිහිපයක් පිළිබදව ඔබතුමා දැනුවත් කරන්නට අප තීරණය කළෙමු.
- පසුගිය සිකුරාදා ( 2017.03.10 ) දින කාත්තන්කුඩි ප්‍රදේශයේ ඇති ආගමික ගැටුමක් සම්බන්ධයෙන් සමස්ත රටේම මහජනතාව අතර කිසියම් නොසන්සුන්තාවයක් ඇති වී ඇති අයුරු අපට දැකගත හැකිය. ඉස්ලාම් ආගමට සම්බන්ධ දෙපිරිසක් අතර ඇති වූ මෙම ගැටුමෙන් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා කාත්තන්කුඩි රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. බෞද්ධයන් අතර සංහිදියාව ගැන ප්‍රශ්න කරන කිසිවෙක් මෙවැනි ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ මන්ද? එකම ආගමක මතවාද දෙකක් ඉවසීමට නොහැකි තත්වයක් ඉස්ලාමය තුළ පවතී ද? පවතී නම් එය ත්‍රස්ත ක්‍රියා දක්වා වර්ධනය වන්නට ඉඩ නොදී විසදුම් ලබා දෙන්නේ කෙසේ දැයි ඔබ අමාත්‍යංශයට සංවාදයක් තිබේ ද? මෙවැනි කල්ලි කණ්ඩායම් සදහා රජයේ පාර්ශවයේ අමාත්‍යවරයෙකුගේ සම්බන්ධයක් ඇතැයි පැතිරෙන පුවත්වල ඇති සත්‍යාසත්‍යතාවය කුමක් ද? එමෙන් ම මේ පිරිස් අතර අයි.එස්.අයි.එස් ත්‍රස්ත කණ්ඩායම්වලට සම්බන්ධ අය සිටිත් දැයි ඔබ අමාත්‍යංශය නිරීක්ෂණය කොට තිබේ ද?
- දෙහිවල ප්‍රදේශයේ පිහිටි පාසලක 11 වන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 9 දෙනෙකු පමණ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නමින් පෙනී සිටින පිරිසක් බලහත්කාරයෙන් සිය ආගම වෙනස් කරවීමේ සිදුවීමක් වාර්තා වී ඇත. මේ මුග්ධ ක්‍රියාව සදහා කටයුතු කොට ඇත්තේ එම පාසලේම ඉගෙනු ලබන සිසුවියකගේ මවක් බව දැනගන්නට ලැබී ඇති අතර බෞද්ධ භික්ෂූන් ට අපහාස කරවීමේ කූඨ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට ඇත. මෙවැනි බලහත්කාරයෙන් සිදුවන අන්‍යාගමිකරණය ගැන ඔබ අමාත්‍යංශය ගෙන ඇති පියවර කුමක් ද?
- බස්නාහිර පළාතේ බියගම අධ්‍යාපන කලාපයට අයත් මල්වාන ප්‍රදේශයේ පාසලක ලංකාවේ බුදුන් උපන්නා යැයි දේශන පැවැත්විම ගැන ඔබතුමා දැනුවත් ද? මෙලෙස ඓතිහාසික සිද්ධීන් සාහසික ලෙස විකෘති කරමින් ගෙන යන අසත්‍ය තොරතුරු මත පදනම් වූ ක්‍රියාවන් නතර කිරීමට ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද?
- සමස්ත බෞද්ධ සමාජයම කම්පාවට පත්ව ඇති පිටිදූවේ සිරිධම්ම නොහොත් සමන්තභද්‍ර භික්ෂුවගේ ක්‍රියාකලාපය ගැන ඔබ අමාත්‍යංශය ගන්නා තීන්දු තීරණ මොනවාද ? අපගේ නිරීක්ෂණ අනුව පෙනී ගොස් ඇත්තේ උන්වහන්සේගේ ක්‍රියාකලාපය ශාසනික පරිහානියට දැඩි බලපෑමක් කරන්නක් බවයි. එම නිසා ඒ පිළිබද නිකායික මහානායක හිමිවරුන් සමග සාකච්ඡ කොට තීරණයකට එළැඹිය යුතු නොවේ ද?
ඉහත සදහන් සිදුවීම් අද්‍යතනය වන විට බැරෑරුම් ප්‍රශ්න සමුදායක් වන අතර බුද්ධශාසන හා අධිකරණ කටයුතු ඇමතිවරයා වශයෙන් මෙවැනි දෑ සිදුනොවීමට වග බලා ගත යුතු අතර මෙයට විරුද්ධව පාර්ලිමේන්තුවේ හා කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කොට ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ආගමික සංහිදියාවට බාධා කරන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් අප තරයේ සිහිපත් කර සිටිමු.
බුදුගල ජිනවංස හිමි
සභාපති
ඉන්දියාව තමුන්ගේ නිරවුල්ව ඉතිහාසය ලියපු දාට මෙහි සිටින පරයින්ට සුද්දෝ ලියා දීපු ඉතිහාසයේ රග තේරේයි. ඕනෑ තරම් සාධක තිබෙනවා බුදුන්වහන්සේ හෙළදීපයේ උපන්බව…
Appa, ganda sansarayak naha. yako, poddak path potha balapan. Attemma adenwa yako me wage patta modayo lanka we inna eka gana.
Mu me widhata budu dahamata apahasa karanne loku contract eka aranda manada… munta me wage baila kiyanna are Agrieke hitpau comma siura dagagena kiyana bahu butha..
ගොනෝ පොතපත කියවලා තමයි යකෝ දැනගෙන තියෙන්නේ තොපිවගේ උඩින් පල්ලෙන් කියවලා නෙවේ.
Because of people like you, MY3 came to power!