පිපිරිමකින් තුවාල ලබා තිදෙනෙක් රෝහලේ…

October 5, 2019 at 8:02 am | lanka C news
පිපිරිමකින් තුවාල ලබා තිදෙනෙක් රෝහලේ…

තේ වත්තේ සිදු වු පිපිරිමකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය වනරාජා වත්තේ පහල කොටසේ (04) පස්වරු එකවරම පිපිරිමක් සමග දුමාරයක් පිට වු බවත්, ඉන් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් තිදෙනෙක් තුවාල ලබා ඇති බව හැටන් පොලිස් පැවසුවේය.

තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් දෙදෙනක් සුළු ශල්‍යයකර්මයකට භාජනය කල බවත්, තුවාල ලබා ලැබු වතු කම්කරු කාන්තාවන් තිදෙනාගේ තත්ත්වය බරපතල නොවන දික්ඔය මුලික රෝහලේ වෛද්‍යයවරුන් පැවසිය.

පිපිරිම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සැකකරන්නේ සතුන් දඩයම් කිරිම සදහා ඇතැම් වතු කම්කරුවන් හක්ක පටස් වැනි මර උගුල් තේ වතු වල අටවා තිබෙන බවත්,  එවැනි හක්ක පටස් මරඋගුලක්  තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගිමෙන් පුපුරා යන්නට ඇති බවය.

තේ වත්තේ එකවරම ඇති වු පිපිරිමත් සමග තේ වත්තේ වැඩ කරමින් සිටි අනෙකුත් වතු කම්කරුවන්  භිතියට පත් වි එම ස්ථානයෙන් ඉවත් වු බව වතු පාලන අධිකාරිය කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

15,789 Viewers

2 Comments to “පිපිරිමකින් තුවාල ලබා තිදෙනෙක් රෝහලේ…”

  1. PODI RAJAp says:

    KOTI NAGITINAWO …. GOTA ONA .. GOTA ONA

  2. Love nature says:

    සතුන් මැරීමේ ආදීනව

    ලොව වසන සියලු සත්වයෝ, මිනිසකු වේවා තිරිසනකු වේවා සියල්ලෝම මරණයට බිය වෙනවා. මරණයේ වේදනාවට බියවෙනවා. වැඩිදුර නොසිතා ඔබ ගැනම සිතන්න ඔබගේ මරණය ගැන සිතන්න.ඔබගේ මරණය පිලිබඳ එන සිතුව්ලි මාත්‍රය පවා ඔබව සලිත කරවන අයුරු කම්පනය කරවන අයුරු ඔබට දැනෙනවා. නමුත් ඇය් මේ මරණය පිළිඹඳ වන සිතුවිල්ල පවා අපට තැති ගැන්මක් ගේන්නේ… ඇය් ඒ සිතුවිල්ල අපව සලිත කරවන්නේ…
    අප මිය යද්දී අපි ආදරය කරපු පුද්ගලයන්ගෙන් වෙන් වෙන්න අපට සිදුවෙනවා. අප ඉතා ආශාවෙන් මිලදීගත් වස්තුව අප උත්සාහයෙන් ලඟා කරගත් දේපල ආදී දෑ අරන් යන්න විදියක් නෑ. ඒ සියල්ල නැවත කිසිදින ලඟා කරන්න ක්‍රමයක් හෝ නැතුව දමා යන්න සිද්ධ වෙනවා. එමෙන්ම මරණය අප වෙත එන්නේ තවත් බරපතල සැකයක් එක්ක, එය තමා මරණින් අනතුරුව අපට කුමක් සිදුවේද කියන එක. මරණින් පසුව අප වෙත එන්න බලාගෙන ඉන්න දේවල් වල සුන්දර බව හෝ බියකරු බව අප දන්නේ නෑ. මේ සැකය අපව තවත් සලිත කරවනවා කම්පනය කරවනවා. මරණින් පසු ජීවිතයක් ගැන විස්වාස නොකරන පුද්ගලයන් ඉන්නවා. මරණින් පස්සේ සේරම ඉවරය් කියල හිතන් ඉන්න මොවුන් පවා මරණය ගැන සිතද්දී බිය වෙනවා, මරණය ගැන කතා කරන්න බිය වෙනවා. එහෙම වෙන්නේ ඔවුන් පවා තමන්ගේ හිත යටින් කල්පනා කරනවා “ඇත්තටම මැරුණම මට මොකක් වෙය්ද” කියල. එහෙනම් මේ මරණය පිළිඹඳ බිය සංකා සියල්ලන්ටම පොදුය්.

Main News