පිපිරීම් 5,000ක් කරන්න ලංකාවට එවන්න හැදූ ඩෙටනේටර් 5,000ක් ඉන්දියාවේදී අල්ලයි..
August 4, 2018 at 3:50 pm | lanka C news
මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය පුපුරුවා හැරීම සඳහා යොදා ගන්නා ඩෙටනේටර් පන්දහසක් සහිත පෙට්ටි පනහක් රාමේශ්වරම් පොලිසිය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.
පොලිසියට ලැබුණු විශේෂ තොරතුරක් මත සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී රාමේශ්වරම් නගරයේ නිවෙසක පිටුපස සඟවා තිබියදී එම ඩෙටනේටර් පන්දහස අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයන් හත්දෙනකුද අත්අඩංගුවට ගත් බව රාමේශ්වරම්හි පොලිස් අධිකාරි ඕම් ප්රකාෂ් මීනා ප්‍රකාශ කරයි.
අත්අඩංගුවට ගන්නා ලද ඩෙටනේටර් පන්දහස ඉන්දීය රුපියල් එක්ලක්ෂ දසදහසක වටිනාකමින් යුක්ත වනු ඇතැයි ගණන් බලා ඇති බවද පොලිස් අධිකාරිවරයා පෙන්වා දෙයි.
අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් තිදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ එම ඩෙටනේටර් තොගය ශ්‍රී ලංකාවට රැගෙන යෑමට සැලසුම් කර තිබූ බවය.
ඉන්දියාවේ නිෂ්පාදිත යැයි සටහන් කරන ලද පෙට්ටිවල අසුරා ඇති ඩෙටනේටර් තොගය සිවගන්ගා ප්‍රදේශයේ පිහිටුවා ඇති පුපුරන ද්‍රව්‍ය ගබඩා කරන ගබඩාවක් තුළ ආරක්ෂාකාරීව තැන්පත් කර ඇතැයිද පොලිස් අධිකාරිවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.
– mawbima
DAN SATHUTU DA?
මත්තල ඉන්දියාවට බාර දුන්නොත් අපේ රටට අබසරණයි
එතකොට ශ්‍රැන්ගිලා චීනෙට දුන්නහම මොන සරණද?
තව මුන්ට ෆෙඩරල් දුන්නොත් කොහොම තිබෙයිද? සින්හලයනි දැන් නිදාගත්තා ඇති මේ යමපාලනය පන්නමු
යහපාලනෙයි ඩෙටනේටර් අතර සම්බන්ධය මොකද්ද? කොටි ආයෙ එනවා ගෝඨා ගෙනෙමු කියන්න වෙන්න ඇති අලසයගෙ ලක්බිම රට පටලවන්නෙ.
යහපලන කලකන්නි මේ රට මේ රට නැවත 1977ට කරකවල තියෙන්නෙ. තමුන්ගෙ බලය තියාගන්න මේවාට සුදු හුනු ගගා ඉදීවි. මොලේ ඇතුව කමෙන්ට් දාපල්ලා. සින්හලයො නිදාගෙන හිටියොත් නැවත මේ රට ලේ විලක් වේවි.
මෙයාල මේක සහජිවනේ බිදෙන නිවුස් එකක් කරගන්න එපා මෙයාල .
මේ එවන්න හදලා තියෙන්නේ උතුරේ ගල් කොරි වල ගල් කඩන්න මිසක් බෝම්බ හදන්න නෙවෙයි
මේවගේ නිව්ස් වලින් සහජිවනේ බිදෙනවා
මේවා මහමැතිවරණයට ගෙන්වන්න හදපුවාද? යහපාලනය එනවා. අහුවුනේ එයි. අර පොට්ටිගේ සහජිවන තමා මේ. මේ වල් ඌරෝ කැකුණ තලනවා. හබන් කුකුලෝ මගුල් කනවා.රට කමු අපි හැදෙමු නේද හුටං.
සහජිවනේ බිදෙනවා නෙවෙයි උපදිනවා .කොරන්න ඕනේ මුන්ට උපද්දන්න අම්මට කොරන එක තමා. කඩප්පුලි දේශපාලකයෝ.
මාළු අල්ලන්න පවිච්චී කොරන ඒවා පුජිතලා භාවනා කොරන කොට.යහපාලනයට සහජීවනයට වැඩි වැඩියෙන් ලැබේවා.