පිරිමි නර්ස් කෝටි 2.11කට නුගේගොඩින් ඉඩමක් ගනී.. මාසෙ පඩිය තිස්හතර දාහයි..

February 23, 2017 at 12:00 pm | lanka C news
පිරිමි නර්ස් කෝටි 2.11කට නුගේගොඩින් ඉඩමක් ගනී.. මාසෙ පඩිය තිස්හතර දාහයි..

පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු හෙද සේවක සමන් රත්නප‍්‍රිය රුපියල් ලක්‍ෂ 211කට නුගේගොඩින් ඉඩමක් මිලට ගෙන ඇති බවට පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ චෝදනා කරති.

රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාගෙන් ගත් මුදල් වලින් මෙම ඉඩම ගන්නට ඇතැයිද පවසන උන් වහන්සේ මෙම කරුණු අසත්‍ය තම් තමනට නඩු දමන ලෙසද ඉල්ලා සිටියේය.

මසකට තිස්හතර දහසක පමණ පැටුපක් ලබන වෘත්තිය හෙද සේවකයෙක වූ සමන් රත්නප‍්‍රිය මෙතරම් මිල අධික ඉඩමක් මිලට ගත්තේ කෙසේදැයි උන් වහන්සේ වැඩි දුරටත් ප‍්‍රශ්න කලහ.

හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහනේදී උන් වහන්සේ මේ අදහස් පල කලේය.

වීඩියෝව මෙතනින්

278 views
Main News