පියා විසින් අවුරුදු 09 දියණියට අතවර කරයි..
July 8, 2018 at 5:30 pm | lanka C news
යාපනය කයිට්ස් පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 09 ක් වයසැති දියණියට ලිංගික අතවර කල පියෙකු ඊයේ (07) දින අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කල බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.
පුන්කුඩතිව් දෙවන කොටසේ පදිංචි අවුරුදු 09 ක් වයසැති දැරියට දින කිහිපයක්ම දැඩි ලෙසින් මත්පැන් පානය කොට නිවසට පැමිණෙන පියා විසින් ලිංගික අතවර කළ බවටත් ඉවසා සිටීමට බැරිම අවස්ථාවේදී තමන් පැමිණිල්ල සිදු කල බවට නව හැවිරිදි දැරියගේ මව වූ පහීදරන් සවර්කා කයිට්ස් පොලීසියට පවසා ඇත.
අදාල පැමිණිල්ල දැමීමෙන් පසුව කයිට්ස් පොලීසිය අදාල පියා බවට සැකකෙරෙන 29 හැවිරිදි පහීධරන් ක්‍රිෂ්ණමූර්ති පහීධරන් නැමත්තා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතර ලිංගික අතවරයට ලක් වූ 09 හැවිරිදි දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවට පරික්ෂණ සිදු කරන කයිට්ස් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මේක අහල විජයකලාට ආතතිය හැදෙයිද?
මුන් තමා මිනීමරු පිරපාකරන් අනුගමනය කරන්නේ පිරපාකරන් බැදපු ගැනීව බලෙන් පිරපාකරන් උස්සගන ගියාලු ඇගේ පරන පෙම්වතා මරා දැම්මාලු
ප්රභාකරන් ඕනා.
මේ නීතිය නම් වානා..
යහපාලන පූසා..
අපෙ ළමයි ටිකත් කෑවා…
Vijayakala redda ussala may daruwawa bera ganna thibuna ne.
Ane aparade jeevithayak.