පිට පිට ඇනකොන්ඩා… වොක්ස්වැගන්ගෙන් දරුණු ප්‍රහාරයක්.. තවත් නිවේදනයක්..
January 6, 2017 at 10:47 pm | lanka C news
වොක්ස්වැගන් සමාගමට ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙම නීතිමය අවහිරතා හේතුවෙන් එම සමාගමේ ආයෝජනය බාර ගැනීම ආණ්ඩුව ප්රතික්ෂෙප කලේ යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශය වොක්ස්වැගන් සමාගම ප්රතික්ෂෙප කරයි.
සිරස රූපවාහිනිය විසින් කරන ලද විමසීමකදී සමාගමේ සන්නිවේදන අංශයේ කැතරින් හොමන් විසින් දන්වා ඇත්තේ තම සන්නායමට අදාල කිසිදු ආයෝනයක් ශ්‍රි ලංකාව තුල සිදු කිරීමට කිසිදු සාකච්චාවක් සිදු නොවූ බවයි.
මේ අතර සමාගම ටයිම්ස් ඔන් ලයින් වෙබ් අඩවිය වෙත දන්වා ඇත්තේ තම සමාගම නමින් වාහන එකලස් කිරීමට ශ්‍රී ලංකාවේ කිසිදු පුද්ගලයෙකුට හෝ සමාගමකට අවසර දී නැති බවය.