පිරවුම්හලේ ඉන්ධන ඉවර වුනැයි පිරවුම්හල් හිමිකරුගේ නිවසට ගිනි තියයි…
May 22, 2022 at 8:40 am | lanka C news
ඉන්ධන පිරවුම්හල් හිමිකරුවකු පදිංචි නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇත.
කැකිරාව ඉපලෝගම රණජයපුර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගෙන් නිවසට මෙසේ ගිනි තබා ඇතැයි ඉපලෝගම පොලීසිය සඳහන් කරයි.
ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේ රාත්‍රී විශාල පිරිසක් පැමිණ තිබූ අතර එහි ඉන්ධන අවසන්වීම හේතුවෙන් පෝලිමේ සිටි ඇතැමුන්ට ඉන්ධන ලබා ගැනීමට නොහැකිව ඇත.
ඉන් කෝපයට පත් පිරිසක් පිරවුම්හල් හිමියාගේ නිවසට මෙසේ ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
රාත්‍රී විදුලි කප්පාදු කල අවස්ථාවේ මෙම ගිනි තැබීම සිදු කර ඇති අතර ඒ අවස්ථාවේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගේ බිරිඳ සහ එම දරුවන් දෙදෙනා නිවසේ සිට ඇත.
ගම්වැසියන් හා පොලිස් නිලධාරීන් එක්ව ගින්න නිවා දමා නිවසියන් ජීවිත බේරා ගැනීමට කටයුතු කර තිබේ.
ගින්න හේතුවෙන් පාසල් දරුවන්ගේ පොත්පත්ද මුළුමනින්ම විනාශ වී ඇති අතර ඉන් එක් දරුවෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයෙකි.
Me peththatama aya thel yawanna hoda ne. Ethakota owun uda balan idiyi.
සීයට තුනේ.. අකුරු තුනේ..
සාපෙන් රට නිදහස් වේවා..
ඔය ඔක්කොම කරන්නෙ 69 ලක්ෂයෙන් තාමත් පරිනාමනය නොවී ඉන්න බත් කන හරක්. 3% කවදාවත් ඔයවගේ මන්ද බුද්ධික වැඩ වලට මැදිහත් වෙන්නෙ නැහැ
During 87-89 the JVP targeted unarmed Sinhalese, cut hands of voters, killed SLFP, CP, LSSP, UNP politicians, killed small shop owners for selling Bombay onions, Mysore lentils etc, killed bank staff and robbed banks, they even robbed the salaries of poor tea plantation workers, and the list is endless. Don’t forget, Tilvin was jailed for brutal assault and robberies.
ඔව් ඔව් සියයට තුනේ එවුන් සුද්දවන්තයෝ.වැරදි කරලා ඇස්දෙකේ බෝල දෙක කරකවලා අපි කලේ නැහැ කියන්න උන්ගෙ ලොක්කා හරි දක්ෂයි.බොරුවෙන් ජීවත්වෙන හීනමානයෙන් පෙලෙන ලේ පිපාසිත යක්ෂයෝ තමයි ඕකුන්
Shoot in sight
අනේ පව් අර අසරණ දරුවා. කොහොමද විභාගෙ ලියන්නෙ. ඇයි මේවගේ කාලකන්නි වැඩ කරන්නෙ මිනිස්සු? ඒ වැඩේ කරපු අයට කවම කවදාවත් හරියන්නනම් එපා…😥😢😢😰
මේක කරපු එවුන්ට හෙන හතක් වැදිල ත් මදි .
මොන මෝඩ මිනිස්සුද මේ. ඒ මනුස්සයගෙ ගේ ගිනිතියල පෙට්‍රල් ගන්න පුලුවන්ද . පව් අසරණ දරුවො. අරගලේ ඕකද… අරගල කියල මිනිස්සු කකාබිබී ජොලියෙන් ඉන්නව. ගෙවල්වලට වඩා සැපෙන්. රටේ සිස්ටම් චේන්ජ් කරකරන හැටි වෙන්න ඇති මේ. මේව හොයල නීතියට ගේන්න ඕන . රටේ නීතියක් තිබ්බනම්..පාලකයො හරියට උන්නනම් මෙවන් දේවල් සිද්ද වෙන්නෙ නෑනෙ.
පිරවුම්හල් හිමිකරුවන් ගේ ගසා කෑම හැකි ඉක්මනින් නතර කල යුතුය. වැඩිහරියක් මේවා අයිති මැති ඇමති වරුන්ට.
Ape wada ehema thamai
පිස්සොද ලංකාවේ ඉන්නේ. තෙල් ඉවර උනාම ඒ මිනිස්සු මොකද කරන්නේ. ඕකුන්ව අල්ලා නිසි දඩුවම් දෙන්න ඕනේ අතපය කඩන්න ඕනේ.
හරියට දෙයක් දෙරුම් ගන්න බැරි බූරු සක්කිලි ලංකාවේ ඉන්නේ
කැලෑ නීතිය පාලකයාට හොදය. මේ වෙලාවේ ගිනිතැබීම සහ කලුකඩය යනදෙකම සියතින්ම ගෙල සිදගැනීමකි. පාරිභෝගිකයා මලොත් වෙලෙන්දාද මැරෙන්නේය. මෙරට මැටිමෝල් වැද්දන්ට ඕක තේරෙන්නෙ නැත. විශේශයෙන් සිංහල වෙලෙන්දෙක් යනු මරි මෝඩ උඩගු බේබද්දෙකි. දෙවෙනි පරම්පරාව ඊටත් මැටිය. එකෙක් තමන්ගේ බිස්නස් එක ලමයෙකුට දෙන්නෙ නැත. කොල්ලා පිටරට යවා උගන්වල ගන්න හැදුවට ඒක හරියන්නෙත් නැත. හරහට උස ගිය කෙල්ලත් ඒ වගේම මුදලාලි පුතෙකුට බන්දලා දෙන්නෙ දේපල එකතුකරන්නය. කොල්ලා කෙල්ලගෙ දේපලත් උකස්තියා කඩේ වැඩට හිටපු කෙල්ල එක්ක පැනලා යය්. අපේ ආර්ථිකය ඔහොමය.