පිරිමියා ගැහැනිය බවට පත් කරන්න ජනාධිපති උත්සාහයක.. 20ට ඔහු හැර බහුතරය විරුද්දයි..

October 15, 2020 at 8:40 am | lanka C news
පිරිමියා ගැහැනිය බවට පත් කරන්න ජනාධිපති උත්සාහයක.. 20ට ඔහු හැර බහුතරය විරුද්දයි..

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හකුළා ගෙන රටට හිතකර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම වත්මන් ආණ්ඩුවේ නුවණට හුරු බව දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා පවසයි.

මන්තී‍්‍රවරයා පෙන්වා දෙන්නේ ගෝලීයකරණට ගැලපෙන, රටේ ස්වාධිනත්වය සුරැකෙන, සදාචාරත්මක ,රට දියුණුව කරා රැගෙන යන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ වැඩපිළිවෙලට රටේ සියලූම පාර්ශවයන්ගේ දායකත්වය සහිත ජාතික වැඩපිළිවෙලක් අවශ්‍ය වන අතර එවැනි නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ පුර්ණ සහයෝගය ආණ්ඩුවට ලබාදීමට සුදානම් බවයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත නොකළ යුතු බවට ශී‍්‍ර ලංකා අමරපුර රාමඤ්ඤ සමාගි‍්‍ර මහා සංඝ සභාව විසින් පසුගියදා නිකුත් කෙරුණු නිවේදනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්විමින් ඔහු මේ බව සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මන්තී‍්‍රවරයා මෙසේද පැවසීය

ජනාධිපතිවරයා විසින් සකස් කළ බව කියන 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඔහු හැර මේවනවිට මුලූ රටේ බහුතරයක් අකමැතියි. අමරපුර රාමඤ්ඤ නාහිමිවරුන් පවා එකාබද්ධව 20 වන සංශෝධනයට තමන්ගේ විරෝධය ප‍්‍රකාශ කර තිබෙනවා. එය ඉතාමත් අගය කළ යුතුයි.

මගේ මතය හා ස්ථාවරය වන්නේ ආණ්ඩුව මෙම සංශෝධනය වහා අකුළා ගත යුතු බවයි. ඉන් පසුව ආණ්ඩුව කළ යුතුව ඇත්තේ සියලූම පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම සදහා වන ජාතික වේදිකාවක් වැඩපිළිවෙලක් සකස් කිරීමයි.

20 වන සංශෝධනයේ සදහන් කිසිම කරුණක් මේ රටට යහපතක් සිදු නොකරන අතර එම සංශෝධයෙන් මේ අවස්ථාවේ මේ රටේ තිබෙන බරපතල කිසිදු ගැටලූවකට විසදුමක් ලැබෙන්නේ නැහැ. එම සංශෝධනය ගෙනෙන්නේ හුදු පෞද්ගලික ලාබ වාසි අපෙක්ෂාවෙන් මිසක රට ගැන හිතල නොවෙයි.

20 වන සංශෝධනය සම්මත කළ පමණින් මේ රටේ ජීවන වියදම අඩු වෙනවාද? ආර්ථිනුකය සංවර්ධනය වෙනවාද? රටේ විරැකියා ගැටලූවට විසදුමක් ලැබෙනවාද ? නැහැ.
78 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කළ එවක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා පැවසුවේ තමන්ට තිබෙන බලතල අනුව කළ නොහැක්කේ ගැහැනියක් පිරිමියෙක් බවට පත් කිරීම හා පිරිමියෙක් ගැහැනියෙක් බවට පත් කිරීමටත් පමණක් බවයි. නමුත් මම නම් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ගැහනියක් පිරිමියෙකු කරන්නත් පිරිමියෙක් ගැහැනියෙකු කරන්නත් තරම් බලතල තිබෙනවා. එවැනි බලයක් තිබියදි ඇයි ජනාධිපතිවරයා තවත් බලය වැඩි කර ගැනීමට සුදානම් වන්නේ?

ඇත්තෙන්ම 20 වන සංශෝධනය කියන්නේ සම්පුර්ණ විකාරයක්. එහි අඩංගු කිසිම කරුණක් රටේ උන්නතියට සහයෝගයක් දක්වන්නේ නැහැ.

