පිටි මිල රුපියල් 08 කින් ඉහලට.. පාන් බනිස් මිලත් ඉහලට..

July 16, 2019 at 4:40 pm | lanka C news
පිටි මිල රුපියල් 08 කින් ඉහලට.. පාන් බනිස් මිලත් ඉහලට..

ප්‍රිමා සමාගමේ නිෂ්පාදිත සැම තිරිගු පිටි කිලෝවක්ම අද (16) සිට රු 8 කින් ඉහල ගොස් ඇති බව එම සමාගමේ පාලන අධිකාරි මගින් දිවයිනේ සියළුම ප්‍රිමා පිටි එජන්තවරුන්ට දැනුම් දි ඇත.

මේ අනුව අද සිට ප්‍රිමා තිරිගු පිටි කිලෝවක් අලෙවි කල මිලට වඩා රු 8 ඉහල නංවා අලෙවි කරන ලෙසට එම  සමාගම විසින් සියළුම එජන්තවරුන්ට දැනුම් දි ඇත.

පිටි මිල ඉහල යාමට හේතුව සමාගම විසින් මෙතෙක්  දැනුම් දි නොමැති අතර වෙළදපොලේ තිරිගු පිටි කිලෝවක් සදහා පාලන මිලක්ද ප්‍රකාශයට පත් ක නොමැත.

තිරිගු පිට වැඩි විමට සමගාමිව බේකරි නිෂ්පාදනවල මිලද ඉහල යන බව බේකරි හිමියන් පවසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

35 views

2 Comments to “පිටි මිල රුපියල් 08 කින් ඉහලට.. පාන් බනිස් මිලත් ඉහලට..”

  1. Lapaya says:

    Dan kapiyaw yahapalana cake. Wenasa sapada?

  2. Samantha says:

    Golden opportunity. Say no to prema and consume rice flour products. We can protect our farmers

Main News