පිටි රුපියල් 40කින් ඉහල දමයි.. දැන් කිලෝව 250යි..

April 19, 2022 at 11:25 am | lanka C news
පිටි රුපියල් 40කින් ඉහල දමයි.. දැන් කිලෝව 250යි..

ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල (19) දින සිට රු 40 කින් ඉහල දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.

ඒ අනුව අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය තිරිගු පිටි තොග ලබා ගැනිමේදි සැම කිලෝවකටම රු 40 ක් වැඩි කර සමාගම වෙත මුදල් බැර කරන ලෙස සමාගම විසින් අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.

නව මිල වැඩි කිරිමත් සමග තිරිගු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රු 250 දක්වා ඉහල යන බව අලෙවි නියෝජිතයන් පවසයි.

එයට සමගාමිව ග්‍රැම් 450 පාන් ගෙඩියක් රු 20 කින් සහ තිරිගු පිටි ආශ්‍රිත කෙටි ආහාර රු 10 කින් පමණ ඉහල දැමිමට සිදු වන බව බේකරි හිමියන් පැවසිය.

දැනට වෙලදපොලේ ග්‍රැම් 450 පාන් ගෙඩියක් රු 110 කට අලෙවි වන අතර, තිරිගු පිටි ඉහල යාමත් සමග බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වල මිල 70% කින් පමණ ඉහල ගොස් ඇති බවයි බේකරි හිමියන් කියා සිටින්නේ.

සෙරෙන්ඩිප් තිරිගු පිටි සමාගමද තිරිගු පිටි කිලෝවක මිල වැඩි කරන බව දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත  දැනුම් දි ඇත.

රංජිත් රාජපක්ෂ

21,773 views

3 Comments to “පිටි රුපියල් 40කින් ඉහල දමයි.. දැන් කිලෝව 250යි..”

  1. Kasun says:

    රාජපක්ෂලගෙ පුක ලෙව කකා මෙකෙ comment කරන වහල්ලු නැද්ද.. අන්න උන් ටික හොයාගෙන යන්න ඕනෙ ඉස්සෙලම….

  2. Sasrasi says:

    ශෝක් . පාප්ප හදලා ඉවරයි .

  3. Statesmen says:

    So called leaders want to bankrupt the country purposely and countrymen in a mess and then they can do whatever they want easily.

Main News