පිට පලාත්වල ව්‍යාපාරිකයින්ට වී නොදෙන්නැයි විරෝධතා…
January 20, 2022 at 2:11 am | lanka C news
රටේ වී සහල් සඳහා පවතින අයහපත් වාතාවරනය හේතුවෙන් මෙවර මහකන්නයේ වගා කෙරෙන කිලිනොච්චියේ වී අස්වැන්න කිලිනොච්යේම ගබඩා කරගත යුතු බව පවසමින් විරෝධතාවක් කිලිනොච්චියේදී පැවත්වුණි.
කිලිනොච්චියේ කාන්තා සංවිධානයක පිරිසක් විසින් සංවිධානය කොට තිබූ මෙම විරෝධතාවය කිලිනොච්චිය ඩිපෝ මංසන්ධියේ සිට ඒ-9 මාර්ගයේ පැමිණ කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා ගමන්කරනු ලැබීය.
විරෝධතාවයේ නිරත කාන්තා සංවිධාන නියෝජිත වරයින් විසින් වැඩිදුරටත් පවසා සිටියේ,
‘මෙවර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේද සැලකිය යුතු වී අස්වැන්නක් නොලැබෙන හෙයින් ලැබෙන වී අස්වැන්න සියල්ලක්ම රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන මගින් මිල ගෙන කිලිනොච්චියේම ගබඩා කරගගත හැකි පිළිවෙලක් සකසා ගත යුතු බවටත්ය.
එමෙන්ම පිටස්තර ප්‍රදේශවල සිට පැමිණෙන වී ව්‍යාපාරිකයින් විසින් කිලිනොච්චියේ ගොවීන්ගෙන් වැඩිමිලකට වී මිලට ගැනීමෙන් කිලිනොච්චියේ ජනතාව සහල් හිගයකට මුහුණ පෑමේ අවධානමක්ද පවතින බැවින් වහාම මේ සඳහා කඩිනම් විසඳුමක ලබා දෙන ලෙසට ඉල්ලා සිටියහ.
එහිදී විරෝධතා කරුවන් විසින් කිලිනොච්චිය දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය වෙතට සන්දේශයක් භාරදෙමින් පවසා සිටියේ අදාල ඉල්ලීම් පිළිබඳව අග්‍රාමාත්‍යවරයාද දැනුවත් කොට විසඳමක් ලබා දෙන ලෙසටය. එහිදී කිලිනොච්චිය දිසාපතිනය විසින් එම ඉල්ලීම අදාල අංශයන් වෙතට යොමු කොට කඩිනම් විසඳුමක් ලබාදීම පියවර ග්නනා බවට පැවසීමෙන් පසුව විරෝධතාව නවතා දමනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චියේ මිනිස්සු විතරක් ජීවත් වුනොත් ඇති ද?
නෑ… ඇයි මැදමුලන ?
This is the way we need to do it. The country is automatically federal.
Don’t day dream diot Indian parasiters ..It will never happend ..Sri-Lanka is one Country …Sinhalese motherland ..Tamils are minority south Indians .Go and ask part of Tamil nadu ..
මහා වී මොල්කරුවන් ගොවීන්ගෙන් වී ගැනීම තහනම් කල යුතුය. මොල්කරුවන් රජයෙන් වී ලබා ගත යුතුය.
මේ අයගේ සංස්කෘතිය , දේශීය සංස්කෘතියද , නැත්නම් වාසි ගන්න විතරක් දේශීය සංස්කෘතිය ඇදා ගන්නවා