පිටින් කුණු ගෙනත් දමා කොළඹ කැත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි..- කොළඹ නාගරික කොමසාරිස්
June 20, 2017 at 3:50 pm | lanka C news
කොළඹ නගරය අපිරිසිදු කිරීම සදහා සංවිධානාත්මක කසල ගෙනැවිත් දැමීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා පවසයි.
කොළඹ නගර සභාවේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
පසුගිය කාලයේ කොළඹ නගරය හරි ලස්සනට තිබුනේ යයි ඇතැමුන් කියූවත් ඇත්තටම සිදු වූයේ පස් දමා කුණු වැසීම බවද ඔහු එහිදී පැවසීය.