පිපිරවීම් කරන ඩෙටනේටර තොගයක් සමගින් සිවු දෙනෙක් අත්අඩංගුවට.. පල්ලියකින් හමුදා ඇදුම්…

May 1, 2019 at 12:05 am | lanka C news
පිපිරවීම් කරන ඩෙටනේටර තොගයක් සමගින් සිවු දෙනෙක් අත්අඩංගුවට.. පල්ලියකින් හමුදා ඇදුම්…

මන්නාරම අඩම්පන් පාලවිය ප්‍රදේශයේ වෙළඳසැලක් පරික්ෂා කළ යුද හමුදා සෙබලුන් පිරිසකට ඩෙටනේටර් 10 ක් තිබී හමු වී ඇති අතර එහි සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යුද හමුදාව පවසයි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 54 බලසේනාවට අයත් සෙබලුන් පිරිසක් විසින් අදාල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කල අවස්ථාවේදී එක්තරා කඩ කාමරයක් වහලය පරික්ෂා කිරීමේදී ඩෙටනේටර් 10 ක් සගවා තිබී හමු වී ඇත.

අංක 129, 05 වන හරස් වීදිය, පාලවිය, පුත්තලම ප්‍රදේශයේ පදිංචි අබ්දුල් හනූජ් නැමති මුස්ලිම් සැකකරු සමග එහි සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර කුඩා වඩුමඩුවක් පවත්වාගෙන ගිය අයෙකුද සිටින අතර ඔහුට අයත් බැංකු පොතක රුපියල් කෝටි 10 ක පමණ මුදලක් තිබී ඇති හෙයින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඩෙටනේටර් තොගය යුද හමුදා සෙබලුන් විසින් වැඩි දුර පරික්ෂණ සඳහා අඩම්පන් පොලීසිය වෙතට භාර දුන් බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

මේ අතර යාපනය අල්ලයිපිඩ්ඩි මුස්ලිම් පල්ලියක් තුල තිබී යුද හමුදා ආරක්ෂක කබායක් ඇතුලු තවත් උපකරන කිහිපයක් හමු වූ බවට ආරක්ෂක අංශ පවසයි.

අදාල මුස්ලිම් පල්ලිය පිළිබඳව ලැබුනු තොරතුරකට අනුව පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව විසින් සිදු කරනු ලැබූ සොදිසි මෙහෙයුමකදී මෙම ආරක්ෂක කබාය අත්අඩංගුවට ගෙන ඇත.

අදාල යුද හමුදා ආරක්ෂක කබායට අමතරව කමාණ්ඩෝ බලකාය විසින් පරිහරනය කරන ජල පුරවනයක්, ටී.56 පතුරම් දෙකක් හා රතිඤ්ඤා කරල් කිහිපක්ද තිබී ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.

අදාල යුද හමුදා ඇඳුම් කව්රුන් විසින් තිබ්බේදැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර අදාල පිරිස් සොයා ආරක්ෂක අංශ විසින් පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29,559 Viewers

3 Comments to “පිපිරවීම් කරන ඩෙටනේටර තොගයක් සමගින් සිවු දෙනෙක් අත්අඩංගුවට.. පල්ලියකින් හමුදා ඇදුම්…”

  1. ළිදේ මැඞියා says:

    හැකර මන්ඳබුද්ධික කතාව ලෝකයක් ඉදිරියේදීම මුලු රටම හෑල්ලු කල එකේ “බුද්ධි අංශ දුන් වාර්තා ගැන අගමැති හෝ රජය දැනුවත් කර නැහැ: ඇමති රාජිත මාධ්‍යට කියයි (2019-04-24 ) ප්‍රතිඵලය මෙන්න…

    පහත සඳහන් රටවල් 20 ක් ලංකාව සංචාරය කරන්න එපා කියල තියෙනවා..!
    නෝර්වේ, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, සිංගප්පූරුව,
    මැලේසියාව, තායිවානය, කොරියාව ජපානය
    බි‍්‍රතාන්‍ය පෝලන්තය ඕස්ටේ‍්‍රලියාව රුසියාව
    අමෙරිකාව නෙදර්ලන්තය බල්ගේරියාව චීනය
    එක්සත් අරාබි එමීර් රාජ්‍යය ස්වීඩනය කැනඩාව
    ………..ඒ කියන්නේ නුවර පෙරභරට ” මුං වගේ අලි ” විතරක් පාරෙ ඉඳියි…

  2. Citizen says:

    Send all suspects to Batalanda for detail questioning as did in 1987/88 by the same UNP and confiscate the Rs. 100 million.

  3. Sam says:

    තබාගෙන සිටින්නේ ඒ ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයන් සුද්ද පවිත්‍ර කිරීමට?

Main News