පියුමි හංසමාලී චණ්ඩි රැජිනක් වෙයි.. සාදයකට කඩා පැන මාධ්‍ය සේවකයින් තොගයකට නෙලයි..

March 16, 2017 at 3:00 pm | lanka C news
පියුමි හංසමාලී චණ්ඩි රැජිනක් වෙයි.. සාදයකට කඩා පැන මාධ්‍ය සේවකයින් තොගයකට නෙලයි..

ප‍්‍රකට නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සමග සිටි තරුණයින් කිහිප දෙනෙකු මාධ්‍ය ආයතන කිහිපයක සේවක පිරිසකට පහර දීමක් සිදු කර තිබේ.

මෙම සිදුවීම වී ඇත්තේ කිරිබත්ගොඩ හෝටලයකදී පැවති සාදයක් අතරතුරදීයි.

මෙම සාදය සංවිධානය කර තිබුනේ රාජ්‍ය ආයතනයක ප්‍ර‍ධානියකු විසින් වන අතර පියුමි හංසමාලී හා ඇගේ හිතවත් තරුණයින් පිරිස මෙම සාදයට සහභාගී වූවන් නොවෙති.

පහර කෑමෙන් තුවලා ලත් එක් අයෙකු රෝහල්ගත කර ඇති අතර මේ සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක්ද කර ඇත.

217 views
Main News