පිරවුම්හලේ කලමණාකරැගේ නිවසින් ඉන්ධන තොගයක්…
June 19, 2022 at 2:07 am | lanka C news
තලවකැලේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක කලමණාකාරවරයාගේ නිවසේ තිබි භුමිතෙල් ලිටර් 24 ක් සහිත බුලි දෙකක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
නුවරඑලිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ දුෂණ වැටලිම් ඒකකයේ නිලධාරින් වෙත අදාල කලමණාකාරවරයාගේ තලවකැලේ ග්රේට් වෙස්ටර්න් වත්තේ ලුසා කොටසේ පිහිටි නිවසේ භුමිතෙල් අලෙවි කරන බවට ලද තොරතුරක් මත උපාය දුතයෙකු යොදාගනිමින් අදාල වැටලිම සිදු කර ඇත.
වැටලිම සිදු කරන අවස්තාවේ අදාල කලමණාකාරවරයාගේ පියා භුමිතෙල් ලිටරයක් වැඩි මිලට අලෙවි කල බවත්, ඒ අනුව කලමණාකාරවරයාගේ පියා සැකපිට අත්අඩංගුවට ගෙන නිවසේ තිබි පොලිස් භාරයට ගත් භුමිතෙල් ලිටර් 24 වැඩිදුර විමර්ෂණ සිදු කිරිම සදහා තලවකැලේ පොලිසිය වෙතට භාරදුන් බවයි වැටලිම සිදු කල දුෂණ වැටලිම් ඒකකයේ නිලධාරින් කියා සිටියේ.
මේ අතර මස්කෙලිය නගරයේ පිහිටි මස්කෙලිය විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ කලමණාකාරවරයා සහ සේවකයෙකු රාත්රියේ බූලි වලට පෙට්රල් ඉන්ධන ඉතා රහසිගතව පුරවන බවට මස්කෙලිය පොලිසිය වෙත ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් ඉන්ධන පිරවුම්හල වෙත ගොස් ඉන්ධන පුරවා තිබු පෙට්රල් බූලියක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය ඉන්ධන පිරවුම්හලේ කලමණාකාරවරයාට මස්කෙලිය පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් යලිත් මෙවැනි දේ සිදු නොකරන ලෙසට අවවාද කරමින් කලමණාකාරවරයාව මුදා හැර ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
24 liter. Not even enough for filling a tank full.
Boomi thel ne..
Boomi thel vikinuwa kiyala ne kiyanne..
රට කරන අය හොදනම් මේ දේවල් සිදුවන්නේ නැහැ .
Confiscate the Petrol Shed. Take it over to the Government. Throw the manager in jail with no charges.