පිරිසුදු දෑත් ඇති මිනිසුන් ප්‍රධානත්වයට පත් කලහොත් කෙටි කලක් තුළ ගොඩනැගිය හැකියි..

July 25, 2019 at 5:30 pm | lanka C news
පිරිසුදු දෑත් ඇති මිනිසුන් ප්‍රධානත්වයට පත් කලහොත් කෙටි කලක් තුළ ගොඩනැගිය හැකියි..

ඉදිරියේදි ලෝකයා මුහුණදෙන ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ ගැටලුවලට ශක්තිමත් ජාතියක් ලෙස මුහුණදිම සඳහා සාම්ප්‍රදායික “කෘෂිකර්මය යෝධ පිම්මක් ඉදිරියට පැන කෘෂිකර්මාන්තයක් බවට පත්විය යුතු බවත්”, විශේෂයෙන් එහිදි නවීන කෘෂි තාක්ෂණික ශිල්පක්‍රම වහ වහා ග්‍රහණය කරගත යුතු බවත්, කථානායක කරු ජයසුරිය මහතා පැවසිය.

තවදුරටත් භූමිය වැඩි කළ නොහැකි නමුත්, භූමියේ ඵලදායිතාව බෙහෙවින් ඉහළ නැංවිය හැකි බව කී කථානායකවරයා දහඩිය හෙළන මිනිසුන් ගෞරවයට පාත්‍රවිය යුතු බවත්, ඔවුන් උපන් බිමට බරක් නොමැති බවද සඳහන් කළේය. රට පුරා විසිරි සිටින පන්ලක්ෂයකට අධික කුඩා තේ වතු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් ලක්ෂ 30 කට ආසන්න ප්‍රමාණයක් කුඩා තේ වතු ආර්ථිකය හරහා අභිමානයක් සහිත මිනිසුන් ලෙස ජීවත් වන බවද, කථානායකවරයා පැවසුවේය.

ඒ බව සදහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වැවිලි සවිය ජාතික සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.

බටහිර ජාතීන් අප මාතෘ භූමියට හඳුන්වා දුන් වැවිලි ක්ෂේත්‍රයන් ගණනාවක් අතරින් වර්තමානය වන විට තේ වගාව පමණක් ශතක්තිමත් ව පවතිනුයේ යැ’යි කුඩා තේ වතු හිමියන්ගේ දායකත්වය නිසා බවද කථානායකවරයා පෙන්වා දුන්නේය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, නියෝජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් , කුඩා තේ වතු සංවර්ධන අධිකාරයේ සභාපති විජේරත්න දේවගෙදර ඇතුළු පිරිසක් එක් වු වැවිලි සවිය 2019 සම්මාන උළෙලේදි කුඩා තේ වතු ක්ෂේත්‍රය ප්‍රවර්ධනය උදෙසා කැප වී කටයුතු කළ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ විශිෂ්ඨතම නිලධාරින් උදෙසා සහ තේ ගොවියන් උදෙසාද සම්මාන පිරිනැමිණි.

මෙහිදි විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුනර්ජිවනය උදෙසා විශේෂිතම කැපවීම් කළ ජන නායකයින් දෙදෙනකු සිහිපත් කරමින්, ගාමිණි දිසානායක අනුස්මරණ සම්මානය සහ රත්නසිරි වික්‍රමනායන අනුස්මරණ සම්මානයද ක්ෂේත්‍රයේ විශිෂ්ඨයින්ට ප්‍රදානය කෙරුණි.

මෙම සම්මාන ප්‍රධානොත්සවය අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වු කරු ජයසුරිය මහතා සඳහන් කළේ නිදහස ලබන විට ලෝක වෙළඳපොලේ ශ්‍රි ලාංකාවට අපනයනයේදි හිමිව තිබු ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනිමට නොහැකි විම ආර්ථිකය නැගි සිටිමට ප්‍රධාන බාධාවක් වු බවයි.

කථානායකවරයා මෙසේද කිවේය.

