පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් එන බව ජනපති කියයි..

January 22, 2018 at 8:02 am | lanka C news
පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් එන බව ජනපති කියයි..

ජාති,ආගම්,වර්ණ බේදයෙන් තොරව මේ රටේ සියලූ ජනතාව එක්ව තමා ජනාධිපති ධූරයට පත්කරගත්තේ නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් මෙන්ම පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් පිළිබද අසීමිත අපේක්ෂා පෙරදැරිව බව පැවසූ ජනාධිපතිතුමා සැමදා ජනතාව සමග කටයතු කරමින් එම අභියෝග ජය ගන්නා බව ප‍්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (21) පස්වරුවේ මඩකලපුව ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

ජාති, ආගම් බේදයකින් තොරව මඩකලපුව දිස්ති‍්‍රක්කයේ අතිවිශාල ජනතාවක් මෙම ජනහමුවට එක්ව සිටී අතර, අතිබහුතර වූ ද්‍රවිඩ ජනතාවකගෙන් කි‍්‍රඩාංගණය පිරි ඉතිරි ගොස් තිබුණි.

ජනහමුව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජාති, ආගම් බේදයකින් තොරව රටේ සියලූ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමා පෙනී සිටින බවයි.

සංවර්ධනයෙන් අතපසු වූ මඩකලපුව දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය වේගවත් කරමින් ජනතා ගැටලූ විසදීම සදහා තමා සමග කටයුතු කිරීමට නව සංවිධානයක් දිස්ති‍්‍රක්කය තුළ ස්ථාපිත කරන බව ද මෙහිදී පැවසු ජනාධිපතිතුමා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කරවිය යුතු බව ද කියා සිටියේය.

රට ඉදිරියට ගෙන යාමට සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ජාති, ආගමි බේදයකින් තොරව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැදගන්නා ලෙස ද මෙහිදී ජනතාවට ආරාධනා කළ ජනාධිපතිතුමා රටේ ජනතාවගේ මුදල් සොරාකෑ කිසිවෙකුට ජනතාව සමාව නොදිය යුතු අතර ඒ කිසිවෙකුට සමාව දීමට තමා ද සූදානම් නොමැති බව අවධාරණය කළේය.

කි‍්‍රඩාංගණයට රැස්ව සිටී ජනතාවගෙන් මෙහිදී ජනාධිපතිතුමාට හිමිවූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මඩකලපුව දිස්ති‍්‍රක් සංවිධායක ජී. හරිදරන්ගිරි මහතා විසින් සංවිධානය කර තිබූ ජන හමුවට ශී‍්‍ර ලංකා ජනතා ජාතික පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විෂ්ණු කාන්තන්, මඩකලපුව පත්තිරිප්පුව, කල්කුඩා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ඇතුථ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කි‍්‍රයාකාරීන් රැසක් ද එක්ව සිටියහ.

ටී.එම්.වී.පී පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික එරාවුර්පත්තු ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති තම්බිනායගම් කලේන්ද්‍රන් මහතා මෙහිදී ජනාධිපතිතුමාට සහය පළකරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එක්විය.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

31 views

25 Comments to “පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් එන බව ජනපති කියයි..”

  1. රනිය says:

    බොරු කියන්න එපා හිටන්, කෝ පහු උන චන්දෙදි කියපු ලම්බොගිනි, රත්‍රන් අස්සොයො, හෙලිකොප්ටර්. තව බොරු කියන්න කලින් එව්වවා පෙන්නල හිටන්

  2. indunil says:

    2015 janawari wenasa apirisududa?

Main News