පින්තූර අරන් මා අවභාවිත කලා.. දේවානිගෙන් ජවිපෙට ප්රසිද්ධ විරෝධය…
April 2, 2021 at 9:20 am | lanka C news
ජාතික ජන බලවේගයේ නිරූපමා සේරසිංහ මහත්මිය තමන් සමග ගත් පින්තුරයක් අවභාවිත කළේ යයි ගම්පහ අඩවි වන නිලධාරී දේවානී ජයතිලක මහත්මිය සඳහන් කරයි.
ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ඉදිරියේදී කිසිදු අයෙකු හා ඡායාරූප ගැනීමෙන් තමන් වලකින බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් තම අප්රසාදය හා කනගාටුව ප්රකාශ කරන බවත් තමන් කිසියම් දේශපාලන පක්ෂයට ලැදි බව ඇඟවීමට උත්සාහ දරන්නේ නම් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඇය සඳහන් කර තිබේ.
Devani Jayatilleke should learn the behaviour of a Water Plant. How it survives with the tide not create a Mountain from a Molehill. Media Vultures will grab anything.