පිපිරීමෙන් පසු විදෙස් රක්ෂණ සමාගම් ලංකාවට සංචාරයේදී රක්ෂණය දෙන්න බෑ කියති.. සංචාරක කර්මාන්තය දැඩි අනතුරක..
April 25, 2019 at 4:40 pm | lanka C news
පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ සිදුකරන ලද බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් විදේශීය රක්ෂණ සමාගම් ශ්‍රී ලංකාවට පැමිණ ගුවන් මඟීන් සඳහා රක්ෂණ ආවරණ ලබා දීමේදී දැඩි මැලිකමක් දක්වන බව වාර්තා වෙයි.
එංගලන්තයේ සිට අප වෙත අදහස් දැක්වූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයක් කියා සිටියේ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් රක්ෂණාවරණ ලබාදිය නොහැකි බව එංගලන්තයෙන් සමාගම් ගණනාවක් තමනට දැන් වූ බවයි.
දිගු කලක් එංගලන්තයේ ජීවත් වෙන තමන් තම මවුබිමට පැමිණ යාම සඳහා මෙම රක්ෂණ අාවරණය ඉල්ලා ඇතත් මේ වන තෙක් එය ලබා දී නැති බවත් කියා සිටියේය.
තමන් ශ්‍රී ලාංකිකයෙක් නිසා ශ්‍රී ලංකාවට අවදානම දරාගෙන පැමිණෙන බවත් නමුත් කිසිදු සංචාරකයෙක් රක්ෂණාවරණයක් නැති රටක් සඳහා සිය සංචාරක ගමනාන්තය ලෙස තෝරා නොගනු ඇති බවත් මෙය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයට ද ඉතා විශාල වශයෙන් බලපානු ඇති බවත් ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකාව වාර්ෂිකව සංචාරක ක්ෂෙත්රයෙන් ඩොලර් බිලියන 3.5ක පමණ ආදායමක් උපයයි.
මහින්ද වගකියන්න ඕනේ ! මහින්ද .. මහින්ද ..මහින්ද ..
මරාගෙන මැරෙන බෝම්බ කරුවෝ වැහි වැහැලා.
බුද්ධි අංශ වලින් භාගයක් හිරේ.
බුද්ධි තොරතුරු ආවම ක්‍රියාත්මක වීමක් නෑ.
අල්ලන ත්රස්තවාදීන් රජයේ ඇමතිලා නිදහස් කරණවා.
NTJ , ISIS ලංකාවේ තහනම් නෑ.
සංචාරක හෝටල් වලට ආරක්ෂාව දෙන්නෙ නෑ කියල ආරක්ෂක ලේකම් කියනවා.
ඉතින් මේ වගේ පිස්සු කෝලම් රටකට එන උන්ට රක්ෂණ ආවරණ දීලා පාඩු කරගන්න කැමති මොන කොම්පැනියද?
රටේ නිෂ්පාදනය වැඩිකර ජනතාව ආරක්ෂා කරන්න ආණ්ඩුව කටයුතු කරයිද?
රටකට ඕනෑ අපමණ අගයක්
ඒකට ඕනෑ මයිත්‍රී යුගයක්.