පිරවුම්හලේ ඉන්ධන ඉවර වුනැයි පිරවුම්හල් හිමිකරුගේ නිවසට ගිනි තියයි…
May 22, 2022 at 8:40 am | lanka C news
ඉන්ධන පිරවුම්හල් හිමිකරුවකු පදිංචි නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇත.
කැකිරාව ඉපලෝගම රණජයපුර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගෙන් නිවසට මෙසේ ගිනි තබා ඇතැයි ඉපලෝගම පොලීසිය සඳහන් කරයි.
ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේ රාත්‍රී විශාල පිරිසක් පැමිණ තිබූ අතර එහි ඉන්ධන අවසන්වීම හේතුවෙන් පෝලිමේ සිටි ඇතැමුන්ට ඉන්ධන ලබා ගැනීමට නොහැකිව ඇත.
ඉන් කෝපයට පත් පිරිසක් පිරවුම්හල් හිමියාගේ නිවසට මෙසේ ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
රාත්‍රී විදුලි කප්පාදු කල අවස්ථාවේ මෙම ගිනි තැබීම සිදු කර ඇති අතර ඒ අවස්ථාවේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගේ බිරිඳ සහ එම දරුවන් දෙදෙනා නිවසේ සිට ඇත.
ගම්වැසියන් හා පොලිස් නිලධාරීන් එක්ව ගින්න නිවා දමා නිවසියන් ජීවිත බේරා ගැනීමට කටයුතු කර තිබේ.
ගින්න හේතුවෙන් පාසල් දරුවන්ගේ පොත්පත්ද මුළුමනින්ම විනාශ වී ඇති අතර ඉන් එක් දරුවෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයෙකි.
Who is the Owner of this Petrol Shed පිරවුම්හල් හිමිකරුව ?
There is no smoke without a fire. Political fires underneath.
Curse these people who set fire.
ෆයර් එක තමයි බූරුවෝ ජේවීපී කාරයන්ගේ වයිරය මේ හැම සිද්ධියක් පිටු පසින්ම ජේවීපී කාරයො ඉන්නවා.උන් මිනිස්සු උසිගන්වනව මේවගේ දේවල් කරන්න.රටේ ඉන්න බුද්ධියෙන් අඩු පන්තිය මුන්ගේ මේ වයිර් වැපිරීම ට අහුවෙලා අපරාධ කරනවා.අලුතින් බැඳෙන එකාගේ දක්ෂකම සහ පක්ෂයේ අනට කීකරු භාවය බලන්න මේවගේ ඒවා හිනිතියන්න ,මිනී මරන්න දෙන්නේ අලුත් සාමාජිකයා ට එහෙම ක්කරන්නේ අහු උනත් පක්ෂයේ සීනියර් එවුන්ට බේරෙන්න .ජවිපෙ කියන්නේ අලුගෝසු .බලය දුන්නොත් ගන්නවා බොරු
othana ‘kopayata path pirisak yanna niwaradi wiya yutuyi .balaya netuwa ohomanam balaya lebunot kohoma hiteeda .