පන්දු යවන්නා පොල්ලකින් ගහයි.. පිතිකරුවා මරුට…
September 25, 2016 at 5:34 pm | lanka C news
ක්රිකට් ක්රිඩාවේ නිරත වෙමින් සිටි තරුණයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එක් අයෙකු මිය ගොස් තිබේ.
මතුගම හොරවල ප්රදේශයේ සිදුව ඇති මෙම සිදුවීමෙන් මිය ගොස් ඇත්තේ 16 හැවිරිදි පාසැල් සිසුවෙකි.
පන්දුවට පහර දෙමින් සිටි මෙම මිය ගිය තරැුණයා පන්දු යවන්නාගේ පන්දුවක් වයිට් පන්දුවක් යයි කියා ඇති අතර පන්දු යවන්නා එය ප්රතික්ෂේප කරමින් පිතිකරුවාට පොල්ලකින් පහර දී ඇත.
එම පහර වැදීම නිසා පිතිකරු ලෙස තරැණයා මරණයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් හය දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.