පියාගේ උදලු මිට පහරින් දරුවා මිය යයි..

August 12, 2019 at 5:30 pm | lanka C news
පියාගේ උදලු මිට පහරින් දරුවා මිය යයි..

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ⁣ ⁣මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ නිවසට බිමතින් පැමිණි පියා සහ නිවසේ සිටි මව අතර ඇති වු ගැටුමක් පාලනය කිරිම සදහා මැද්දට පැන්න 17 හැවිරිදි දරැවෙකුට පියා විසින් මවට එල්ල කල උදලු මිට පහරක් හිසට වැදි එම දරැවා බර පතල තුවාල ලබා රත්නපුර මහා රෝහලේ දැඩි සත්කාරය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් මස්සැන්න වලවිවත් ප්‍රදේශයේ පදිංචිව සිටි නවින් ධනන්ජය නැමති (17) හැවිරිදි දරැවෙකු බව බලන්ගොඩ පොලිසිය පවසයි . ඔහු බලන්ගොඩ විද්‍යලෝක මධ්‍යම මහ විදුහලේ 11 ශේණියේ ඉගනුම ලබන දරැවෙකුයි .

මෙම සිදුවිම පසුගිය (05) වැනිදා සිදුවි තිබෙන අතර සිද්ධිය සිදුවි දවසක් පමණ ගත වු පසු මෙම දරැවා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරැව තත්ත්වය අසාද්‍යය බැවින් ඔහු රත්නපුර මහරෝහලේ දැඩි සත්කාර ඒකය වෙත මාරැකර යවා ඇතැයි පොලිසිය කියයි. එයට දින දෙකකට පසු එනමි ඉකුත් (08) වැනිදා පස්වරැවෙිදි රත්නපුර රෝහලේ පොලිසිය ⁣විසින් බලන්ගොඩ පොලිසියේ ස්ථානය වෙත දැනුම් දිමක් කර තිබුනේ පියෙකු විසින් නිවසට පැමිණි උගුඩුවෙකුට එල්ල කල පොලු පහරක් වැදි බලන්ගොඩ මස්සැන්න ප්‍රදේශයේ දාහත් හැවිරිදි දරැවෙකු බලන්ගොඩ මුලික රෝහලේ සිට රත්නපුර මහා රෝහලේ දැඩි සත්කාර ඒකය වෙත මාරැ කර යවා ඇති බවත් බවත් මෙිි සමිබන්දයෙන් සැකයක් පවතින බැවින් පරික්ෂණයක් ආරම්භ කරන ලෙසත්ය. දරැවාගේ මව විසින් රත්නපුර රෝහල් පොලිසිය වෙත දරැවා සමිබන්දයෙන් ලබා දුන් ප්‍රකාශකයකට අනුව මතු වු සැකයක් මත එම පරික්ෂණය ආරම්භ කිරිමට හේතුව වු බව පොලිසිය කියයි. සිද්ධිය සිදු වි දින තුනක් ගත වන තුරැම කිසිම පොලිසියක් වෙත මෙිි සමිබන්දයෙන් පැමිණිල්ලක් නොකර සිද්ධිය වසන්කර සිට ඇති බවද පොලිසිය කියයි.

මෙි සමිබන්දයෙන් ඉකුත් (08) වැනිදා බලන්ගොඩ සහකාර ⁣පොළිස් අධිකාරි දුමිදු සේනානායක මහතාගේ උපදෙස් පරිදි බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ලෝරන්ස් ප්‍රනාන්දු සහ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති අමරසිංහ යන මහත්වරුන් විසින් එම දරැවා පදිංචිව සිටි නිවසට ගොස් විශේෂ පරික්ෂණක් අාරමිභ කලේය. එහිදි එම දරැවාගේ 13 හැවිරිදි සහෝදරි විසින් ලබා දුන් ප්‍රකාශ කිහිපයක්ද සමග එම දරැවාට පහර දුන් උදලු මිටද එම නිවසේ ඇද යට තිබි සොයා ගැනිමට හැකි වු බව පොලිසිය පවසයි.

මෙි සම්බන්දයෙන් තවදුරටත් පරික්ෂණ පැවැත්වු බලන්ගොඩ පොලිසිය සහ රත්නපුර අපරාධ ස්ථානය පරිෂනාගාරයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් (09) වැනිදා එම දරැවා පදිංචිව සිටි නිවසට ගොස් යලිත් විමර්ශන සිදු කලහ. එම විමර්ශන වලින් අණාවරණය කරගත් තොරතැරැ අනුව දරැවාට පහර දිමට සමිබන්ධ පියා අත්අඩංගුවට ගැනිමට බලන්ගොඩ පොලිියේ නිළධාරීන් කටයුතු කලහ. එහිදි දරැවන්ගේ මවගෙන්ද පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙි.

අත්අඩංගුවට ගත් දරැවන්ගේ පියා වන නිිල් ජයරත්න නොහොත් මහතුන් නැමති (39) හැවිරිදි සැකකරු බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එමි.එන්.ගුණවර්ධන මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරැව ලබන (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.

– සම්පත් ප්‍රියනන්දන

16,651 Viewers

7 Comments to “පියාගේ උදලු මිට පහරින් දරුවා මිය යයි..”

  1. Love nature says:

    මත් පැන් බෝන්නා වසලයෙක්

    • dan says:

      රාජපක්ෂලාට අපහාස නොකරනු.

      • මෙන්ඩිස් - මහබැංකු හොරුන්ගේ සාඩම්බර නිපැයුමක් says:

        තමුසෙත් බීලද. ඔය අපහාස කරන්නෙ යහපාලන නඩයටයි, විස්කි මැඩම්ටයි, ජෙප්පන්ටයි.

  2. කුරුණෑගල අපි says:

    සිංහල බෞද්ධ පියවරු තම දරුවන් පොලෙන් ගසා මරයි. දිවයින පුවත්පත මුස්ලිම් වෛද්‍යවරයකු සිංහල දරුවන් මාරු බව කියා බොරු වපුරයි.

    • nabi says:

      පියාගේ වරදක් නොවේ වරද අල්ලාහ් මවාපු මත් පැන් බිලා කුරානය ලියාපු කවියා මත් පැන් බිලලු කුරානය ලීවේ

Leave a Comment

Main News