පිරිමින්ට කොන්ට්‍රෝල් කරගන්න බෑ කියා කොළඹ පාසලක කාන්තාවන්ට අදින්න තහනම් ඇඳුම් කටවුට් ගහයි..

September 18, 2016 at 3:02 pm | lanka C news
පිරිමින්ට කොන්ට්‍රෝල් කරගන්න බෑ කියා කොළඹ පාසලක කාන්තාවන්ට අදින්න තහනම් ඇඳුම් කටවුට් ගහයි..

කාන්තාවන් පාසල් වලට ඇතුල් වීමේදී සැරසී සිටිය යුතු ඇඳුම් නිර්දේශ කරමින් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරිපස අලවා තිබුණු පෝස්ටරයක් සමාජ මාධ්‍ය ජාලය තුළ උණුසුම් විවාදයකට තුඩු දී ඇත.

පාසලට ඇතුළුවන කාන්තාවන් ඇඳිය යුතු සහ ඇඳීම සුදුසු නොවන ඇඳුම් මෝස්තර පිළිබඳ සටහනකුයි එම පෝස්ටරයේ දැක්වෙන්නේ.

එහි දැක්වෙන පරිදි සාම්ප්‍රදායික සාරියෙන් හෝ එතරම් නවීන නොවන ඇඳුම්වලින් සැරසීම යෝග්‍ය වුවත්, කොට සාය සහ අත් නොවැසෙන ආකාරයේ ඕනෑම ඇඳුමක් පාසලය ‘යෝග්‍ය නොවන’ ඇඳුම් ආයිත්තම්.

කාන්තාවන්ට එවැනි ඇඳුම් නීතියක් පැන වූ බව ශාන්ත ජෝසප් විදුහලේ පරිපාලන නිලධාරිනියක් සනාථ කළාය.

එහෙත් එය එම විදුහලට පමණක් අදාළ නියෝගයක් නොවන බවයි, බීබීසී යේ අයේෂා පෙරේරා කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ.

“ලංකාවේ විතරක් නෙවෙයි හැමතැනම අදහසක් තියනවා පිරිමි ඇයට ඒ ගොල්ලන්ගේ ‘හෝමෝනස් කන්ට්‍රෝල්’ කරගන්න බැහැ කියලා. එහෙම කියන එක පිරිමි ළමයින්ටත් හොඳ නැහැ. ඒ කියන්නෙ ඒ ගොල්ලො සත්තු වගේ හැසිරෙනවා කියල. ඒක හරි කියල මම හිතන්නෙ නැහැ” යනුවෙනුයි අයේෂා පෙරේරා පැවසුවේ.

තමා පාසැල් කිහිපයකටම මේ සම්බන්ධව කතා කළ බව කී අයේෂා පැවසුවේ මෙම දැන්වීම මගින් පාසැලේ ළමයින්ට වැරදි පණිවුඩයක් රැගෙන යන බවයි.

“දැන් අනිත් රටවල් වල මිනිස්සු ඕන එකක් ඇඳගෙන යනව ළමයිව ගන්න, ඒ තැන්වල එහෙම ප්‍රශ්න නැහැ. මං හිතන්නෙ නැහැ ගැහැණුන්ට විනීතව අඳින්න කියල කියන්න ඕන කියල. එකෙන් අදහසක් එනව එක විදියකට අඳින කාන්තාවන්ට විතරයි ‘රෙස්පෙක්ට්’ කරන්න ඕන කියල. දැන් බලන්න ගැහැණු කෙනෙක් දුෂණයට ලක්වුනොත් මිනිස්සු ඉස්සරවෙලාම අහන්නේ එයා මොනවද ඇඳගෙන හිටියෙ කියල. අපි ඉන්නෙ 21 වැනි සියවසේ. මෙහෙම දැන්වීමක් දාන කොට අපි ළමයින්ට කියන්නෙ මෙහෙම ඇන්දේ නැතිනම් ඒ කාන්තාවන්ට ගෞරව කරන්න එපා කියල ඔයගොල්ලන්ට කැමති දෙයක් එයාලට කරන්න, කියන පණිවුඩය” යනුවෙනුයි ඇය වැඩි දුරටත් කියා සිටියේ.

සිය විදුහලේ එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව කොළඹ ශාන්ත පීතර විද්‍යාලයත් සනාථ කළේය.

මේ නීතිය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනා කෝපය පළ කර තිබිණ.

– BBC

jjlklklklklkkl

 

22,386 Viewers

6 Comments to “පිරිමින්ට කොන්ට්‍රෝල් කරගන්න බෑ කියා කොළඹ පාසලක කාන්තාවන්ට අදින්න තහනම් ඇඳුම් කටවුට් ගහයි..”

  1. kumara says:

    එහෙම තමයි පාසල ඇතුලේ ශික්ෂණය රැකීමට හොද පියවරක්

  2. හරි හරි පාසැල් ඇතුලේ සුනිල් පෙරේරට රාජකීය විධියට රෙදි ගලවන්න හොදයි.

  3. VASANA says:

    දැන් ඇදුමටත් නීතිද ? ලංකාවේ දැන් ඉස්ලාම් නීති ටික ටික එනවා වගෙයි …..කාන්තාවන්ට ඕන දෙයක් ඇදීමට නිදහස තිබිය යුතුයි
    පිරිමින්ට කොන්ට්‍රෝල් කරගන්න බෑ නම් …ඔවුන්ගේ මානසික රෝගවලට වහාම ප්‍රතිකාර කලයුතුයි ….කාන්තාවගේ ඇදුම් වෙනස් කිරීමෙන් පලක් නැත
    අබුද්ධස්ස කාලේ ලබුත් තිත්තලු ……….

  4. Xman says:

    It’ been sad that Muslims sick concepts approving our people also, If you live in Europe or even in far east like Philippine women wear beautifully and sometimes sexy looking cloths, but nobody cares

  5. nbtff says:

    ඔව්. සමහර ගෑනු හොර පාරෙන් බටහිර අයිතිවාසිකම් මානගෙන, 21 සියවසේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ . ඒ වුනාට ලංකාවේ පිරිමි තාම 21 සියවසට යන්න තරම් (නො)දියුණු වෙලා නැනේ. එකනේ ජීන්ස් අඳින ගමන්ම සාරිය පටලවාගෙන mode එක fixed කරන්නේ , සමාජය රවටනවා …!

  6. සබර says:

    ෂරියා නීතියත් දැන් ලංකාවට ගේනවද ? මොනවාද මේ බහුභූත කතා …මේ සිංහල බෞද්ධ රටක් මුස්ලිම් රටක් නොවේ

Main News