පිරවුම්වල් හිමියන් QR ක‍්‍රමයට විරෝධය.. ලාබ අඩුවෙලාලු..

August 19, 2022 at 3:50 pm | lanka C news
පිරවුම්වල් හිමියන් QR ක‍්‍රමයට විරෝධය.. ලාබ අඩුවෙලාලු..

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමයට ඉන්ධන ලබාදීම නිසා ඉන්ධනහල්වල ආදායම විශාල ලෙස පහළ ගොස් ඉන්ධනහල් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

QR ක්‍රමය ක්‍රියාත්මක වීමට පෙර සතියකට ඩීසල් හා පෙට්‍රල් බවුසර 12ත් 15ත් අතර ඉන්ධන හලකට පැමිණියත් මේ ක්‍රමය නිසා සතියකට ඉන්ධන බවුසර් 04ත් 05ත් අතර ප්‍රමාණයකට අඩුවී ඇතැයිද ඔහු කීය.

සිපෙට්කෝ ඉන්ධන හල් 998කට මින් වඩාත් අහිතකර බලපෑම් ඇතිවී තිබෙන බවත්, ඉන්දියන් ඔයිල් ඉන්ධනහල්වලටත් මෙම ක්‍රමය නිසා යම් බලපෑමක් ඇතිවී තිබෙන බවත් ඔහු කීය. සතියක් තිස්සේ සීමාකර ඉන්ධන ලබාදීම් සිදුකළත් සේවක වැටුප්, ජල, විදුලි බිල්, බවුසර් රියැදුරු වැටුප් ඇතුළු වියදම් සාමාන්‍ය පරිදි දැරීමට සිදුවන නිසා QR ක්‍රමයට ඉන්ධන බෙදහැරීම අපහසු බවත් ඔහු කීය.

QR ක්‍රමය ක්‍රියාත්මක කිරීම නිසා ඉන්ධන හල්වල පෝලීම් අඩුවී ඇති බවට රජය ප්‍රකාශ කළත් මහජනතාව මිල වැඩිකර හෝ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබදෙන ලෙස නිතර ඉල්ලීම් කරන බව නාරාහෙන්පිට ඉන්දියන් ඔයිල් සමාගමේ හිමිකරු සම්පත් කොතලාවල මහතා පැවසීය. විශේෂයෙන් කුලී ත්‍රිරෝද රියැදුරන් සතියකට ලබදෙන ඉන්ධන ලීටර් 5ක ප්‍රමාණය වැඩිකර දෙන ලෙස ඉල්ලීම් කරන බවද ඒ මහතා පැවැසීය.

චමින්ද සිල්වා
– දිවයින

45,315 views

18 Comments to “පිරවුම්වල් හිමියන් QR ක‍්‍රමයට විරෝධය.. ලාබ අඩුවෙලාලු..”

  1. SL says:

    ඉතිං කරගෙන යන්න බැරි නම් IOC එකට විකුණපං උන් කරල පෙන්නයි
    ලංකාවෙ කාලකන්නින්ට කරන්න පුලුවන් මොනාද?

  2. Tharanga says:

    Narahanpita IOC filling station eakata Sri Lankawa nithiya walangu na. QR naha. Salli danawanam full tank.

  3. අප්පට සිරි says:

    බවුසර් 10ක් 15ක් ඇවිල්ලා මහ පෝලිං 90%කට තෙල් කදුලක් නෑ.දැන් බවුසර් 4න් හැමෝම තමන්ගේ වැඩ කරගන්න ඇති තරම් තෙල් තියෙනවා,

  4. තුෂා says:

    QR එක නැති කරන්න එපා මේක දුප්පත් එවුන්ට හොඳයි,
    QR නැති කලොත් ෂෙඩ් වල එවුන් වැඩි මිලට තෙල් හොරෙන් විකුනනවා..ඒ වගේම පෝලිම් දිගු වෙනවා. දෙන තෙල් ප්‍රමානය තුන් හතර ගුනයකින් වැඩි කලානම් හරි….
    මිනිස්සුන්ට තෙල් ගන්න සල්ලිත් නැ..

  5. sam says:

    ඉන්ධන පිරවුම් හල් තෙල් විකිණීමෙන් ලබන ලාභය බොහොම සුළුයි. පොම්පකරුවන්ට ගෙව්වෙත් බොහොම අඩු වැටුපක්. පිරවුම්හල්කරුවන්ගේ ලාභයත්, පොම්පකරුවන්ගේ ආදායමත් දෙකම රඳා පැවතුනේ නොයෙකුත් අයථා ක්‍රම මතයි. පොම්පවල මිනුම අවමව තබා, ලීටර් 6600 බව්සරයකින් ලීටර් 6650-6700 පමණ විකිණීම සැමවිටම සිදු කළා.

    පොම්පකරුවනුත් තමන්ගේ පොම්පයෙන් විකුණුන තෙල් ප්‍රමාණයට අදාළ මුදල පමණක් දිනය අවසානයේ කළමනාකරුට ලබා දෙන අතර ඔවුනට ලැබෙන වැටුප වගේ දෙතුන් ගුණයක මුදලක් දිනය අවසානයේ ඔවුන්ගේ අතේ ඉතුරු වෙනවා.

    දැන් මේ දේවල් එකක්වත් කරන්න බැහැ. QR කේතය නිසා ලැබුන ලීටර් ප්‍රමාණයට ආසන්න ලීටර් ප්‍රමාණයක් විකිණිය යුතු වෙනවා. ටැංකි වල තෙල් ඉතුරු වෙලා අහු උනොත් ලෙඩක්. පොම්පකරුවන් පොම්පය zero නොකර සල්ලි මාටියා ගහපු එකටත් කෙලවිලා.

    මේ තෙල් අර්බුදය විසඳුන කලකත් මේ විදියට QR ක්‍රමය පැවතුනොත් පාරිභෝගිකයින් ගසා කෑම අවම වේවි. හැබැයි ඉන්ධනහල් හිමියන් හා පොම්පකරුවන්ගේ ලාභය හා ආදායම නම් අඩු වෙයි.

  6. Ranmali says:

    මිනිස්සු පෝලිමේ දුක්විඳ කාලේ දැන් නැහැ. කරුණාකර මේ අය කියන විදියට වැඩ කරන්න එපා. මේ ක්‍රමය ඉතාමත් හොඳයි.

Main News