පිපිරවීම් 198ක් කලහැකි ඩෙටනේටර් 198 හමුවේ..

April 26, 2019 at 3:27 am | lanka C news
පිපිරවීම් 198ක් කලහැකි ඩෙටනේටර් 198 හමුවේ..

නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ මහින්ද මාවතේ බොක්කුවක් මත තිබි ඩෙටිනේටර් 198 හමු වු බව නුවරඑලිය පොලිසිය පැවසිය.

නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් ඇසල බොක්කුවක් මත සැක සහිත පාර්සලයක් තිබෙන බවට නුවරඑලිය පොලිසිය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව සහ පොලිසිය එක් ව සිදු කල සොදිසි මෙහෙයුමකදි සැකසහිත පාර්සලය ආරක්ෂිතව රැගෙන පරික්ෂා කර බැලිමේදි එහි තුල ඩෙටිනේටර් 198 තිබු බව නුවරඑලිය පොලිසියේ නිලධාරියෙකු පැවසුවේය.

නුවරඑලිය ප්‍රදේශයේ සොදිසි   මෙහෙයුම් සිදු කරන නිසා කිසියම් අයෙකු විසින් මෙම ඩෙටිනේටර් තොගය ඇළ මාර්ගය වෙත ගෙනවිත් දමන්නට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව වෙන් වෙන්ව පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ                       

157 views

2 Comments to “පිපිරවීම් 198ක් කලහැකි ඩෙටනේටර් 198 හමුවේ..”

  1. අප්පු says:

    ලංකාව්වේ අධිකරණ විශ්වාස නැති කියා දෙමුහුන් අධිකරණ ඉල්ලා සිටීවිද?

  2. appu says:

    අපට තේරෙන දේ බුද්ධි අංශ රටේ උගතුන් (ඊනියා) නොතේරෙන්නේ මන්ද…සාමාන්‍ය මිනිසා එදා වේල කා පවුල ගෙනියන්නෙත් ඉතා අමාරුවෙනි …ඔවුනට ආයුධ මිලදී ගැනීමට අමතර මුදලක් නොමැත …මෙවැනි අවි මිලදී ගැනීමට අධික මුදලක් හා ශ්‍රමය තිබිය යුතුය .වහාම ශ්‍රී ලංකාවට පිට රටින් එන ආධාර සහ දේශපාලුවන්ගේ අදායම සහ උපයාගත් ආකාරය හෙලි කිරීමට නීති ගෙන ආයුතුය ..

Main News