එහි සදහන් වුණු එක් කරුණක් වුණේ ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක්විමට ඇති බාධාව ඉවත් කිරීමයි. මම 20 වන සංශෝධනයේ සඳහන් ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධ වන්නේ ඇයිදැයි මම මාධ්‍යවේදියෙක් මගෙන් ප‍්‍රශ්න කළා. එයට පිළිතුරු දෙමින් මම පැවසුවේ මම එම වගන්තියට විරුද්ධ වන්නේ නැහැ. මන්ද දැනටමත් ද්විත්ව පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ මහතා පිටත සිට මුලූ රටේම ආර්ථිකය මෙහෙයවනු ලබනවා. ඉතින් රටට එය ගැටලූවක් වන්නේ නැත්නම් මටත් ගැටලූවක් නැහැ කියල මම පැවසුවා. ද්විත්ව පුරවැසිභාවය අහෝසි කළොත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණේවි. එවිට අපට ඔහුගෙන් සෘජුවම ප‍්‍රශ්න කරන්න පුලූවන්. නමුත් මම ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක්වීමට අවස්ථාව ලැබෙනවා නම් ජනාධිපති අපෙක්ෂකයෙක්වීමට අවස්ථාවක් ලැබෙනවා නම් එයට මම විරුද්ධයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකිව තිබෙන මේ අවස්ථාවේ විපක්ෂයෙන් මන්තී‍්‍රවරු ආණ්ඩුවට ගැනීමේ සුදානමක් තිබෙනවා. එය ප‍්‍රසිද්ධ රහසක්. නමුත් මම හිතන්නේ නැහැ විපක්ෂයේ කවුරුත් ආණ්ඩුවට එක් වේවි කියල.

ආණ්ඩුව පත්වී වසරක් ගත වුණා. ආණ්ඩුව රටේ සෑබෑ ප‍්‍රශ්න යටපත් කිරීමට වෙනත් විවිධ ගැටලූ නිර්මාණය කරමින් ජනතාවගේ මනස වෙනත් පැතිවල යොමු කිරීමට සුදානම් වෙනවා. මෙවැනි ආකාරයේ වගකීම් විරහිතව ආණ්ඩුව කටයුතු නොකළ යුතුයි. කිසිම වැදගම්මක් නැති කාරණා වෙනුවෙන් රටේ සියලූම දෙනාගේ කාලය වැය කිිරීම ජාතික අපරාධයක්. ඊට වඩා රටේ පැතිර යන කොරෝනා වයිරසය පාලනය කර ගැනීමට හා රටේ තිරසාර සංවර්ධනය සඳහා අවංකව ඵලදායිව දායක විය හැකි නීතී රීතී වැඩපිළිවෙල සකස් කිරීම පිළිබද ආණ්ඩුව් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. එවැනි කාරණා වෙනුවෙන් විපක්ෂයේ අපගෙත් සහාය නිසැකවම ආණ්ඩුවටට ලබා දෙනවා. ඒ හැර 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත වැනි විකාරයකට අපේ කිසිදු සහයෝගයක් ලැබෙන්නේ නැහැ.

මනෝ ගනේෂන්
මාධ්‍ය අංශය

14,901 views

21 Comments to “පිරිමියා ගැහැනිය බවට පත් කරන්න ජනාධිපති උත්සාහයක.. 20ට ඔහු හැර බහුතරය විරුද්දයි..”

  1. විශ්වා වර්ණපේළි says:

    මනෝ ගනේෂන් කියන්නේ් කොටියෙක් අනේ

    • Suranimala says:

      හොර තක්කඩින්ගේ අමන දේශපාලනය අප්‍රසන්න වී තිබූ විට තමා ගෝටාබය දේශපාලනයට අවතීර්ණ උනේ. මේ හොර තක්කඩින්ගෙන් රට ගලවා ගැනීම සදහා රටට ආදරය කරන සිහලයෝ සියලු දෙනා ඔහුට චන්දය දුන්නා. නමුත් ඔහු සතු බලතල තවත් තක්කඩින් අතට පත්වීම නිසා බලාපොරොත්තු අපේක්ශාව ඉටුකර ගැනීමට ලැබුනේ නෑ .වර්තමාන සිද්දීන් දෙස බලන විට ඔහුගේ නියෝග ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. රට ගැන සිතා ජනාධිපති කලයුත්තේ කුමන බාධා පැමිනියත් 20 කඩිනමින් සම්මත කලයුතුයි.

  2. KDN says:

    The majority this fellow meant is corrupted politicos & all SJB Mps like him

  3. Nalin says:

    2015 ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් අල්ලා ගන්න ජනාධිපතිට පුලුවන්ද? 2015 දී 19ය ගෙනා අවස්ථාවේ ව්‍යවස්ථා 4ක් සංශෝධනය කරගැනීමට ජනමතයට කුමන්ත්‍රණය කළේ මහා මොළකරුවන් ය. ඒ අතර විජේදාස කූඹියෙකි..