කෘෂිකර්මය හා කෘෂිකර්මාන්තය අතර වෙනස අප වටහා ගත යුතුය. කෘෂිකිර්මයේදි සිදු වන්නේ බිමි සකසා වගා කිරිමටත් , අස්වැන්න නෙළා ගැනිමත් පමණයි. නමුත් කෘෂිකර්මානතය කියන්නේ ඊට වඩා ඉදිරියට ගිය අවස්ථාවක්. වගාවට අවශ්‍ය පොහොර ,කෘෂි රසායන වැඩි දියුණු කළ බීජ , තාක්ෂණික උපකරණ නිපදවීමත්, කෘෂි නිෂ්පාදන අගය එකතුකළ නිපැයුමක් ලෙස එළිදැකිවීමත්, කෘෂිකර්මාන්තයේදි සිදුවනවා. එවැනි කෘෂිකර්මාන්තයක් තුළින් පමණයි අනාගත පරපුර තුළ මේ කෙරෙහි විශ්වාසය උනන්දුව ජනිත කළ හැක්කේ. තරුණ තරුණියන් තම ජීවනෝපාය තෝරා ගන්නේ එයින් ලැබෙන ආදායම ගැන ‍සලකා බලාය. එසේ නම් තෘප්තිමත් විය හැකි ආදායමක් ලැබෙන රැකියාවක් ලෙස කෘෂිකර්මාන්තයේ යෙදිමට නම් කෘෂි තාක්ෂණය වහාම ආදේශනය කළ යුතුයි.

වසරකට වරක් කෘෂිකර්මය විෂය පිළිබඳව හොඳ දැනුමක් සහිත උපාධිධාරින් විශ්වවිද්‍යාලවලින් එළියට ආවත්, ඔවුන්ට තමන්ට ලැබුණු දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි පරිදි පරිසරය නිර්මාණය වී නැත්නම් ඵලක් නැත. ඒ නිසා කෘෂිකර්මයට සම්බන්ධ සෑම අමාත්‍යංශයක්ම දියුණු ආනාගත දැක්මක් සහිතව කටයුත් කළ යුතුයි. අද වැවිලි සවිය සම්මාන උළෙල වැදගත් උත්ප්‍රේරණයක්, කුඩා තේ වතු ක්ෂේත්‍රයට ලබා දෙන අවස්ථාවක්. නිරන්තරයෙන් ඇගයීම සෑම ක්ෂේත්‍රයකට අත්‍යවශ්‍යයයි. විවේචනයට, පරිභවයට වඩා අගය කිරිම හා ප්‍රශංසා කිරිම තුළින් විශිෂ්ඨ ප්‍රතිඵල අත්කර ගත හැකියි.

ගෙවි ගිය වසර 04ක කාලය තුළ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය අත්පත් කරගෙන ඇති සෑම ජයග්‍රහණයකටම මෙම මූලධර්මය ඉවහල් වි ඇති බව පෙනේ. මෙවැනි ඇගයීමක්, සම්මාන උළෙලක් මේ ක්ෂේත්‍රයේ කිසිදවසක තිබි නැහැ. එම නිසා මෙම සංකල්පය ඵලදායි ලෙස යොදා ගනු ඇතැ’යි විශ්වාස කරනවා.

හෘද සාක්ෂියට එකඟව පිරිසුදු දෑතින් යුතුව මහජන සේවයට කැප වන නිර්මාණශිලි මිනිසුන් ආයතන ප්‍රධානින් ලෙස පත්කළ හැකි නම් මේ රට, රාජ්‍ය ආයතන පද්ධතිය කෙටි කලක් තුළ ගොඩනැගිය හැකි බවද එහිදි නිවැරදි පුද්ගලයින් තෝරා ගැනිම දේශපාලන අධිකාරියේ වගකීම බවද කථානායකවරයා පැවසීය.

– කතානායක මාධ්‍ය අංශය

17,236 Viewers

15 Comments to “පිරිසුදු දෑත් ඇති මිනිසුන් ප්‍රධානත්වයට පත් කලහොත් කෙටි කලක් තුළ ගොඩනැගිය හැකියි..”

  1. බුවා says:

    දැන් 78 ක් නේද.

