පිට පලාත් වලින් පැමිණි පිරිසක් නිසා ප්‍රදේශවාසීන් බියෙන් නොසන්සුන්…

May 2, 2020 at 8:02 am | lanka C news
පිට පලාත් වලින් පැමිණි පිරිසක් නිසා ප්‍රදේශවාසීන් බියෙන් නොසන්සුන්…

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක නැවතී සිටි මහනුවර හා අම්පාර ප්‍රදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙක් හේතුවෙන් පවතින කොරෝණා අවධානම නිසා එම පිරිසට වහාම ඉවත්වන ලෙස ඉල්ලා ප්‍රදේශවාසී තරුණ පිරිස් ඊයේ (29) රාත්‍රියේ විරෝධාය පෑමත් සමග ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හට ගෙන ඇත.

නමුත් අදාල නිවසේ සිටි පුද්ගලියින් පවසා ඇත්තේ තමන් දිගු කලක සිට පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වාසය කරන බවටත් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ඇඟලුම්හලේ සේවකයින් වශයෙන් කටයුතු කරන බවටත්ය.

අනතුරුව එම ස්ථානයට පැමිණි පුදුකුඩිඉරිප්පු පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් නිවසේ සිටි පුද්ගලයින්ට නිවස තුලම ඉදිරි දින කිහිපයේදී නිරෝධායනය වන ලෙසට උපදෙස් ලබා දී විරෝධය පෑ තරුණ පිරිස් වෙතට කරුණු පහදා දීමෙන් පසුව තත්වය සමතයකට පත්විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

33,189 Viewers

6 Comments to “පිට පලාත් වලින් පැමිණි පිරිසක් නිසා ප්‍රදේශවාසීන් බියෙන් නොසන්සුන්…”

  1. MD says:

    Oya widiyata oya undalata tibunane koti udda patan ganna issellama allala denna.kotingen salakili aragena Taman wadapu daruwan salli adara balagena kotinta billata deela okkoma iwarawunama Rajayata dos kiyamin Rata bedannath hadanawa.Pawkarayo

  2. lotus says:

    සීයලා රට හදනක්ම් බලා ඉන්න මෝඩ තරුණ තරුණියෝ ඉන්න රට මොකක්ද ??

    • Shanika says:

      Engalanthe engagalanthe……lankaawe ehema wenne naa……gota, ranil, datha chamal, hitan, basil, sampanthan, MR ,GL wage tharunayo tika lankawa hadanawaa…

    • damian says:

      ඔයා මෝඩ පුතා රට හදනකම් බලන් ඉන්න මැටි ගොඩක් ද ?

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    විහාරස්ථානවල ඇතැම් හිමිවරුන් ඇඳිරිනීති බලපත්‍ර රැගෙන එහෙ මෙහෙ යනවා. සාමාන්‍යය මිනිහෙක් ගියොත් සොරිතමා…
    අර විධිහට ගියාම චෙක් පොයින්ට් වලින් යවන්නේ නිකම් නෙවෙයි… වැඳලා..
    බුදුපියාණන් වහන්සේ දේශනාකල ශ්‍රේෂ්ඨ දර්ශනයකට උනු දෙයක්.. අනේ අපොයි !!!

  4. Goda appu says:

    Ane ithin oka ochara hithanda epa budha chiwaraye anuhasa ath vidinda pin thiyenda ona nikan boruwata sangayata bana bana goni ganan pau ras karaganda epa.