පිදුරංගලදී **** පෙන්වීම මානව හිමිකමක්.. අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් කැඩීමක්..

September 28, 2018 at 11:20 am | lanka C news
පිදුරංගලදී **** පෙන්වීම මානව හිමිකමක්.. අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් කැඩීමක්..

සමාජ මාධ්‍ය ජාල තුල තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා පැමිණවීම පිලිබදව රජයට අපගේ බලවත් අප්‍රසාදය පල කරන බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙහි දැක්වෙයි.

පසුගිය දිනවල ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය අවකාශයන් තුල ඉතාම ජනප්‍රිය මාතෘකාවක් ලෙස පිදුරංගල සහ ඒ අවට තිබෙනා වෙනත් ප්‍රදේශයන් පත්ව තිබිනි.තවද තවම එම ප්‍රදේශ එලෙසම මේ දිනවල ජනප්‍රිය වී ඇත්තේ තරුණයන් පිරිසක් එම ප්‍රදේශයන්හි ගොස් උඩුකය නිරුවත් චායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කිරීමත් සමගම ඒ පිලිබදව සොයා බලා එම තරුණ පිරිස අත්තඩංගුවට පත්කිරීමට අණදීමත් සමගය.මේ වන විට එම තරුණයන් රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති බවට විශ්වාස දායක ආරංචි මගින් හා ප්‍රසිද්ධ මාධ්‍ය මගින් හෙළිදරව් වී තිබේ.

සමාජ මාධ්‍යන් තුල උඩුකය නිරුවත් චයාරූප පළකිරීම කිසිසේත්ම වරදක් නොවන අතර සමාජ මාධ්‍ය භාවිතා කරන අනෙකුත් පරිශීලකයින් එමගින් අපහසුතාවයට පත් වන්නේ නම් එම චායාරුප ඉවත් කිරීමට ක්‍රමවේද ඒ ඒ සමාජ මාධ්‍ය අඩවි විසින් සපයා ඇත.

එහෙත් මෙම සිද්ධියේදී සිදුවී ඇත්තේ ඉහත සදහන් ආකාරයට චායාරූප ඉවත් කිරීමේ ක්‍රියාවලියක් නොව ඉන් පරිබාහිරව ක්‍රියාත්මක වී මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමකට ලක් කොට ඒ චායාරූප පලකලා යැයි කියන පිරිස දරුණු අපරාධකරුවන් ලෙස සලකා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමය.

රටේ ප්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට සැලසුම් කරන ලද දරුණු අපරාධ කරුවන් , මාධ්‍ය වේදීන් මහදවල් පැහැර ගැනීමට තැත්කළ පුද්ගලයින් තවමත් නිදැල්ලේ නිරුපද්‍රිතව සිටිනා අතර උඩුකය පමණක් නිරුවත් චායාරූප සමාජ ජාල මාධ්‍ය තුල පළකළා යැයි කියනා තරුණයන් පිරිසක් දින ගණනක් යන්නට මත්තෙන් අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීම විහිළුවට කරුණක් වේ.

රජය විසින් මෙලෙස දිගින් දිගටම සාමාන්‍ය ජනයාගේ අදහස් දැක්වීමේ අයිතිය අමු අමුවේම උල්ලංගණයට ලක් කිරීමට විරුද්ධව සියලුම මානව හිමිකම් සංවිධාන තම ස්ථාවරය වහාම ප්‍රකාශ කළයුතුය.තවද නියපොත්තෙන් කඩන්නට තිබූ දෙය පොරොවෙන් කැපීමට තරම් විශාල දෙයක් බවට පත්කරගැනීම පිළිබදව අප සංවිධානයේ බලවත් අප්‍රසාදය රජයටත් ඒ ඒ අදාළ ආමාත්‍යංශ වලටත් මෙසේ දක්වමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

228 views

19 Comments to “පිදුරංගලදී **** පෙන්වීම මානව හිමිකමක්.. අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් කැඩීමක්..”

  1. Love nature says:

    සත්තු ඉන්නේ හෙලුවෙන් නිසා මුන් කැලයට මුදා හරින්න

  2. sugath says:

    kauda me mathive kiyana booruwa. yako ona deyak pennanna puluwan . eka ape aithiyak. moda harako ewwa pennala thiyena thana gana hithapan . pidurangala gana ubala wage gonnu danne nathi unata ewage watinakama niyama sinhalayo dannawa. thopita ona deyak penna ganiyu thope gewal wala idam wala . kalakanni

  3. වඳුර says:

    මැතිව් ඇතුලු උඹලගෙ නඩේ හැමෝම වඳුරන්ට පරිවර්තනය වෙල ඉන්න බව පේනව.

  4. nonoris says:

    mokdada ubalath atha danna bayada .ubala gana thibuna viswasayath ivarai

  5. darshana says:

    Mey Mathew kiyana ekath ara Sannasgalaya wage mantal porak nedha?

Main News