පිනට පාර්ලිමේන්තු එන්නෙ නෑ.. මැතිවරණයට මං තරග කරනවා.. ගෝටාභයට 2/3ක් අරන් දෙනවා..- මෛත‍්‍රී

December 28, 2019 at 3:50 pm | lanka C news
පිනට පාර්ලිමේන්තු එන්නෙ නෑ.. මැතිවරණයට මං තරග කරනවා.. ගෝටාභයට 2/3ක් අරන් දෙනවා..- මෛත‍්‍රී

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ සති අන්න ලංකාදීප පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

තමන් තරග වදින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන නව පුළුල් සන්ධානය යටතේ බව ද ඔහු සඳහන් කර ඇත.

පිනට පාර්ලිමේන්තු යාමට තමන් කැමති නැති බවද පවසා ඇති සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවට එන බවට කියයි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඉතා හොදින් රට පාලනය වන බවද පවසන සිරිසේන මහතා මීළඟ මහ මැතිවරණයේදී මෙන්ම තුනෙන් දෙකක බහුතර බලයක් ලබා දීමට කැප වුණු බව ද සඳහන් කර තිබේ.

214 views

40 Comments to “පිනට පාර්ලිමේන්තු එන්නෙ නෑ.. මැතිවරණයට මං තරග කරනවා.. ගෝටාභයට 2/3ක් අරන් දෙනවා..- මෛත‍්‍රී”

  1. Dilshan says:

    ජනාධිපති බලතල වලට වෙච්ච වැරැද්ද හදන්න පුලුවන් ක්‍රමයක්.

  2. jeewaka says:

    sira should not entertain anywhere.. royal park murderer is free because this asshole.. he destroyed the country.. family foreign tours ..over 100 times..please do not trust this guy..

  3. සාධාරණ මිනිසා says:

    ඊට කලින් තමුන් සිංගප්පූරුවේ ඉන්න වෙලාවෙ සිද්ධවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ඉදිද්දීම පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව ප්‍රසිද්ධ කලානම් තමා හොඳ.
    අනේ මෙහෙම වසල මිනිහෙක්

  4. CNW Pathirana says:

    Give respect for a Man who did more than what he cud. For at least accepting 2015 Challenge, that was fatal.. Respect for saying that current president doing better.. Respect for fighting UNP malpractices while elected from their votes.

    • Politics says:

      Yes we can forget about his backstabbing nature ?

      But who is going to take the responsibility for the damage he did to the country?

      We should chase him out from politics, so that no one will be fallowing his footsteps.

      Specially we should never allow any member of his family to come to politics.

      He is the dangerous and worse politician we found in the world.

  5. අයියෝ සිරිසේන says:

    පිනට පාර්ලිමේන්තු යාමට තමන් කැමති නැති බවද පවසා ඇති සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවට එන බවට කියයි.
    – නරියෙක් මිදි තිත්තයි කීවලු.

  6. අයියෝ සිරිසේන says:

    පිනට පාර්ලිමේන්තු යාමට තමන් කැමති නැති බවද පවසා ඇති සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවට එන බවට කියයි.

    – නරියෙක් මිදි තිත්තයි කීවලු.

Main News