පියනන්ද හිමියෝ වැවට පනිති.. මිනී කන කිඹුලා මැඩ ජීවිතයක් බේරා ගනිති…

June 8, 2021 at 10:40 am | lanka C news
පියනන්ද හිමියෝ වැවට පනිති.. මිනී කන කිඹුලා මැඩ ජීවිතයක් බේරා ගනිති…

කහටගස්දිගිලිය, දියමයිලගස්වැව, වැවේ දිය නාමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් පහර දී ඇදගෙන යාමට උත්සහ දැරූ අවස්ථාවේදී එම ගම්මානයේ විහාරස්ථානයේ හිමි නමක් විසින් දියට පැන කිඹුලා සමග පොර බදිමින් පහර කෑ පුද්ගලයා බේරාගෙන ඇති බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.

දියමයිලගස්වැව ශ‍්‍රී ධර්මරාජ විහාරස්ථානයේ 30 හැවිරිදි, පැල්ලන්දෙනියේ පියනන්ද හිමි සහ 70 හැවිරිදි දියමයිලගස්වැව පදිංචි ජේ.එම් විජේරත්න යන අය දියමයිලගස්වැව වැවේ ඊයේ (07) උදෑසන දිය නාමින් සිට ඇත.

හිමිනම දිය නා අවසන් වී නැවත විහාරස්ථානයට පැමිණීමට සූදානම් වෙමින් සිටියදී වැවේ නාමින් සිටි විජේරත්න මහතා හට මෙම කිඹුල් ප‍්‍රහාරය එල්ල වී ඇත.

කිඹුලා විසින් මෙම පුද්ගලයා ඇදගෙන යමින් සිටියදී හිමි නම වැවට පැන කිඹුලා සමග පොර බදමින් විජේරත්න මහතා බේරා ගෙන ඇත. අනතුරුව ප‍්‍රදේශවාසීන්ගේ සහය ඇතුව මෙම පුද්ගලයා රෝහල් ගත කර ඇත.

සිදුවූ කිඹුල් ප‍්‍රහාරය හමුවේ විජේරත්න මහතාගේ පාදයට බරපතල තුවාල සිදු වී අනුරාධුපුර ශික්ෂණ රෝහලේ මේ වන විට ප‍්‍රතිකාර ලබමින් සිටී.

එම අවස්ථාවට මුහුණ දුන් හිමිනමට කිසිදු අනතුරක් සිදුව නැත.

මෙම නිර්භීත ක‍්‍රියාවෙන් ජීවිතයක් බේරාගැනීම හේතුවෙන් කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. අබේසේකර මහතා ඇතුලූ පොලිස් කණ්ඩායමක් දියමයිලගස්වැව විහාරස්ථානයට ගොස් හිමියන් බැහැ දැක ප‍්‍රශංසා කිරීමට ඊයේ (07) දහවල් කටයුතු කළේය.

– divaina

71,632 views

29 Comments to “පියනන්ද හිමියෝ වැවට පනිති.. මිනී කන කිඹුලා මැඩ ජීවිතයක් බේරා ගනිති…”

  1. Gratiaen. says:

    This monk deserves a Gallantry badge for saving a life from a deadly creature. For attention of the authorities!

  2. Rr says:

    news එකට අදාලව comment එකක් දාන්නේ බොහොම අඩු පිරිසක්.අනේ මන්දා අපේ රටේ හුග දෙනෙක්ගෙ මානසික මට්ටම.

  3. Sevaka Grama says:

    Abaya danaya deme pin sidu wena karunaki himi namata ey pinama athi sasarata//

  4. Jagath Z says:

    Obawahanse niduk neerogi wewa

  5. aru says:

    Bohoma pin Hamuduruwane.

  6. Manodaya says:

    ආධ්‍යාත්මික බලය. ඒ නිසා කිඔුලා හිමියන්ට අනතුරු කර නොමැත. තෙරුවන් ගුණ බලය. දේව බලයක් නොවේ. කාලි බලය නොවේ.

    • SALMAL says:

      දියමයිලගස්වැව ශ‍්‍රී ධර්මරාජ විහාරස්ථානයේ ගෞරවනීය පියනන්ද හිමියන්ට ජාතියේ උත්තමාචාරය.පාද පුර්ව ,නමස්කාරය පුදමු ,..ගෞරවනීය පියනන්ද හිමියන් අපේ රටේ සැමදෙනාටම ආදර්ශයක් ..

Leave a Comment

Main News