පිට රටින් වැලි ආනයන කරන්න යෝජනා කෙරේ..
September 30, 2017 at 8:02 am | lanka C news
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය වැලි විදෙස් රටවලින් ආනයනය කිරීම සදහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් අධිකාරිය යෝජනා කරයි.
මේ සම්බන්ධයෙන් වූ යෝජනාවක් දැනටමත් වාරිමාර්ග අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පවසන්නේ ඊට කිසිසේත්ම තමන් අනුමැතිය නොදෙන බවයි.
යම් විදිහකින් හෝ වැලි ආනයනය කිරීමට ඉඩ දුනහොත් මොන අන්දමින් විනාශකාරී ශාක අපේ රට ආක්‍රමණය කරනු ඇතැයි සැක සහිත බව ද ඇමතිවරයා සඳහන් කරයි.