පියසේන ගමගේ ආ ගමන්ම කොලේ ඉරාගෙන ඇගෙත් හලාගනී.. පාතාල නායකයාගේ සාක්‍ෂිකරු වෙයි..

December 31, 2017 at 11:20 am | lanka C news
පියසේන ගමගේ ආ ගමන්ම කොලේ ඉරාගෙන ඇගෙත් හලාගනී.. පාතාල නායකයාගේ සාක්‍ෂිකරු වෙයි..

නීතිය, සාමය හා දක්‍ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති පියසේන ගමගේ විසින් කොස්ගොඩ සුජී නම් පාතාල නායකයෙකු ලෙස සැලකෙන පුද්ගලයාගේ විවාහයේ සාක්‍ෂිකරුවෙකු ලෙස අත්සන් තබා ඇති බව නෙත් නිවුස් වෙබ් අඩවිය වාර්තා කරයි.

ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටපෝල්) විසින් මේ වන විට දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස රතු නිවේදන නිකුත් කර ඇත්තේ කොස්ගොඩ සුජී නමින් සිටින ජගමුණි සුජීව ද සොයිසා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

එමෙන්ම ඝාතන රැසක් හා පාතාල ක‍්‍රියාකාරකම් ගණනාවකට සම්බන්ධ යයි හෙලිව ඇති කොස්ගොඩ සුජීට එරෙහිව බලපිටිය අධිකරණය මගින් අධිචෝදනාද ගොනුකර ඇත.

කොස්ගොඩ සුජී නොහොත් ජගමුණි සුජීව ද සොයිසා නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටපෝල් විසින් ඔහු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවාග

මේ අතර ජාත්‍යන්තර නිල් නිවේදන නිකුත් කර ඇති ‘මාකඳුරේ මදුෂ්’ නම් පාතාල නායකයා සමගද පියසේන ගමගේ ඇමතිවරයාගේ පුත් දකුණු පළාත් සභා මන්ත‍්‍රී රන්දිම ගමගේ සබදකම් පවත්වන බවත් කලක් මන්ත‍්‍රිවරයාගේ නිවසේද මධුෂ් නැවතී සිටි බවත් පුවත් වාර්තාවේ දැක්වෙයි.

120 views

4 Comments to “පියසේන ගමගේ ආ ගමන්ම කොලේ ඉරාගෙන ඇගෙත් හලාගනී.. පාතාල නායකයාගේ සාක්‍ෂිකරු වෙයි..”

  1. Aurora says:

    මෙතුමාට කැබිනට් ඇමතිකමක් සඳහා සුදුසුකම් තියනවා කියා ඔප්පුකර තිබේ. ගරු පාතාල සම්බන්ධීකරණ අමාත්‍ය ලෙස වහාම xxපති තුමා ඉදිරියේ දිව්රුම් දෙන්න. චන්දෙන් අත / බුලත්කොළය දිනවයි.

  2. daham says:

    onna yahapaalaneta niyametama galapenawa.

  3. Pina says:

    අනේ අපොයි කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන ආපු අලුතම. ලොක්කගෙන් කඩු පාර තමයි කන්න වෙන්නෙ. අපි වගෙ ඉන්නවකෝ හොඳට ගොට්ට අල්ල ගෙන. මචෝ,ඉස්සර වගේ නොවෙයි ලොක්ක කඩුවක් අරන් දැන් හරි වසයා. ලඟදී රුසියාවෙ පුටින් ව ත් ඇන්ඳුවා.

  4. Mamath UNP says:

    Anna kalyal balalaa yahapaalanayata hondama sudussek path karagena thiyanawa Geeta venuwata Amanaweeraya samaga ape athiutum Brapathithma.

Main News