පියා අමු තරිසන් වෙයි.. දරු තිදෙනා එල්ල මරා ගෙයත් ගිනිලා තමන්ද එල්ලා මැරෙයි..
June 27, 2017 at 8:02 am | lanka C news
තම දරුවන් තිදෙනා එල්ලා මරා දැමු පියෙකුද ගෙල වැලලාගෙන සිය දිවි නසාගැනීමේ සිදුවීමක් මාතර කඹුරුපිටිය පොලිස් වසමෙන් වාර්තා වෙයි.
ඊයේ රාත්රියේ මෙම සිදුවීම සිදුව ඇත්තේ කඹුරුපිටිය බෙරළිඅතුර ප්රදේශයේදීය.
දෑක් පසුපසට කර බැද දරුවන් තිදෙනා එල්ලා මරා දැමීමෙන් පසු නිවසද ගිනි තබා පියාද දිවා නසා ගෙන ඇති අතර නිවස ගිනි ගැනීම ගැන පොලීසියට ලද තොරතුරක් මත ගොස් පරීක්ෂා කිරීමේදී මෙම තොරතුරු හෙලිව ඇත.
අවුරුදු 16, 10 වියැති ගැහැණු දරුවන් දෙදෙනකු හා ඔහුගේ පුතා වන 14 හැවිරිදි හිමිනමක් ද මෙසේ එල්ලා මරා ඇති අතර පියාගේ වයස අවුරුදු 44කි.
දැනට මසකට පමණ පෙර දරුවන්ගේ මව ආරවුලක් හේතුවෙන් නිවසින් වෙන්ව සිටී.