    • Analyst says:

      ‘මා ජීවිතයේ දුටු ලොකුම ප්‍රෝඩාව’ තමා ම‌ෙය !!
      ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ PCR පරීක්ෂණයකින් පොසිටිව් වී කොරෝනා ආසාදිතය‌ෙක් බවට ප්‍රකාශ වීමත් සමගම ඔහුගේ සොහොයුරිය වන Katia Aveiro ඉහත ප්‍රකාශය කලාය.ලොව මිලියන ගනන් මිනිසුන් මුලා කර කිසිම රෝග ලක්ෂණයක් නැති අය හුද‌ෙක් PCR පොසිටිව් යන කාරනය මත පමනක් පදනම්ව සමාජය‌ෙන්, ක්‍රියාකාරිත්වය‌ෙන් ව‌ෙන් කර තබා ඇති බවට ඈ චෝදනා කරයි.
      “I believe that, today, thousands of people who have come to believe so much in this pandemic, in the tests and the measures taken will, like me, see it is the biggest fraud I’ve seen since I was born.
      “A phrase that I read today and that I stood up to applaud: ‘Enough fooling the entire world’. Someone, open your eyes, please.”

  4. පොට්ටුවේ පඩි තකා says:

    කාගේ හරි අතපල්ලෙන් වැටිලා, අතවර , වංචා, වදහිංසා, පීඩා වලට යටත් වෙලා අරමුණක් නැතුව එදාවේල කාලා ජීවත් වෙන්න කැමති බහුතරයක් ඉන්න රටක් මේක. රොබර්ට් නොක්ස් ගේ පොත කියවලා තිබ්බනං දන්නවා රජකාලේ අපේ රටේ මානව හිමිකම් කොයි වගෙද කියලා. තුනෙන් දෙක දිිපු උන් දැන් හුල්ලපන්.

    • Nimal says:

      රොබර්ට් නොක්ස්ලට දීගෙන හිටපන්, උන් නෙමේද අපි මේ තත්වෙට අදාල දැම්මේ?

      • පොට්ටුවේ පඩි තකා says:

        ගොන් බි_ජෝ , 20 කියවල හිටපන් ඔක්කොටොම කලින්. දකුණේ පුන්නක්කු කන බය්යන්ට මොලේ නැති එක තමා ලොකුව අවනඩුව. මේ ව්‍යවස්ථා සංශෝදනයෙන් පස්සෙ, රටේ මහඑකා ඇවිත් උඹේ දුව හරි ගෑණි හරි ඉල්ලුවොත් කැමති හෝ අකමැති හෝ දෙන්න වෙනවා. විරුධව කට ඇරියොත් නඩු නැතුව කෙලින්ම වල පල්ලට යන්න පුළුවන්. මේක ගෝටාත් එක්ක තියන ප්‍රශ්නයක් නෙමේ, මේක බලයට එන ඕන පක්ෂෙක පාලකයකුට අවභාවිතා කරන්න පුළුවන්.

  5. Amaris says:

    20 ට විරුද්ධවන උන් ගත්තොත් ඔක්කොම මේවගෙ සිංහල විරෝධී කල්ලතෝනී නැත්නම් අන්ත වාදී හම්බයෝ එසේත් නැත්නම් NGO ණ්කුක්කෝ. ජනාධි පතිට පූර්ණ බලය තිබුනානම් රට වනසපු රිශාඩ්ල වගේ උන්ට මෙපමන සෙල්ලම් දාන්ඩ ලැබෙන්නෙත් නෑ. මොහු අත් අඩංගුවට ගැනීමට මෙතරම් වෙහෙස දරන්ඩ අවස්‍ය නෑ. 69 ලක්ශයක් ජනතාවගේ අපේක්ෂාව ජනපතිට පූර්න බලය ලබා දී හොරකම හා අන්තවාදය මුලිනුපුටා දැමීමයි. මෙයට විරුද්ධ පොහොට්ටුවේ තක්කඩි දේශපාලුවන් සිටී නම් ඔහුන් කනෙන් අල්ල එලියට දැමිය යුතුයි .

  6. Ranjan says:

    Anne Sir wandinnan mata Emathi pattamak denna ethkota okkoma shape. Mata echcharai onne.

  7. ඩිංගිරි says:

    20 කොහොම වෙතත්, මරාගෙන මැරෙන ඉස්ලාමීය අන්තවාදීන්ගේ බෝම්බ වලට අහුවෙලා මිනිස්සු සිය ගණන් මැරුණට පස්සේ පන නැති ජනාධිපති කෙනෙකු වෙනුවට මරාගෙන මැරෙන කොටින්ව පරදවපු වැඩක් කොරල පෙන්නපු කොන්දක් තියෙන කෙනෙක් මෙරට ජනධිපති කොරන්න ඕනේ වුනු නිසා තමයී බහුතරයක් ජනතාව ජනාධිපති තුමාගේ බලය දියාරු කොරපු 19 වෙනස් කොරනවා කියල කියපු වර්තමාන ජනාධිපති තුමාට චන්දෙ දුන්නේ. බෝල වගේ අන්තවාදීන්ටයී, ඉන්දියාවටයී බටහිර රටවල් වලටයී සල්ලි වලට කඩේ යන අම්මව උනත් විකුණන් කන පට්ට වෙසියෝ කීප දෙනෙකුගේ උවමනාවට එක වෙනස් කොරන්න දෙන්න කොහොමවත්ම බැහැ. එච්චරයී. තොපි ගිහින් මැරියන්.

