පියුමිට ගෙදර යන්න දුන්නේ පොලිස් ලොක්කෙක්…?

June 3, 2021 at 10:02 pm | lanka C news
පියුමිට ගෙදර යන්න දුන්නේ පොලිස් ලොක්කෙක්…?

පසුගිය 30 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උපන්දින සාදයක් පවත්වන අතර කොටුව පොලිසිය විසින් අත්අඩංගුව ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු සාදයට එක්වූ 20 දෙනකු පමණ පිරිසක් මුදාහැරීමට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහාය ලැබුණේ ද යන්න පිළිබඳව ද විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුන් උපදෙස් මතයි.

මේ අනුව මෙම විමර්ශනය සඳහා කොළඹ දකුණ භාර පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රි පත්කර ඇති අතර ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදය සම්බන්ධ විමර්ශන කොටුව පොලිසියෙන් ඉවත් කර කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනක් නන්දන වෙත පැවැරීමට ද පියවර ගෙන ඇත.

මැයි 30 වැනිදා රාත්‍රියේ පැවැති මෙම උපන්දින සාදයට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් විසිදෙනකු පමණ පොලිස් නිලධාරීන් විසින් මුදාහැර ඇති බවත් පසුදින උදෑසන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අණින් විමර්ශන අරඹද්දි චන්දිමාල් ජයසිංහ හා නිරූපණ ශිල්පී පියුමි හංසමාලි දහවල් කාලයේ පොලිසියට කැඳවා අධිකරණය වෙත පමුණුවා ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනාවරණය කළේය.

මෙම පිරිස බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමුකිරීමට ඉල්ලූ අවසරය අධිකරණය මගින් ප්‍රතික්ෂේප වුවත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මෙම පිරිස නිරෝධායනයට යැවීම සඳහා වාර්තාවක් ලබාදී තිබිණි.

මේ අනුව එම සිද්ධියට 2 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කළ කාන්තාවන් දෙදෙනකු ද ඇතුළු දහතුන්දෙනකු නිරෝධායනයට ගෙනයාමට අධිකරණය ඉදිරිපිටදීම බස් රථයකට නංවාගෙන ඇත.

පිරිස නිරෝධායනය සඳහා පස්සර පිහිටි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත 2 වැනිදා පස්වරුවේ රැගෙන ගියේය.

– aruna

75,180 views

10 Comments to “පියුමිට ගෙදර යන්න දුන්නේ පොලිස් ලොක්කෙක්…?”

  1. 3% ට බය බයියා. says:

    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලන්නත් ඔය වගේ උනන්දු වෙනවලකෝ.

    • වේළුසුමන says:

      උනන්දු වෙන නිසා තමයි බොල ගිය සතියෙත් එකෙක් අල්ලුවෙ. පාර්ලිමේත්නු විහිලු කොමිසම් පත්කරල හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ අවුරුද්දක් රටම ඇන්දුවේ ඔය 3% යි, 48%යි කට්ටිය නේද? රනිල් සිරිසේනට ඇඟිල්ල දික් කරා.. සිරිසේන රනිල්ට ඇඟිල්ල දික් කරා.. යහපාලනය. බෝම්බ ගහපු දවසෙම හවස මාධ්‍ය සාකච්ඡා තිව්වා හිනා වෙවී.. මුස්ලිම් යූඑන්පී කොන්ග්‍රස් ඔක්කොම ඉල්ලා අස්වෙන කොට AKD ඇයි කියලවත් ඇහුවද? කොමිසමක් වත්? තව එකෙක් කිව්වා තාත්තා දැනගත් නිසා මම බේරුනා කියලා.. කෝ 3% මොනවද කරේ? යහපාලනේ හැම කොමිසමේම 3%ත් හිටියා නොවැ? දැන් පහැදිලි සම්බන්ධතා ඇති ඇතුලේ ඉන්න බදුර්දීන්ලා එකල 3% එක්ක එක පාටියේ. පාඨකයාට නොමිලේ විහිලු සපයන්න එපා බං..

    • ඇයි අර කාදිනල් කාරයත් ඕකම කියලා නේද කෑ ගහන්නේ. උඹ එයාගේ පුක ලෙවන්නද. ඊට ඉස්සරලා අර 87-89 මරපු උන් ගැනයි අවුරුදු 30ක් තිස්සේ කතෝලික පල්ලියේ අනුග්‍රහය ඇතිව LTTE එකෙන් මරපු අහිංසක ගම් වැසියන් ගැනයි පරීක්ෂණ ඉල්ලන්න කියලා ඉල්ලපන්කෝ. අනේ හුකේ. ඒවා කබර මස් මේවා තලගොයි මස් නේද.

    • King Bull says:

      ඒකි කොහේ නිදාගතත් අපිට පාංද. නිකං පඩ ෂෝ.

  2. Jana says:

    I don’t have enythi8 against this government. But as I mentioned in previous occasions Our dear President doesn’t get fullest corporation
    from his Ministers.
    Where is Dr
    Sarath Weerasekara? Missing in action?
    My dear Mr. President, he can talk but will achieve nothing. When every one focussing on his departmen he allowed all his jokers to dance.
    I reluctantly agree with Mr. Sarath Fonseka.

  3. සාධාරණ මිනිසා says:

    මේ කාලයේ අපේ රටට ඉතාම වැදගත් වටිනා ප්‍රශ්නය විසදීමට ගන්නා උත්සාහය අගය කරමු

  4. රටවැසි says:

    අනේ ! කවදා මේ රට , යුක්ති ගරුක ඇත්තන් පාලනය භාර ගනීවි දෝ . දැනට නං නීතිය , යුක්තිය ගරු කරන්නෝ නිවාස අඩස්සියේ .

  5. වෙච්ච දේවල් වෙලා ඉවරයි . අදාළ තැනැත්තිය දැන් ඉන්නේ , ඉන්න ඕන නිරෝධායන මධ්‍යස්ථානයක . තවදුරටත් මේ වගේ වැදගැම්මකට නැති කුනුරසය මතුකරන මාතෘකාවට තිතක් තියමු. මීට වඩා වටිනා , සාකච්ඡාවට බදුන් කලයුතු දේ ඕන තරම් තියෙනවා .

  6. Dengu Nona says:

    wala kuliyata adavance ekak wennathi!

  7. Truth says:

    News just she is pregnant

Main News