පිටි ටොන් 15ක් සමගින් කන්ටේනරයක් ප්‍රපාතයට පෙරලේ.. පස් දෙනෙකු බරපතලයි..

August 5, 2019 at 12:40 pm | lanka C news
පිටි ටොන් 15ක් සමගින් කන්ටේනරයක් ප්‍රපාතයට පෙරලේ.. පස් දෙනෙකු  බරපතලයි..

තලවකැලේ සිට ඩයගම දක්වා තිරිගු පිටි ටොන් 15 ක් ප්‍රවහනය කරමින් තිබු කන්ටෙයිනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලිමෙන් එම කන්ටෙයිනර් රථයේ රියදුරා ඇතුළු තවත් සිව්දෙනෙක්  බරපතල ලෙස තුවාල ලබා ලිදුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නිසා එම තුවාලකරුවන් පස්දෙනා නුවරඑලිය මුලික රෝහල වෙත මාරු කර යැවු බව ලිදුල පොලිසිය පැවසිය.

අද (05) උදැසන මෙම අනතුර සිදු වි ඇත්තේ  තලවකැලේ ඩයගම ප්‍රධාන මාර්ගයේ ලිදුල බෙයාර්විල් වත්ත ප්‍රදේශයේදිය.

අධික වංගු සහ පටු මාර්ගයක් වු තලවකැලේ ඩයගම ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු කන්ටෙයිනර් රථය  පාලනය කරගත ගැනිමට නොහැකිව කන්ටෙයිනර් රථය වංගුවක් ගැනිමේදි කන්ටෙයිනර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේය.

කන්ටෙයිනර් රථයේ රියදුරා , රිය සහයකයා , තිරිගු පිටි අලෙවි කරන එජන්සියේ නිලධාරියෙකු සහ තවත් සේවකයන් දෙදෙනෙකු මෙසේ තුවාල ලබා ඇති බව ලිදුල පොලිසිය කියා සිටියේය.

අනතුරට පත් ලොරි රථයේ තිබෙන තිරිගු පිටි ඉවත් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර අනතුරෙන් කන්ටෙයිනර් රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

11,813 Viewers

One Comment to “පිටි ටොන් 15ක් සමගින් කන්ටේනරයක් ප්‍රපාතයට පෙරලේ.. පස් දෙනෙකු බරපතලයි..”

  1. sw says:

    එහෙනම් කට්ටිය බඩ පිරෙන්න රොටි කයි

Main News