පිරිමි නර්ස් ලා තවත් වැඩි කරන්න යයි…
December 3, 2017 at 4:40 pm | lanka C news
හෙද සේවාව සදහා පුරුෂ පක්ෂය මෙතෙක් බඳවා ගන්නා ලද සියයට 5 සීමාව සංශෝධනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
ඒ සදහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතාට දැනුම් දී තිබේ. සෞඛ්‍ය වැය ශිර්ෂය පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීම සදහා පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
දිවයින පුරා රෝහල්වල හෙද හිගයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මෙහිදී පෙන්වා දුන්හ. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ හෙද හෙදියන් 10.000 ක් පමණ හිගයක් ඇති බවත්, ඒ සදහා පිළියමක් ලෙස හෙද විද්‍යාල සංවර්ධනය කර පුහුණු කරන හෙද හෙදියන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන ඇති බවයි. තව ද හෙද පීඨයක් ද ස්ථාපිත කර හෙද උපාධිධාරින් 2000 ක් එකවර පුහුණූ කිරීමට නියමිතය.
හෙද සේවාව සදහා මේ වන විට පිරිමින් බඳවා ගන්නේ සියයට 5 ක් පමණයි. එය සංශෝධනය කරන ලෙස වෘත්තීය සමිති ද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබුනි. ඒ අනුව සියයට 5 සීමාව සංශෝධනය කර කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සුදානම් වෙයි. එවිට මෙම ගැටලුව නිරාකරණය කර ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවේ පැවැති මෙම රැස්වීමට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සියලුම අතිරේක ලේකම්වරු, අධ්යක්ෂවරු, ආයතන ප්‍රධානීන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ද එක්ව සිටියහ.
– ප්‍රසන්න අධිකාරී
Nursing is 100% female. 100% CEOs should be women, 100% of all employment should be for WomenOnly(TM).
We want equal rights!!!!!!
Please come and watch our women’s cricket team.
ඒ බඳවා ගන්නා අයගෙ කාර්යය වෙන්න ඕනෙ පුරවැසියන්ගෙ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්. රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමත් යන කාරනා දෙකයි.
Rathnapriya sahodaraya wage… lol…
if male come moor.. NO WORK.. only strikes
Rathnappriyata dan sathutu athi. E mokada purawasi balaya thawa wadi karaganna puluwan wevine .