පිපිරීම වලකන්න හරීන්, සුජීව, හර්ෂ, රංග බණ්ඩාර, බුද්ධික පතිරණට ඇමති ධුර..

May 14, 2017 at 10:40 am | lanka C news
පිපිරීම වලකන්න හරීන්, සුජීව, හර්ෂ, රංග බණ්ඩාර, බුද්ධික පතිරණට ඇමති ධුර..

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා චීන සංචාරය නිමවා පැමිණ විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කරන බව අද සන්ඩේ ටෛම්ස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මගින් ලෙස සනාථ කොට ඇත.

මේ අතර විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් සඳහන් කරනුයේ එම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි මුදල්, මහාමාර්ග, පලාත් සභා හා පාලත් පාලන සහ ධීවර වෙනුවෙන් නව අමාත්‍යවරු පත්වෙන බවයි. මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර සඳහා වැඩි වගකීම සහිත අමාත්‍ය ධූරයන් යෝජනා කොට ඇත්තේ මෛත්‍රී පාර්ශවයෙනි.

එමෙන්ම එජාපය ඇති වි තිබෙන අසහනය සඳහා රනිල් පාර්ශවය විසින් විශේෂයෙන්ම හරෙන් ප්‍රනාන්දු, සුජීව සේරසිංහ, රංගේ බණ්ඩාර, හර්ෂ ද සිල්වා සඳහා වගකිය යුතු අමාත්‍ය ධූරයන් මෙන්ම මාතර දිස්ත්‍රික්ය නියෝජනය කරන බුද්ධික පතිරණ සඳහා නියෝජ්‍යා අමාත්‍ය ධූරයක් ලබාදීමට යොජානා වි ඇත.

46 views
Main News