  2. Gotaimbara says:

    that is why Heenbaba Seeya is supporting Ranil

  3. HENA says:

    umbeth baila witharai karu..

    pala gedara yanna…

  4. HENA says:

    ane bambuwa..thoth ekai..unge maha eka wage..

    detol dala hoda ganiyaw..thope dath

  5. Watchman says:

    ශ්‍රී ලංකාව කටයුතු භාරව අප්‍රකට ක්‍රියාන්විතයක යොදවා ඇති අග්‍රාණ්ඩුකාරයෙක්
    අද සියල්ල පසු පස සිටී.නීති බලධරයන්ගේ ද්විත්ව පුරවැසිභාවය,ඇමෙරිකාවේ එංගලන්තයේ ඇති වත්කම්, බටහිරට ඇති විවිධාකර බැදීම යනාදිය ප්‍රාණඇපයට ගෙන නීතිය කණේ වැලි ගෑවෙන තරමට නැමීමට තරම් විශේෂඥයෙකි ඔහු… අතීතයේ පාවා දෙන්නන් ජෝන් ඩොයිලි පාමුල වැද වැටුන ලෙසටම නූතන පාවා දෙන්නෝ මොහු දෙපාමුල වද වැටෙති,යාප්පු වෙති.ඔවුන්ට ඔහු සර්වබලධාරීය…..
    නොහිමි සිරි පිරි ඇමෙරිකා නම් දේසයෙන් සැපසේ උදුල්
    දිලුම් තෙද කිත් රොබට් බ්ලේක නම් යැංකි සමිඳුනි ගුණ නිමල්
    කුසුම් මිණි මුතු බෝග,නඩුහබ එතෙර ඇතිගම් බිම් සියල්
    උතුම් දෙවියන් නමට බේරා දෙන්න නමදිමි පා කමල්

    • කනේ වැලි says:

      හ්ම් හ්ම් තේරැනේ දැන් තමා ….. නීතිය විතරක්යෑ විනිසුරැවන්වත් නවනවා නොවෑ කනේ වැලි ගෑවෙනකම්.
      ACSA ගිවිසුමට අත්සන් කල එක්කෙනාව බේරෙනවා…අධිකරණය විශ්මිත තීන්දු දෙනවා…කනේ වැලි වලින් තීන්දුව හිතා ගත්තැහැකි..

  6. Cyril says:

    Magulak kiyawanawa meya. Pahugiya kale api dakka batahira thanapathiwaru watakaragena kumanthrana karana hati.mewa karapu minissunge daath pirisidu na oi

  7. gadol says:

    පිරිසුදු දෑත් ඇති අයද ඔබේ පක්ෂේ ඉන්නේ ලැජ්ජා වෙන්න ඕනේ

  8. sw says:

    අපිරිසිදු තක්කඩියෙක් .

  9. Gonsun says:

    Vayasata gihin mola den weda nokaranne
    Lokuwata pippila penunata mola his ne
    Sudu enda gattha paliyata nehe rajawenne
    Sihina nobala pension gena chutha wenne

    Pakshagrahi thuttu deke weda keruwama
    Hudee janaya note karala hithata aragena
    Welawa awama denawa gedara yannata
    Ita passe yanawa ooi mahana vennata

  10. EX UNP says:

    Dear Man..

    Yes if some one with clean hand and without foreign agenda can re build the country which you all are responsible for the disaster as at today…

    But clearly you are not the clear handed man.. you are foreign puppet. the way you behave and conduct parliamentary affairs are much proven and visible now…You are nothing but loads of shit….Shame to our school Ananda collage. You are the weakest and irresponsible speaker in sri lanka history.

    You are one sided , partial and having favarations… You are not good to govern my country.. Please stay and live a rest of your life without further politics.. you are old , weak , cunning man in the parliament..

    You are loads of dog shit….

  11. john says:

    GEDERATA WELA BUDIYA GANIN NAKI PISSA….

  12. පොරමෝලා says:

    මොහු සී අයි ඒ ඒජන්ත වරයෙක්