  8. බන්ඩා says:

    මිනීමරැ ආගම්වාදීන් පැතුරන ඒකීය ලංකාව ඒකීය රටක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනතාව විසින් කෙලින්ම තෝරා පත්කර ගත් ජනාධිපතිට නීතිමය බාධාවන් නොතිබිය යුතුය්.

    • හෙලයා says:

      එදා ගෝටාට චන්දෙ දුන් 69 ලක්ෂය අදත් 19 එපා කියල චන්දෙ දෙන්නේ සජියට නොව ගෝටා ටය්.

    • ක්‍රිමිනල් says:

      ඉස්සෙල්ලා රිශාඩ් බදුර්දීන් හොයාගෙන හිටහං බං ! 😂😂😂😂😂😂

  9. ක්‍රිමිනල් says:

    මෝඩ වෙන්ඩ (වොන බී) දේශප්‍රේමී බෛයො ෆෝම් වෙලා ! මුං කොච්චරටම ගොං ද කියනවනං මුන්ගේ ආධ්‍යාත්මික නායකයා වෙච්චී මහින්ද රාජපක්ශ මහත්තයා දරන අගමැති ධූරය නාම මාත්‍රික කොට , එකාධිපතිවාධී වියවස්ථාවක් ගේන්න දගලන දැගලිල්ල.

    ප.ලි; මාගේ මතය නං අරක කරන්න බෑ , මේක කරන්න බෑ තුනෙන් දෙක නෑ කියපු බෛයන්ට තුනෙන් දෙකෙන් කරපු ලබ්බක් නෑ ,දැන් 20 නැතුව මෙලො දෙයජ් කරන්න බෑලූ , 20 ත් සම්මත කරලා දීලා අපිට බලාගෙන ඉන්න තියෙන්නේ මේ ජෝකර්ස්ලා ටික රට ගොඩ දාන අපුරූව.මුන්ට 20 නෙමේ සර්වබලධාරීයගේ බලේ දුන්නත් බෑම තමයි.

    • narada says:

      ක්‍රිමිනල් අහගනින් හොදට, මේ රටටට කරන්ට තියන වින්නැහි ඔක්කොම කලේ උබ ඔය වහල්කම් කරන උබගේ හාම්පුතලා, උබ තවත් ලැජ්ජා/රෙදි නැතුව කඩේ ගියාට මේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සු එහෙම නෑ බන්, උබට මොලේ නෑ කියල අපි පලිද, නිකම් මෝඩ කම ප්‍රදර්ශනය කරන්නේ නැතුව හිටපන් බං, උබ කියපු කිසිදෙයක් මෙතුවක් කල් හරි ගිහිල්ලත් නෑ හරි යන්නෙත් නෑ, නිකම් හිතළු

    • kamal says:

      ලොකුම විහිලුව,
      ගොනාට පේන්නේ අනිත් උන් ගොන්නු වගේ,
      වහලට පෙන්නේ අනිත් උන් වහල්ලු වගේ,
      පිස්සට පෙන්නේ අනිත් උන් පිස්සෝ වගේ,
      මෝඩයට පෙන්නේ අනිත් උන් මෝඩයෝ වගේ

      ක්‍රිමිනල් මේ ඔබේ අවධානය පිණිසය

    • Hudson says:

      Punnakku bayyanta yamak therum kala diya nohaka. mun okkoma pissu ballan men hapan kamata witharak train kara atha.

      • kamal says:

        හුටා Hudson/ක්‍රිමිනල් කියන්නේ එකෙක්ද ? මොකක්ද ඔය මහත්තයා තෙරුන් කරන්ඩ හදන්නේ, අපේ රට අනතුරේ කියලද ?, economy එක කඩ වැටෙනවා කියලද? අපිට යහපත් අනාගතයක් නැති වෙනවා කියලද ? එකම විකල්පය නව ලිබරල්වාදය / සමාජවාදය කියන එකද ?

    • ක්‍රිමිනල් says:

      20 ත් සම්මත කරලා දෙමු යහළුවනේ ! නැත්තං මුං කියයි ,20 සම්මත කරගන්න බැරි වුන හින්දා මෙලො දෙයක් කර ගන්න බැරි වුනා කියලා 😏! 🤣🤣🤣

  10. S.Vitharana says:

    මනෝට අර කියපු දේ කරනව නම් 20 ට නෙවි 50ටත් අපි සපෝට් බං. අන්න කරනවනම් නල්ල වෙීලෙයි.

Leave a Comment