පිරිමි මල සිරුරක් ජලාශයේ පාවේ..

February 24, 2020 at 2:04 am | lanka C news
පිරිමි මල සිරුරක් ජලාශයේ පාවේ..

ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පිරිමි මල සිරුරක් (23) දින පස්වරුවේ සොයාගත් බව තලවකැලේ පොලිසිය පැවසිය.

ඉහල කොත්මලේ ජලාශයේ දුම්රිය පාලම යට තිබි මෙම පිරිමි මල සිරුර සොයාගත් බවත්, එම සිරුර මෙතෙක් හදුනාගෙන නොමැති බවයි තලවකැලේ පොලිසිය පැවසුවේ.

සොයාගත් සිරුර වයස අවුරුදු 20- 30 පසුවන අයෙකුගේ සිරුරක් බවට තලවකැලේ පොලිසිය සැකකරයි.

සොයාගත් සිරුරේ සාක්කුවක් මත ජංගම දුරකථනයක් තිබෙන බවත්, සිරුර දින ගණනාවක් ජලාශයේ තිබිම නිසා සිරුර දැඩි ලෙස නරක් වි ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඉහල කොත්මලේ ජලාශයේ තිබි හමු වු සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,270 Viewers
Main News